යෝගේශ්වරී | Yogeshwari by Charitha Attalage ft. Manasick

තවම තිලකය නළලේ නොතියා
සඟවගෙන නුඹ ඉන්නවා නම්
හිසේ එක මල් රේණුවකින් වත්
නොගැවසී නුඹ ඉන්නවා නම්
විදුලි සඳ එළි වලින් බිය වී
සැඟවිලා නුඹ ඉන්නවා නම්

කොහේ හෝ නුඹ ඉන්නවාම බව
දන්නවා මං! දන්නවා මං

දුඹුරු දෑසම කඳුළු පුරවන්
හිස හැරුනු අත දුවනවා නම්
කැරලි කොණ්ඩය අකීකරු වී
මගේ උරහිස හොයනවා නම් //

අහිමි වූ දස දහසක් දෑ මැද
තවම නුඹ මඟ බලනවා නම්

මගේ ළය මතින් උඹ පලා ගියේ ගෝපුරයත් පරදා
හඹා ආව මදහස ආයෙත් පසු හැරී නොබලා
ගෙන පරම ළද ළා ඇහැ සැහැසි ලලිතය
හැර පමණක් තිලකය ගියේ එන්නයි, වළදා

මග වැටී ඇති දෑ සමන් පෙති කියයි හෝඩුවා
තැලී රක්තයට බිලි වී, කාගේ ලෙයමද? තේරුවා
කාගේද උණ්ඩය? මුළු රෑ අහසේ පිපෙනවා!
බිම වැටෙයි පරවී, උඹේ “ගොදුර” උඹව හොයනවා

පොලව දෙදරා පැළ වී මළවුන් දිස් උනෙත්
උන් පොදි වී එක රොදට, ඇයි ඉඩක් හිස් උනෙත්?
ගිනියම් ඉර මිරිකා සාරය ගත්තත් උඹ ලෝදියෙන්
වැටුණු එක සෝ දියෙන් උඹගේ කොපුලයි පිච්චුනෙත්

ඇයි කඩදාසියේ දෙවිදියෙන් ලිව්වේ කේතයක්
තාමත් නිමකර නැති උඹ මහා මට ඛේදයක්
තියා ගියේ ඇයි උඹ නුහුරට ලිව්ව ඡේදයක්
කොහේ හරි ඇති උඹ හොයාගෙන නිවාඩුවක්
ඔව්……!! නිකේතයක්

අද දිරා පත් වී බලා ඉඳලම චිතකය
මං ඔහේ දැල්වෙන්නේ විශ්වාසෙන් ගෙව්ව මිලකය
මාන බැලුවා උන් දඩයමේ උඹ.! ඉලක්කය
දැල්වුවා ද? ඔය නළලේ තිබ්බා ද? රතු තිලකය

මේ කාලකණ්නි පොළව දාලා
උඹ කොහේ යන්නද.???
කොහේ හරි ඇති,
මං දන්නවා

ගෝපුරය රත් පොළොව දෙදරන්
සුනු විසුනු වී බිඳී වැටුණා..
ගැල්වූ පර හද කොපුල සිඹිමින්
දියවෙලා සේදිලා මැකුණා…

ගෝපුරය රත් පොළොව දෙදරන්
සුනු විසුනු වී බිඳී වැටුණා..
ගැල්වූ පර හද කොපුල සිඹිමින්
දියවෙලා සේදිලා මැකුණා…

අහිමි වූ දස දහසක් දෑ මැද…

තවම තිලකය නලලෙහි නොතියා…

විදුලි සඳ එළි වලින් බිය වී
සැඟවිලා නුඹ ඉන්නවා නම්

විදුලි සඳ එළි වලින් බිය වී
සැඟවිලා නුඹ ඉන්නවා නම්

Written by Manasick ft. Charitha Attalage

ගලන ගඟ | Galana Ganga (Extended) by Charitha A ft. Ravi J

නීල දෑස හා දොඩවන්නම්
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍
ඇසට නොපෙනෙ පර්යාන්තෙක
සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
වින්දා නැසෙන රූපයක සොබා
එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා

නීල දෑස හා දොඩවන්නම්
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

රූප ධර්ම සුන්දරයි ද කෙතරම්
නුඹ එනවිට මග දෙපස රගන
උපාසකලා දමන කොමල
දැකලා මගේ වේරමණි ශික්ශා
වෙලා ඉරිසියාව

මමය මාගේ වන කිසිවක්
නැති බව දන්නා මගේ හිත
අද වෙන්නෑ අවනත
සංකේන්ද්‍ර ඇකයෙන් මිදිලා
දිව්වා නුඹ වෙත
ඔය දෑත එක්ක පැටලී
යන්න හිතයි දුර ඒත්

නාම ධර්ම වටකරං මුලු සිතම
මන්දාකිනි ගිලුන
නෙතු අගට වැටී කෙහරැලි
පුර සද වැසිලා වලාකුළට
ඉතින් තව ඉදි බලාගෙන
නොලැබෙන ඔය නොනිමෙන
වත දෙස මං
මතු භවයෙන් හමු නොවෙයි සිතා
මේ භවයේ නුඹ මගේ වෙන්නට පතා
යන නිවන මග මං පසෙකට තබා
මගේ ත්ෘශ්නාවට මං පෙම් කලා

පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන
ඝන්ද කුටිය – භාවනා කරන්නාගේ ස්ථානය
සම්මාදිට්ඨිය – නිවැරැදි දැක්ම

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

written by Charitha Attalage & Ravi Jay

ගලන ගඟ | Galana Ganga by Charitha Attalage ft. Ravi Jay [2017]

නීල දෑස හා දොඩවන්නම්
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍
ඇසට නොපෙනෙ පර්යාන්තෙක
සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
වින්දා නැසෙන රූපයක සොබා
එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා

පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන
ඝන්ද කුටිය – භාවනා කරන්නාගේ ස්ථානය
සම්මාදිට්ඨිය – නිවැරැදි දැක්ම

written by Charitha Attalage

ZD8 by Charitha Attalage x Kasun Edirisinghe [2022]

කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා
උන් රෑ මගෙ තනිකම මකනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා
උඹ කකුලෙන් අදිනවා දැනෙනවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

ඒත් අසලින් ඇවිදින් ඉන්නවා
මට ඒ බව ඉඳහිට දැනෙනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා
සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා
පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා
මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා

ගේ මැද පාළුයි මතකය පෑරෙයි
යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි
ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා

හතර පෝයට නුඹ සිල් ගන්නවා
උරබන්දිය විස්තර අහනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා
නුඹ මඟහැරලා උන් ඉන්නවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා
මම දෑස් වසාගෙන අහනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

වැරදිකාරයෝ මුනිවත රකිනවා
දඬුවම් නැති බව උන් දන්නවා
නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

“ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී..නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම….”
පාලි පාඨයෙහි සිංහල අර්ථය : මේ මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කරනු ලැබේ.

Written by Kasun Edirisinghe

පැණි බිංදක් | Pani Bindak by Charitha Attalage ft. Hashani & Chamara

ආදරයේ පැණි බිංදක්
නුබේ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යලි එන්නම්

පැණි බිදු හා දැවටෙන්නම්
නුඹේ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්

හදවත ස්නේහ වෑහෙනා
පැණිබිදු නුඹටමැයි කියා
රවටනු සේම නුඹව සිපගන්නම්

පැණි බිදු හාදු තවරනා
වෙනසක හේතු තේරුනා
නොදැනුනු සේම නුඹව සිපගන්නම්

නුඹ කලුවරට බය හැගෙයි
අද රෑ තනි රකිනු සිතෙයි
අලුයම සීතලේම ගුලි වෙන්නම්

මම කලුවරට බය නොවෙයි
එනමුදු තනිකමක් දැනෙයි
අලුයම සීතලේම සමුදෙන්නම්

නන්නාදුනන එලි දිලෙයි
කුණාටුවක්ද මට බයයි
නුඹ අසලින්ම සොදුර මම ඉන්නම්

දෑසට දෑස දුර හැගෙයි
නුඹ අන්සතුමදැයි දැනෙයි
නොදැනුන සේම සොදුර මම ඉන්නම්

නෙක මල් උයන් හමුවනා
නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා
අගවනු සේම නුඹව සිපගන්නම්

මා හැම රැයක පෑරුණා
දැන දැන හේතු කාරණා
නොදැනුනු සේම නුඹව සිපගන්නම්

ආදරයේ පැණි බිංදක්
නුබේ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යලි එන්නම්

පැණි බිදු හා දැවටෙන්නම්
නුඹේ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්

හිතන තරම් | Hithana Tharam by Gayya ft. Manasick & Charitha Attalage

හිතන තරම්
මගෙ හිත හඩන තරම්
ඔබ මට කීයූ වදන්
මට අහෙන තරම්
නිල් අහස බලන්
සිහින අපි මැව්ව තරම්
දිව්රුවේ මියෙදෙන්නට නම්
වෙන කෙනෙකු ඇයි තුරුලු කරන්

මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

Manasick
උඹ ඇවිත් ගිය සැනින් මගේ ළයමඩලම පාරා කලා සංකරයක්
ඒ මොහොත කල්පයක් කල, කාලය!! උඹෙත් නෑ සංවරයක්
අපේ මතකයන් මැදියමේ ලුහු බඳී බැඳ ගනින් උඹ යන්තරයක්
හෘදසාක්ෂිය පහර දෙයි සොඳුර හොයාගනින් දැන් බංකරයක්

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

සුන්බුන් වුනු හද මගේ අතු ගාල දැම්ම උඹ පෑල දොරෙන්
මගේ දහදියේ කිමිදිලා වෙනකෙකු එක්ක උඹ නෑවත් හොරෙන්

අපි ගැන්න තරු, තකහනිකයක් විත් කේලම් කිව්වේ උඹව අඳුනාගෙන
සඳ සයනක ගත වෙද්දී මුලු රැයක් ඇවිලෙන්නේ හිරු කරබාගෙන

උඹ උදුරගත්තේ මගේ සේසත බිඳලයි පපු කැටයෙන්
ඔය දෑසම උඹේ තීරණ ගැන දොස් කිව්වා මා එක්ක සැකයෙන්

එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල, සදාදර උඹේ මතක ඔතන්
මෙහෙ අදිනවා මං, යදිනවා උඹේ සයනට වැහි අකුණු කොටන්

වැහි අකුණු කොටන්
සුලග එයි ඔබේ සුවඳ අරන්
දුක් ගිනි හදේ දරන්
ඔබව සෙව්වා හතර වරන්

කඳුළු සැලෙයි පිටාර ගලන්
දෙවියෝ නෑ මට දෙන්නේ සවන්
එක් මොහොත කල්පයක් තරම්
හැගෙයි ඔබ ගිය දිනය පටන්

මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැති ද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

ලතින් කංකාරිය | Latin Kankaariya by Charitha Attalage ft. Hashani

නුඹට පානා හනික කෝපේ
නමට පමනා කරුම දීගේ
පිපුණු තිසරුන් මඟදි දුටුවැයි
පැලුණු එ උකුල් නොදැක කොහොමැයි
පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හර්දේ නුඹටා
ඇහැට ගැටෙනා තැනක මානේ
ගැහැණු අගුණා මෙමට කීවේ

ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ
නොදන්නවා නෙවේ
කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ
ඉහ උඩ හෙලු මාලිගේ අන්තප්පුරේ
උඩැක්කියක් නොවේ
මා බිසවකි කඳුකරේ ඒ රජපෙලේ
ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා
පණට සේමා නුඹට ප්‍රේමේ
පණට පණ හා සේමා ගැහැණු බෝමා
කනට කර මා මටලු ප්‍රේමේ

ඇති දැන් මගේ දේසනේ ගත බීසනේ
ගිනිගන්නවා වගේ
බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ
අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ
පිරිමින් යටයි කොහේ
කාටත් ඇති කෑදරේ රති සාගරේ
මගේ පෙරදා පවටා නුඹේ පිනටා
දෙගුරු රවටා එන්ට ආවේ
දෙගුරු පෙරදා රවටා දුගී පැලටා
එන්ට කියලා ඇයිද කීවේ
නුඹට පානා හනික කෝපේ

පිපුණු තිසරුන් මඟදි දුටුවැයි
පැලුණු එ උකුල් නොදැක කොහොමැයි
පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හර්දේ නුඹටා
ඇහැට ගැටෙනා තැනක මානේ

ගැහැණු අගුණා මෙමට කීවේ

දුවේ | Duwe by Charitha Attalage [2021]

දේස දීපංකර
පේන තෙක්මානයේ
වාලුකාවේ දැවී
කාසි හොයනා ලදේ

පුංචි පැටවුන් නුබේ
නැද්ද සිහිපත් වුනේ
උන්ට උඹමයි අගේ
කාසි පොදි නම් නොවේ

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

රෑට තුරුලේ ඔබේ
නින්ද ගිය හා පැටව්
මට බයේ හැංගිලා
නිදිවර සුලුමොහොතකින්
පොඩි අවුන් ගේයි දමා
උන්ගේ අපත් මෙදා
මහමෙරේ කිමිදිලා
උන්ට අතවර කලා

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

හතර කේන්දරේ | Hathara Kendare by Shihan Mihiranga [2011]

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
මට නම් නෑ ඔබේ අඩු පාළු….

මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමී පැරදිලා
මම නුඹ ගත්තෙමි දිවුරා…..

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා
දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැක ගන්නේ මගේ ප්‍රාණයෙන්
ග්‍රහදොස් මකා මා ප්‍රේමයේ දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්…..

හතර කේන්දරේ පාලුයි කියලා……

පින් පෙත් පුරණා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳීමී මා…..

සංසාරයේ මා සැළලිහිණි|Sansaraye Maa / Salalihini by Charitha Attalage

සන්සාරයේ මා…
හමුවී තියේ… දෝ…
දෑසේ හිනාවේ…
මා මත් වුනා දෝ…

මේ හුදකලාවේ…
සී…තල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ නේ…

මේ මල් තුරුල්ලේ…
ඔබ මල් කිරිල්ලියේ…
මගේ…සිනා..වේ…
අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී……

සුරංගනාවියක්ම දෝ…
මලින් උපන් ලියක්ම දෝ…
තනිවී කිම දෝ…
අසමි සමාවී…

සුරංගනාවියක් නොවේ…
මලි උපන් ලියක් නොවේ…
සොදුරු හැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ සංසාරේ…
රන් රස සේමා…
පෑහී…සැමදා…
ආදරේ…පෑවා…

ඇලේ දොලේ…
විලේ ජලේ…
ඉරේ හදේ…
ගහේ වැලේ…
ගැයුනේ අපගේ…
ප්‍රේම උදානේ…

ඔබේ නුවන්…
දිහා බලා…
කියන්න බෑ…
අහන්නේපා…
ආලහැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ මල් යායේ…
මල් පෙති… ගානේ…
ලියවේ…
අපගේ…
ආදරයේ…ගීතේ…

සංසාරයේ මා…
හමුවී තියේ.. දෝ…
දෑසේ.. හිනාවේ…
මා මත් වුනාදෝ…

මේ හුදකලාවේ…
සීතල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ මේ…

මේ මල් තුරුල්ලේ…
ඔබෙ මල් කිරිල්ලියේ…
මා…සිනා..වේ…

අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…
යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී…

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී

මනරම් නා මෙනෙවී
මේ ලවැලී තලේ
හිඳ මිණි වෙණ තත්
මැද රුවට රුවේ

ගයනා ගී මියුරු සරේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ

නිල් වරල සදා
කඩුපුල් මලිනා
දිගු නීල නුවන්
දෙපසා ඉසිනා

විඳිනා ඔබ රූ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී