කොමළි | Komali by Jagath Rasnayake [2023]

කොමළි ඔබ හින්දම
ඔය රුව හින්දම
හිත කුල්මත්වෙලා
සොකරී වගේමයි යන්නේම
ඉඟ ගස්සනෙම
ඔමරි පපා

ඔබ හින්දා හින්දා හින්දා කරදර
වින්දා වින්දා වින්දා නිදිමර
සුන්දර වෙන්නට ආලේ කතා
මම බින්දා බින්දා බින්දා සිල්පද
සින්දා සින්දා සින්දා හදවත
නැතිවම බැරි තැන මාගේ සුදා…..

හදවත ඉල්ලන තරුව ඔයා
අහසට යන්න එපා
තිස්සෙම තනිකම දැනෙන නිසා
තුරුලෙම ඉන්න හිතා
මැව්වේ හීනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා
නාවේ ඇයිදෝ කියලා ඇහුවොත්
තරහින් වාගෙ ඔයා
කෝලම් කාරිය කෝලම් තාලෙට
කෝලෙන් ඉන්න නිසා
යන්නට දෙන්නට බෑ මගේ සොකරිට
ලගින්ම ඉන්න සුදා

කොමළි ඔබ හින්දම
ඔය රුව හින්දම
හිත කුල්මත්වෙලා
සොකරී වගේමයි යන්නේම
ඉඟ ගස්සනෙම
ඔමරි පපා

ඔබ හින්දා හින්දා හින්දා කරදර
වින්දා වින්දා වින්දා නිදිමර
සුන්දර වෙන්නට ආලේ කතා
මම බින්දා බින්දා බින්දා සිල්පද
සින්දා සින්දා සින්දා හදවත
නැතිවම බැරි තැන මාගේ සුදා

written by Jagath Rasnayake