පුන් සඳද ඔබ මාගේ | Pun Sandada Oba Mage by Nilanga Silva

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි
සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

රෑ තරුණයි උණුසුම් සයුරයි
රෑ තරුණයි උණුසුම් සයුරයි
ගුලි වෙන්නද මං හරි සීතයි
හිනැහෙන්නකො දැන් හරි ආසයි
ගුලි වෙන්නද මං හරි සීතයි
හිනැහෙන්නකො දැන් හරි ආසයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

මේ අඳුරයි හැඟුමන් දැහැනයි
මේ අඳුරයි හැඟුමන් දැහැනයි
සිපගන්නකො මං හරි ආසයි
මුමුනන්නකො දැන් මට පාලුයි
සිපගන්නකො මං හරි ආසයි
මුමුනන්නකො දැන් මට පාලුයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි
සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

සඳ කින්නරාවි මාගේ | Sandakinnaravi Mage by Nilanga Silva

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

හැඟුම් වශී වු අන්ධකාරේ
කොපුල් මතින් සුසුම් පිටාරේ
සිහින් සරින් වයන් සිතාරේ
අවුල් තැවුල් ඉතින් අවාරේ
උතුරා හැලෙනා දෙනෙතේ ගිලෙන්නේ
මේ හීන් සැරේ

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

විරාමයක් කොහේද ආලේ
සරාගි ප්රේම ගින්න දෑසේ
දුහුල්ව ඇයිද ඇන්දේ සේලේ
අකීකරුයි හිතත් නොතේරේ
මුමුණා කියනා සවනේ හැංඟු
පෙම් මන්තරේ

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ