මම ඔයත් එක්ක | Mama Oyath Ekka by Denuwan Kaushaka [2024]

හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරෙකල
මතක අතරෙ ඇහෙනවා තව
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩිකර
දිය කර හරිනවා කඳුලු විලසට…

මම ඔයත් එක්ක එක දවසක තනිවෙච්ච
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහගත්ත
වෙන හිතක් ලඟට කොහොමත් බෑ ලංවෙන්න
මුලු ආදරෙම හැම දාකම සුරකින්න
මම හොයපු මවපු හීන පොඩිකර
දියකර හරිනවා කඳුළු විලසට…

හිත නැවත්තුවත් බෑ මට පව් පුරවන්න
අද ඉන්න තැනක ඔයා හොඳින් හිනහෙන්න
තව හිතක් නොමැත ආයෙත්නම් රැවටෙන්න
මුලු ජීවිතයම විඳවන්නට ඉඩ දෙන්න
මම හොයපු මවපු හීන පොඩිකර
දිය කර හරිනවා කඳුළු විලසට…

හිතක් තිබුනා ඔබ ලබන්නට…

written by Sathyajith Lakmal

හිත හදපු බිඳපු | Hitha Hadapu Bindapu by Denuwan Kaushaka

ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්ද
ඔබ දිහා බලන් අතීතයම පොඩි කෙරුව
දැන් ඉතින් අපිට ආයෙත් බෑ හමුවෙන්න
මගෙ ජීවිතයම යම් දවසක මට දෙන්න

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

ඔබ මාත් එක්ක දුර දිග ගමනක් යන්න
ආදරේ තිබුනා අපි දෙන්නට ඇතිවෙන්න
ටික දවසයි ගතවුනෙ සේරම නැතිවෙන්න
ඒ අතීතයම විසි කෙරුවේ ඇයි මැණික

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

written by Sathyajith Lakmal

හිත රිදුනු තරම් | Hitha Ridunu Tharam by Denuwan Kaushaka [2022]

හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නෙ නෑ රත්තරං
මේ කඳුලු වලින් නුඹ යදින තරම්
දන්නේ මේ මමයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගෙ ආදරේ මට

ලැබුනත් ලොවක් සම්පත් පිරී
පල නෑ ඒ හැම දෙයින්
මගෙ ලෝකයේ අදටත් නුඹයි
නුඹෙ ලෝකයේ මං නැතත්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක්ද
ඔයාගෙ ආදරේ මට

වෙහෙසයි ඇතියි කියලා සිතී
නැවතෙන්නේ මා කෙසේ
සතුටත් නුඹයි කඳුලත් නුඹයි
මේ ලෝකයේ මට ඇතී
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි
හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද ඔයාගෙ ආදරේ මට

හිත රිදුනු තරම්
හිත රිදුනු තරම් දුක දැනුනු තරම්
නුඹ නම් දන්නෙ නෑ රත්තරං
මේ කඳුලු වලින් නුඹ යදින තරම්
දන්නේ මේ මමයි සත්තකින්
මගෙ ආදරේට ශාප වෙද්දි
ජීවිතේම නුඹම වෙද්දි හිතෙන්නෙ පුදුමයක් නුඹ
අවසන් කලාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගෙ ආදරේ මට