Jaffna Kings LPL 2021 Theme Song by Satheeshan, Hana Shafa ft. Krish

රන්වන් අකුරින් ක්‍රිකට් විමානේ
ජැෆ්නා කින්ග්ස් නම ලියවූවා
නම ලියවූවා

උතුරෙත් දකුණෙත් දැන් ජැෆ්නා
පිටියේ හදවත අපි දින්නා
කඩුලුත් උදුරන්
මායා පන්දුත් දග කැවුනා

ආයුබෝවන්න
ක්‍රිකට් තරු මෙන්න
යාල් දේවියෙන් බැහැලා පිටියට

ආයුබෝවන්න
ක්‍රිකට් තරු මෙන්න
යාල් දේවියෙන් බැහැලා
පිටියට

අඩිඩා මචා
ජැෆ්නා කින්ග්ස්
විකට් ගැලවෙන්න විකට්
දෙන්නේ පන්දුවෙන් ස්වින්ග්ස්
පියබන්නේ කොල්ලො විහිදලා වින්ග්ස්
එක පිට එක දිනද්දී අපි ඉනින්ග්ස්

ඒ මේකයි අපේ ආරේ
සැර දැනුනද අද දුන්නත් පාරේ
කප් එක උස්සද්දී මේ වාරේ
LPL තියේ අපේ බාරේ

Adidaa Macha
Adidaa Macha
Adidaa Macha

Dambulla Giants LPL 2021 Theme Song by Various Artists

ඕ………… ඕ…………
ජය බල කනු පිටියට බැහැලා
දස අත වනනවා
අධි බලැතිම හී සැර ලෙසිනා පන්දුව යවා
පහරේ හයේ දුම් විසිවෙනා
අභිමාන ජයරාව කන් පිනවනා
දෙන්නේ මෙදා තරු පෙන්නලා
නවතින්නේ නම් කිරුල අපි උස්සලා

දිනුවේ සැමදා දසමහා යෝධ බලයෙනා
සටනේ රැඳෙනා පිටිය දෙදරවා

We know we will win it
Playing tight
We are the winners
We make it right
Everybody knows we are the best
Better than all the rest
Come on and let us play
We gonna be the winners

දිනුවේ සැමදා දසමහා යෝධ බලයෙනා
සටනේ රැඳෙනා පිටිය දෙදරවා

We are here to play and to
Have some fun
And be the best
and get to number one
And we gonna win every single game today
Come on join here
it’s time we play

[Tamil RAP]

දිනුවේ සැමදා දසමහා යෝධ බලයෙනා
සටනේ රැඳෙනා පිටිය දෙදරවා
දිනුවේ සැමදා දසමහා යෝධ බලයෙනා
සටනේ රැඳෙනා පිටිය දෙදරවා

ඕ………… ඕ…………