සිංහල Mashup Cover | Sinhala Mashup Cover by Sahangi Hansanjali

ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගේ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සිත සැනසිල්ල හිමි පාද සෙවනේ සැදී
සිත සැනසිල්ල හිමි පාද සෙවනේ සැදී
නෙක හැඩ පා ඔබේ පාද පරිචාරිකා

රූප සොබාවට මානෙන් උදම් වන
ආලෙත් සරී මගෙ ප්‍රාණෙත් සරි
ප්‍රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
නුවර ලදුන් සිටියාද මෙවන්
හංස විලේ පීනන්න ගොසින් මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්
ගුන්ද ගුදත් ගත ගත් ගත දොදොං මට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්‍රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්‍රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

රන් වන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද
රන් වන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද

පැහැසර ඔබේ ආ… දරේ… මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ… හද රිද්දනවා රහසේ
ම්….. ම්…..

ගැමුණු සෙනග එනවෝ | Gemunu Senaga Enawo by Sahangi Hansanjali [2020]

දූවිලි ගිනි දැල් ජාලා – රුපු හී තෝමර මාලා
වැහි පිට වැහි වට නොවැටී පවුරු දිය අගල් පීරා
සිව් හෙළ සිහනද පතුරව් සක් හඬ පාවඩ අතුරව්
බුද්ධ සාසනේ තව දිගු කල්ප කාලයක පැවැත්ම
අරමුණ එක මිටකට ගත් සිංහල මහසේනාවට
අවසර බෝයි හාමුදුරුවනේ
ගං ඉවුරෙන් එතෙර වෙන්ට

පලවා චත්රන – අල්ලා මියුගුණ – තිත්තඅම්බ – අඹ තොටින් විසුණු කර
එක ඉර බැස්මෙන් සත්රජ බල බිඳ ද්රෝණ මා කෙටූ ඉසුරු ගවර ඈ
රුපු බල හලු කර
සාරමසක් කපිසිය හා යුද වැද
හාලවහාණක – ඔද තෙද සිඳ බිඳ – තඹගම කුඹගම ජඹුගම ජයගෙන
ගැමුණු සෙනග එනවෝ දුටුගැමුණු සෙනග එනවෝ

දසමහ යෝධ පවර බල සත්තේ
ඡද්දන්ත කුලේ කණ්ඩුල නා මත්තේ
ගැමුණු සෙනග එනවෝ දුටුගැමුණු සෙනග එනවෝ

සතර අතින් විජිතපුරේ වාහල්කඩ දොරටු කඩා
අසනි කුංචනාද නගා ලැහැලි ගඩොල් යදොර හෙලා
සුරත් යවට පහර කකා සතුරු උපා උගුල් මකා
රජකම නොව බුදු සසුනේ පැවැත්ම තිර ලෙසම තකා
විජිතපුරය දිනුවෝ – මුණි බේරි හලඹ හැලුවෝ
විජිතපුරය දිනුවෝ – මුණි බේරි හලඹ හැලුවෝ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

යක්කුල රාවණා | Yakkula Rawana by Sahangi Hansanjali ft. Dinesh Tharanga [2020]

ඕම් නමඃ රාවණ
සූර්‍ය යක්කුල රාවණ
විපුල තෙද බල
පතල ලෝසිරි
තුපුල් මැඩලන ජීවනා

සකල කුල නර
පතිදු නාමය
දෙසින් මුමුණන
රාවණා
නිමල ලක් පුර
සිව්හෙලේ
රැව් දෙනා සෙත් ගායනා

නැගුනු රුකු බල
දවා අලු කර
සූර්‍ය යක්කුල රාවණ
සූර්‍ය යක්කුල රාවණ

දාසස් පුදන
පීලකුගෙන
සොහොන් වලින්
වඩිනු මැනේ
සූර්‍ර්‍ය වංශ ජාතක හෙල
රාවණ රජු පුදනු මැනේ

අග්නිපූප ගිනිජාලා
සකලදාස වඩිනුමැනේ
යක්ෂ අසුර නාරාක්ශ
සිව්හෙලයම රකිනු මැනේ
සිව්හෙලයම රකිනු මැනේ

රාවණා යක්කුල රාවණා
රාවණා යක්කුල රාවණා

සීගිරි ගල දේබැකරන්
ගල් අසුනට වඩිනු මැනේ
කුන්ඩලිහිනි ශක්ති හතෙන්
ලොව විස්කම් පානු මැනේ

දරනීතල යුග දුරහැර සිංහනාද
කරනු මැනේ
ඕම් නමඃ රාවණ රජු
සතර දෙසින් පුදනු මැනේ
සතර දෙසින් පුදනු මැනේ

රාවණා යක්කුල රාවණා
රාවණා යක්කුල රාවණා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here