ඌරුජුවල් | Urujual by Shan x Rachchy x MinnyMe [2022]

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා

අපායට යමු කිව්වත් යං යං යං යං
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා

මෙහෙ බරටම කෝලහාලෙ, පිටින් බැස්සට කාරි නෑ ඩෝ මීක් කිව්වොත් Sorry පුතේ ගහල දානවා මහපාරේ,
අනවශ්‍ය ප්‍රශ්න දැම්මොත් කන්ඩම් වෙන්නෙ Random people වගෙ උන්ට බොරු සෛල දෙන්නෑ අපි මොකා උනත්

ශුවර් නෑ බං අදකාලෙ පාරෙ කාක්කො පිරිලා
සීයක් ආවත් ආපේ එවුන් යන්නෑ ලොවෙත් හැරිලා
Capacity නොදන්න උන්ගෙන් ගේම ඉල්ලලා නිස්කාරනෙ යන්න එපා මැරිලා මෙහේ වැඩ තියනවා පිරිලා.

බොනකොට ලොම්පේට් යනකං බොනෝ
අපි කොහෙගියත් බුදුසරණින් යාලුවො සලකනෝ
සිංහලෙන් කිව්වම එකපාරක් අහපං ගොනෝ,
ඇහුවොත් අපෙ Historyය බොලා ලොවෙත් වහ කනෝ

තනි කුණඩවාලෙ මල පැන්නොත් ලේසි වෙන්නෑ
අඩි පුඩි ගැහුවට දෙක දැම්මට බොලා වගේ වීසි වෙන්නෑ
කරකාරෙට ගත්තට උඹේ බාරි උඹේ දාසි වෙන්නෑ
තේරුම් ගනිං කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ

අපි නෑ ගූනං පාගන්නෙ, පොඩි වලි නෑ දාගන්නෙ
අනවශ්‍ය වැඩ නිසා නෑ නරකනාම ගාගන්නෙ
ආ පාරෙ නෑමං හරවන්නෙ , contract දීලා මරවන්නෙ,
හොඳ ප්‍රාන්තවල බෑහැපු උන්ට නෑ ගෝතයො දිරවන්නෙ

Imported High Quality බඩු මේවා
සැප නොදේ අතගෑවොත් Next Level නඩුමේවා
Buy & Sale Fix Price මේහේනෑ බං අඩුම ඒවා
බොලා තාම දැක්කෙනෑ ඩො එලිවෙද්දියිහොඳම ඒවා

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා

අපායට යමු කිව්වත් යං යං යං යං
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා

මම මටම | Mama Matama by Gloomy ft. Dr. BSKing, Dinuwa & MinnyMe [2020]

පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම
හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට
රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන
මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට
මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට
ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු
කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය
මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය
රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද
රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද
වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට

මේ සිංහ නාද කම්
හොරහින් කතා කරා
මට මාව එපා වී දැං
නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ
මට නිදියන්න ඕනා දැං නිදහසේ

මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
අර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙන
මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන

ඒ වයිවාරන ලෝකේ
කටින් කියවන එක තමා රෝගේ
සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ
නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ

කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත
මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට
නවතී ද ගග මුල් ආවට හරහට

පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්
පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්
නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්
ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්

අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන
බීඩිය ගහගෙන මරුසිය දැන දැන
බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන
සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
උඹ බැස්සට පොළොවට රස්තියාදු
මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු
දුක දෙද්දි හාදු මං වින්දා පාඩු
ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත
දාගෙන මීවිත හාමතේ වී හිඳ
වෙනසක් වේවිද කරුමෙකි ජීවිත
දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති
රෝලට කැරකෙන සාමාන්ය සිද්ධි
හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි
වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි
කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි
පාසිය ලොල් මට කාසිය නැත පිලි
සාපය වූ කලී ජීවිතේ විය පලි
කල මත පෙලට රළ වැදී සෙලවෙති
ධර්මය නැති මට කර්මය හෙල වැනි
සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි
වළ දැක පනිමි සමජේ මට රකුසෙකි
මේවත් පොඩ්ඩක් අහපන් පුතා
සිත්තරු මං බොල ඇන්දේ රටා
බඳින්නේ මං ගොතා උඹලාට රස කතා
වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා
මනසට හිත දියන් වෙලාවට කළට
රට වට නොමැත ගමන මගේ රැපට
තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම
මිනිස්සු මල්ලි

ගොඩක් දේවල් කරෙ හිතලමයි
හිතින් කරපු දේවල් විතරමයි
අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි
මට මම විතරමයි