රුං ගානා | Run Gana by Kochchi, Jizzy & Kaizer Kaiz [2022]

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

ඔය දෑසේ මා පැටලිලා
නිදි නෑ රෑ හීන ඉහිරිලා
හිත අස්සේ මා හිර වෙලා
ඔබේ සුසුම් ඉල්ලලා

ඉඟ නෙරියේ මත්වීලා
මධුවිත ගා රත්වීලා
හිත බැඳුනූ රූ නාරී
බැදේවී තුරුල්වෙලා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

හඳපානෙ මං යන්නේ මොකටැයි
හඳ ගාව මට සුර සැප නන් එමටයි
බොරුව චාටුව නම් මට අකැපයි
මට දෙන්නෙ කෝමද මම දෙන්නෙත් එහෙමයි

මට නම් පුරුදුයි කොච්චි සැර
පැණි රා හෙව්වෙ නෑ මං කොච්චි හැර
ලං වෙලා අනිත් උන් තොල් ලොංචි කර
වල් පැල හෙව්වෙ නෑ මල් පෝච්චි වල

ගහම මගෙ නම් මොටදැයි අත්තක්
මුලම දුන්නෙ නුබ මට හාද්දක්
ලඟට වරෙන් කියන්න බඩ්ඩක්
මම ආදරෙයි නුඹ ඉතිං පිලි නොගත්තත්

කෙල්ලො ඇති ඉතිං නානාප්‍රකාර
උඹ ලඟදි උන් ටික වෙයි විකාර
ඉඹපන් මාව ඕන නෑ විරාම
රුංගානා තාලෙ දීපන් රෑ පුරාම

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

written by Kalani Nadeesha & Kaizer Kaiz

මගේ වෙලා | Mage Wela by Ayesh ft. Jizzy [2022]

මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා

දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්

ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ

දෙදෙනා ඇවිදන් ගිය පාරේ
අද නෑ වාගෙයි මෙ අවාරේ
මතකේ පාරයි සිත මාගේ
තනිවම ඔබ ළඟ නැහැ මාගේ
තුරුලේ ඉන්නට පෙර වාගේ
යළි නොම ඒදෝ ඒ කාලේ
සැමදා මං ආදරයෙන්
පැතුවේ ලැබෙන්න ඔබමයි
තරහා නෑ කවදාවත්
සතුටින් හිදින්න හැමදාමත්

මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා

දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්

ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ

මතකෙට එනවිට
හවසක තවමත් අප
කළ කී දේ
දැනුනා සුපුරුදු සුවදම
විදි හැඟුමක උණුසුම ඒ
අවසර නැති සිහි නෙක
පාවෙන සිත සොයයි
අරුතක් මේ
නැවතුම නොදනිමි
එනමුදු මම තවමත් ගමනේ හේ
ගැළපිලි ගළපනු බැරි තැන වෙන්වුණ නුඹ ගැන නෑ කිසි තරහාක්
අලුවෙන තරමට ගිනි ඇවුළුනෙ කොහොමද තව නෑ උත්තරයක්
තහනම පැනවුන මගෙ සිත අවනත නෑ දන්නෙ නෑ ප්‍රශ්නෙ තරමක්
අකමැති විදියට උනත් ලියවුන හැටි වෙන්න ඇතිමේ අපෙ ඉරණම්

මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා

දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්

ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ

හෙට දවසේ වීරයෝ | Heta Dawase Weerayo by KAALI & Jizzy [2022]

ලියන්න කියන්න පාඩම් වැඩනම් බෝමයි
පප්පල බලන්න හවසට ඕනයි
අරිශ්ටෙ වෙනුවට කුරුම්බ ඕනෙයි
දුවන්න ඕනෙයි පනින්න ඕනෙයි විඳපුව බෝමයි

විඳපුව බෝමෙයි

නිවාඩුවට ගට අරං ගෙවැට පැනගෙන මහගෙන අහගෙන පැනේ

සේරුවට ගැට ගහං සරංලේ අරං වෙලෙන් පැනං දුවං ලෙලි ගහං දණේ විඳපුව බෝමයි

ඇලෙන් නහං නිල් ගොයං හැන්දෑවෙ ගුටි කාගෙන ගෙට යමං කියාගෙන බණේ

දම දමං වෙට්ටු අම්මට දුවගෙන කාමරේට ගිය අපි ලොකු වෙලා මචං අනේ විඳපුව බෝමෙයි

එකදා නවසිය ගණං වලදි සුද්ධ ගියා රට දාලා
එතන ඉඳන් හිටි උන් රතු කොල නිල් පාටින් රට හාලා
පහෙන් පහට අපි ගත්තා එක එක එක මරු සර්ලා
අපි ස ගත්තා ස රී ගත්තා ගා ගත්තා හා ගත්තා
ණය ගත්තා නා ගත්තා රී ගත්තා ගා ගත්තා

හෙට දවසේ වීරයෝ වෙන්නේ අපි තමයි
හෙට බිහිවන නායකයොත් වෙන්නේ අපි තමයි
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි

භවලත් බයිටොයි ජෙපි ගොට්ටන් හට බෙදුනද එක එක හැන්ද

රටේම නිධන් ගලට දුන්නද සිට යනකන් අඩ නින්ද

සයි ෆයි කතන්දරේකද තිබුනේ නැති සුන්දර රට වින්ද

රකින්ට නැගිට ගෙන හටනෙ වැටුන ලිං කටින වර ගොඩ හින්ද

සරුවට සාර කෙතෙන් කාගෙන හිටි එවුනුත් සංකාවේ ලංකාවේ

දරුවට පාර වහං මරු විකල්ලෙ මහ උන් මහපාරේ

නාටක පෙන්න හාරගෙන නිදාන දාගෙන හැදු සඳහිරු වේරේ

පාටක සාටක ඔතාන උරාන බිව්වනෙ රට සාරේ

අවුරුදු 20ක් විභාග ලිව්වය නම්බුව වහගන්න වලංගුය

ලොකු ලොක්කට දුක පුන්නෝතින් සුදුස්සගේ වෘත්තිය අවලංගුය

පීඩිත සාගත පන්තිය බැස්සෝතින් පාරට වැදුනා උන්ඩය

යුක්තිය හැංගිය ඇඳගෙන ජංගිය ලස්සන කාලය අපගේ පිච්චුන අනංග අංගය

කාලේ සුනංගුය වැටුනේ විලංගුය වැටුනේ විලංගුය

හෙට දවසේ වීරයෝ වෙන්නේ අපි තමයි
හෙට බිහිවන නායකයොත් වෙන්නේ අපි තමයි
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි

අද දවසේ වීරයෝ වෙන්නෙ අපි තමයි
අද විඳවන අපේ රටට ඉන්නෙ අපි තමයි
හදවතින් අපි මවුබිමේ හීන මවනවයි
රට හදනවා අපි දිනනවා රටට ආදරෙයි

මල් සරා | Mal Sara by Dimi3 & Jizzy [2021]

විද්දෙ මල් සරා
ගැළවෙන්න බැරි තැන් බලා
මට ඉන්න බැරි කරා
උඹ දුන්නු හැඟුම් ඒ නුරා

නිදි මර මරා
ලිව්ව සිතුවිලි පොත් පුරා
උඹ හුරු කළා හුරු කළා
සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්

හැමටම හොරා
මම ගත්තෙ උඹවම තෝරා
ඉන්නෙ මම දරා
ගන්න බැරි උනත් රෑ පුරා ඉතිං

ආලේ නුරා
උඹ ඒක හොඳටම කරා
උඹ හුරු කරා හුරු කරා
සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්….

සුකොමල තොලක්
වැනෙන වැනෙන වැනෙන බඳක්
හොළවද්දි තවත්
රට්ටු හදනව ඈට පදත් ..

මලක් වගෙ ළඳක් ඇගෙ මූණ දිළිසෙන හඳක්
කණ ඇවිස්සෙන කටහඬක්
කාටත් කාටත් තෙත් වෙන කඳක් ඒක

දඟකාර කෙරුම්
කටකාර කියුම්
කර කාර බඳින්නම් මං හා…

පරිවාර පිටින්
මගෙ භාරි කරන්
උඹ කැන්දන් යන්නම් මං ආ..

සිත්තම් ඇඳන් හීන පාට කරන්
මං ගෙව්ව හීනෙ පව් බාල කරන්
මම ආවෙ කාත් එක්කත් වාද කරන්
මගෙ පණත් උඹටම බාර කරන්

ඉතිං සාද කරන්න දැන් අවසරයි
උඹෙ සේද සළු මට කරදරයි
මේක හාදකමක් නෙමෙයි ආදරයක්
කෙල්ලෙ උඹයි මමයි පින්නයි මාරුතයක් හා හා

සංසාරෙ දිගයි ඒත් කාලෙ කෙටියි
මට ඉන්න ඕන උඹ හා
මන්දාරම් වැහිත් වැස්සා බාධා මැදින්
මාව අල්ලගනින් හා හා ..