රෑ අහසේ | Rae Ahase by Billy Fernando [2013]

සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනිවෙලා

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ

රෑ අහසේ තරු පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ

මතකයි එදා | Mathakai Eda by Billy Fernando & Umaria Sinhawansa [2019]

මතකයි එදා
අප හමුවූ දිනේ
දෙනුවන් අපේ
හමුවී හිනැහුනේ

කිසිවක් නොදොඩා
ආදරයේ හැගුමන් රහසේ
අද මගේ වෙලා
උතුරයි ආදරේ

අද අපේ වෙලා
උතුරයි ඒ ආදරේ…

බාධක හමුවේ
නොසැලී උන්නා
ආදර සිතුවම් මැවුනා

එක හද ගැස්මේ
සෙනෙහස විදලා
මේ පෙම් සයුරේ කිමිදුනා

මතකයි එදා
අප හමුවූ දිනේ
දෙනුවන් අපේ
හමුවී හිනැහුනේ

කිසිවක් නොදොඩා
ආදරයේ හැගුමන් රහසේ
අද මගේ වෙලා
උතුරයි ආදරේ

අද අපේ වෙලා
උතුරයි ඒ ආදරේ…

ජීවිත ගමනේ
එක වී සරනා
දෑතට දෑතක් බැදුනා
එක හද පැතුමේ
දුර යනු දෙදෙනා
මේ පෙම් සයුරේ කිමිදිලා

මතකයි එදා
අප හමුවූ දිනේ
දෙනුවන් අපේ
හමුවී හිනැහුනේ

කිසිවක් නොදොඩා
ආදරයේ හැගුමන් රහසේ
අද මගේ වෙලා
උතුරයි ආදරේ

අද අපේ වෙලා
උතුරයි ඒ ආදරේ…

Download the Official Audio from Here