අසම්මතයම | Asammathayama Premayak by Isuru Withanage

කියාගන්න ඕනෙ තැන් වල
කියාගන්නට බැරුව ලත වෙන

දරාගන්න බැරිම තැන් වල
දරාගෙන සිත ඔහේ ලතවෙන

සිතාගන්න නොහැකි තැන් වල
වෙන් වෙලා යන හුදෙකලා වෙන
කියන්න බැරි විදින්න
බැරී

අසම්මතයම ප්‍රේමයක්
සැබෑ ප්‍රේමෙ කැඩපතක්
ඈත ඉද ආදරේ කල
විදවන ස්නේහයක් //

අකමැති තැන් උලුප්පාගෙන
කැමතිම හීන පාගලා යන
බොරුවට හිත රවටාගෙන
කවුද දන්නේ ආදරේ ගැන //

සම්මතයක බොරු කියාන
ඉන්නේ ඇයි උඩ බලාන
හිතට දැනුන හුස්ම ගන්න
ආදරේට හේතු ඕනද //

අසම්මතයම ප්‍රේමයක් //

written by Irusha Shamintha

isuru withanage songs,isuru withanage,sinhala songs,sinhala new songs,new sinhala song,new sinhala songs,sinhala rap songs,sinhala songs 2022,sinhala new songs 2022,gayana song,new songs,tiktok trending songs,full song,mama thama tharu gawa as hoyanawa song,thani nowena me heene,sinhala rap,as hoyanawa,sililare sitha kohedo danena dine,the voice,sinhala new rap,thani nowana me heene,eka thamai,eka thamai harada,viral tiktok

වැහිදාක | Wahidaka by Isuru Withanage ft. Gayana Lewke [2023]

වැහිදාක මන්දාර සිතුවම්
ඇහිදා දොවාර ලියකම්
කියඹුවක් මත දෝරෙ ගැලුවත්
හැමදාම නුඹ නෑ
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

ඇහැ ගාව තරු පාර හොයමින්
හිටිය කල් මදිලු
ඇවිදින්න අත් අල්ලගෙන මට
හිදින්නට වෙයිලු

තනි නොවනා මේ හීනේ
නුඹ ඈතක වේ නම්
ඒ ඈතක පාර හොයමින්
මම ඇවිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

නිදි දෑස අග හීන තනමින්
වරු ගාන ගෙවන
හුරු පාර දිග පාළු මකමින්
හිදි නුඹව දකින
හවසක හමුවේද යලි මං
සිතුවත් ඉඩ නෑ තවමත්
ඒ සිතුවිලි හීන කරමින්
තරු ඇහිදින්නම්
මම තාම තරු ගාව ඇස් හොයනවා
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා

written by Rajitha Rajapaksha

ආල අඩව්ව | Aala Adawwa by Isuru Withanage [2022]

යක්බෙර නාදෙට තාන සොයා රඟනා
තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
ආල අඩව්වට විලක්කු හිත දැවුනා

මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සාර සදිසි නුබේ රාග නොවන සිත
මේඝ ගර්ජනා හීන නොවන කල
සීල බිඳින හද ප්‍රේම සොයන දින

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
සංසාරේ නොයෙනා මතක නුබේ
ගම්බාරේ සරනා එකම තැනේ

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

නාඬා ඉන්න | Naadaa Inna by Isuru Withanage [2020]

නාඩා ඉන්න මැණික මගේ
හිත රිදුනද ඔබේ
කිවු වදන් වලට මගේ

ආදරේට සැර වුනේ
හිත රිදවන්න නම් නොවේ
නාඩා ඉන්න මැණික මගේ

රූරා වැටෙනා
කදුලක් පාසා
වේදනාව හදේ රැදෙනා

ඉකිබිදිනා එක
හැඩ්මක් පාසා
හද මගෙ නතර වෙනා

ආදරේට සැර වුනේ
හිත රිදවන්න නම් නොවේ
නාඩා ඉන්න මැණික මගේ

නාඩා ඉන්න

ආදර අම්මා | Aadara Amma by Isuru Withanage [2020]

සිලිලාරෙක
රළ පරයන තරමට
ආදරෙයි

අඹරෝරෙටත් වැඩිය සෙනෙහෙන්
ඇය සාරයි
රන්සර සිත් ඇති ඇය
හරි පිංකාරයි
සෙත් කවිය නුඹයි
මං හරි ආදරෙයි

මතු සසරේ දිවි මග මට හමුවේවා
අකුරු තුනක රැදි සෙනෙහේ
ආදර අම්මා
ආදර අම්මා

අසණි වැසි වැටුනු දිනයකි
එය මහා නිශාමයේ
පිය සෙනෙහෙ පහනයි නිවුනේ
මගේ ජීවිතේ
ඇය ඇදුවා
තුරුලට ගෙන මා ගෙපැලේ
හිරු සදු ඇයයි මගේ දිවියේ
හිරු සදු ඇයයි මගේ දිවියේ

අකුරු කරන්නට මගේ සු‍රතින් නුඹ අල්ලා
ගණපති පිලිමය නමදවමින්
සෙත් පැතුවා
කිරුලක් පලදින දිනයේ
ඇය ඉකිබිදා
මා රජිදෙක් වුයේ
නුඹේ දිරියෙන් අම්මා
ආදර අම්මා

මතු සසරේ දිවි මග මට හමුවේවා
අකුරු තුනක රැදි සෙනෙහේ
ආදර අම්මා
ආදර අම්මා

හුරුපුරුදු හීනේ | Hurupurudu Heene by Isuru Withanage [2017]

දගකාර ඔය දෑස
සගවා හොරෙන්
හුරුපුරුදු හීනේ මගේ…
පිණි වැටුනු රතු රෝස
අහුරක් අරන්
සිපගත්තා වාගේ දැනේ…

තුන් යම පුරා
තුරුලට වෙලා
හැගුමන් ගලා
දෝරේ ගියා…
නොනිදාම මුළු රෑම
සිහිනේ පවා…
කවදාද මගේ වෙන්නෙ
හිත අහනවා…

නෑ තවත් දන්නේ
ආදරේ තරම්
නොදැනී ඔයා මාගේ
හුස්මම වෙලා…

අතිනත අරන්
සසරේ පුරා…
පෙරුමන් පුරා…
ඉමු දිවි තුරා…
පිණි සීත
දැවටිච්ච යහනේ සදා…
ඔබ එක්ක තනි වෙන්නේ
කවදාද මා…

හරි ආදරෙන් නුඹව
රැක ගනිමි මං…
ඔවසුම් නොවේ හිත දැන්
ඔබ එන තුරා…

දගකාර ඔය දෑස
සගවා හොරෙන්
හුරුපුරුදු හීනේ මගේ…
පිණි වැටුනු රතු රෝස
අහුරක් අරන්
සිපගත්තා වාගේ දැනේ…