පාවේ වලා | Pawe Wala by Victor Rathnayaka

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

කඳුලැල්ලෙන් හසරැල්ලෙන් – සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ – මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ – සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ – පහන් පෙම දිලේ

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

හාදව පෙම් බැන්ද රුවින් – පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ – දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා – තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ – පහන් පෙම දිලේ

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

Written by Meegoda Wilson

pawe wala lyrics , pawe wala song lyrics , pawe wala chords