in Denuwan Kaushaka

මම ඔයත් එක්ක | Mama Oyath Ekka by Denuwan Kaushaka [2024]

හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරෙකල
මතක අතරෙ ඇහෙනවා තව
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩිකර
දිය කර හරිනවා කඳුලු විලසට…

මම ඔයත් එක්ක එක දවසක තනිවෙච්ච
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහගත්ත
වෙන හිතක් ලඟට කොහොමත් බෑ ලංවෙන්න
මුලු ආදරෙම හැම දාකම සුරකින්න
මම හොයපු මවපු හීන පොඩිකර
දියකර හරිනවා කඳුළු විලසට…

හිත නැවත්තුවත් බෑ මට පව් පුරවන්න
අද ඉන්න තැනක ඔයා හොඳින් හිනහෙන්න
තව හිතක් නොමැත ආයෙත්නම් රැවටෙන්න
මුලු ජීවිතයම විඳවන්නට ඉඩ දෙන්න
මම හොයපු මවපු හීන පොඩිකර
දිය කර හරිනවා කඳුළු විලසට…

හිතක් තිබුනා ඔබ ලබන්නට…

written by Sathyajith Lakmal

banner

Leave a Reply