කුමරාණෙනි | Kumaraneni by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නෙ
මල් යායම නැහැ දන්නේ
ඔබෙ ඇසගින් බලා
සනසන් මගේ සිහිනෙ

සදුටත් කියලා
හිරුටත් කියලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවද සදා පෙති විහිදා
සුමුදු සිනා විදි සිහිනේ
කදුලින් ගිනි බින්නේ

සුසුමක් තියලා
සුවදත් තියලා
ඔබෙ සුවද අරන් ගියා
මගේ කියා දෑස පියා
මම උබෙ ලගින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා

කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නෙ
මල් යායම නැහැ දන්නේ
ඔබෙ ඇසගින් බලා
සනසන් මගේ සිහිනෙ

 

 

Download the Official Audio from Here!!

ආදරේ ඔබ මා හට | Adare Oba Ma Hata by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

ආදරේ ඔබ මට කෙතරම්ද කියා
ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
මේ දිවියේ අවසානෙ පුරා
මම ඉන්නම් ළං වීලා
ආදරේ දුක් වේදනා
මා දෙන්නේ නෑ කිසිදා

මහ මුහුදේ යන අතරේ

මම මුහුදට වැටුණෝතින්
මම කිමිදීලා දිය යට ගිලිලා
ඔබ බේරන් ගොඩ එනවා

මහ කැළයේ යන විටදී
හොරු රැළකට අසුවේ නම්
සටනට වැදිලා උන් එලවාලා
ඔබ ‍බේරන් මම එනවා

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

වෙන හිතකට හිත ඇදිලා
මා අමතක කෙරුවෝතින්
රූ ළලනාවෝ හිටියත් කෙතරම්
මම ඔබ සොයලා එනවා

ඔබෙ මව් පියො එරෙහි වෙලා
ඔබ මා හැරදා ගියෝතින්
මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
මම ඔබ කැන්දා යනවා

ආදරේ ඔබ මා හට ඇතියි කියා
මා සිතේ සැක දැන් ඇත දුරු වීලා
මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා

මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමු එක් වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා

 

 

Download the Official Audio from Here!!

ගැයූ ගී | Gayu Gee by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..

තත් හඞ ගිටාරේ මං මත්වුන වෙලාවේ..
ගත සිත ගයාවී නව ගී රස ගලාවි..
තත් හඞ ගිටාරේ මං මත්වුන වෙලාවේ..
නව ලොවකට නව හිරු පායාලා..
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..

ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී..
ඒ ගී මල් තුලින්මයි අද ගී වැල් උපන්නේ..
ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී..
නව ලොවකට නව හිරු පායාලා..
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..
ගැයූ ගී අතීතේ
පාවී පාවී පාවී ගියාවේ..
මේ නව ලොවේහී
නව ගී රස ගලාවී..
හද ගැස්මේ රිද්මය සොයාලා..

 

 

Download the Official Audio from Here!!

 

 

නුරා වසන්තේ | Nura Wasanthe by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා…
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා…

අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා…
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා.
ගංඟා තරංගා පරදන්නෙපා
ඔය දෑස කඳුලින් තෙමා…
පාවී ගියාවේ අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා…
නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
කියාවී මගේ ප්රාර්ථනා…
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා…
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා…
ඔය දෑසෙ පා ඒ මනබන්දනා
පෙම්වන්ත සුරතල් සිනා…
සැනසෙන්න මාගේ…

 

 

Download the Official Audio from Here!!

කතරක තනිවී | Katharaka Thaniwee by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි…

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි…

සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…

විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…

ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

පහන් නොවන රැයක | Pahan Nowana Rayaka by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…

ලංවුනේ… මා ඔබෙන්
සෙනෙහේ… පතා සිතින්…
සිත පුරා රැඳුන සතුට නිම් නොවේ…
ඔබ සොයා එන්නෙ මං…
වෙන් නොවන අදහසින්…
පවසන්න ඔබට රත්තරන් හැඟුම්…

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…

මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…

අත් බැඳී මේ ලෙසින්..
සුදු සේද මාවතින්…
දුර එහා තිබෙන සොඳුරු විල් තෙරේ…
නැවතිලා මුමුනමින්…
රස මියුරු පෙම් වදන්…
අපි ඉඳිමු ලබැඳි පෙම්වතුන් වෙමින්….

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…

පහන් නොවන රැයක
ඇවිද යමුද රිදී නිම්නයේ…
මල් මල් සිහින ලෝකයේ…
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද
පෙම් වසන්තයේ…
ලස්සන මේ යොවුන් වියේ…
ලස්සන මේ යොවුන් වියේ…
ලස්සන මේ යොවුන් වියේ…

 

Download the Official Audio from Here!!