සැළලිහිණි | Salalihini by Charitha Attalage ft. Prathap Eash

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී

මනරම් නා මෙනෙවී
මේ ලවැලී තලේ
හිඳ මිණි වෙණ තත්
මැද රුවට රුවේ

ගයනා ගී මියුරු සරේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ

නිල් වරල සදා
කඩුපුල් මලිනා
දිගු නීල නුවන්
දෙපසා ඉසිනා

විඳිනා ඔබ රූ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී

සකුරා | Sakura by Charitha Attalage ft. Manasick [2020]

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
වෙනදා මෙන්
සුවද නැතේ

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න

පරසතු සුවදක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

පරසතු කුසුමක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

කදුලු පිලියමක්
නුඹට වියැකෙන හල් මිටි
සමාජේ අනියම දායි
නුඹගේ කර පිටින්

සිනමා හිරේ
අපගේ යතාර්ථයක්
කනපිටින්
පදාර්ථයේ පිටපතක්
කුසේ උබේ පනපිටින්

යදින්නෙපා
විද සිදලන්න බැරි දොලදුකක්

උඹේ කාලේ පාරේ
උඹේ භාර්‍යාව ගැරහුවත්

මගේ රහසක
රිදී නිම්නයක
කලබල නියන්පත්
කිනම් ඩිම්බයක

ගිනි තියන් උබේ
නෙගටිව් පටි
ඔය හැසිරීම
මට ගබ්සා දොරටු අරී

වීරයන්ට දැන්
උඹේ ආතමාර්තකාමි
වග නොකියන්න ජාතකේට
මා ප්‍රාර්ථනාවී

තිබුනට කඩතුරා
ගැබක් උඹ දාරාගෙන

උඹේ පරාජය
ලතවෙන්නෙ ලය පලාගෙන
වෛයිරය වේද
මහ මතකයන් පලා යන
දෙන්න මට සැලොන
සිහිනෙට මගේ පලා යන්න

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

නිබද දෙව් දූ
සියත වලා බැමි
මුහුරස උර දැක්මේ කඩා වැටී
මා දළු රෝස පලයට
හඩා වැටී
පුරා සකුරා සිසිරේ
පතනවා ඇති

චරිත
මානසික්
වෙස්ට්නාහිර

හීන මකා | Heena Maka by Harshadewa Ariyasinghe ft. Ravi Jay & Charitha Attalage [2018]

තැවෙනා ඒ
සිත නොදැනී වගේ…
වැටෙනා කදුලු
නොදැනී වගේ…
දැවෙනා ඒ දුක
නොදැනී වගේ…

මං ආවා…

ඒ සිත
සගවන් මෙසේ…
වැටෙනා කදුලු
සගවන් මෙසේ…
දැවෙනා ඒ…දුක
සගවන් මෙසේ…

මං ආ..වා…

හීන මකා…
හංගාලා…
මං ආවා…

රවටාලා…
මුමුනා සගවා…

මං ආවා….

හීන මකා…
හංගාලා…
මං ආවා…

ඒ…රවටාලා…
මුමුනා සගවා…
මං ආවා….


මා ගැන
හිතනා
මගෙ උණුහුම
හොයනා
නිදි යහනට වෙලා
මං එනකං
නොනිදා
මගෙ භාරියට හොරා…
ඇගෙ ලොවෙ තනි කරලා…
යටිහිත රවටලා…
උඩු හිත මං ආවා…

ඇත නිමකෙරුමට
මුදුනට ගොඩගැසි
බොරු
රාජකාරි

නුඹෙ ඇමතුම එද්දී
ආවරන කලාපෙන්
මං බැහැරව යාවී…

හැමදා කන රස ඇති වෙලා
පිටින් කමි සද
මං පමාවේවි…

ගත මගෙ ඇය මත
නුඹෙ හිතෙ මං ගැන
නොදනී
මං ද්‍රොහී…

කාමය ඇවිලෙන්නෙ
ආදරෙ මත
හදින් හද
එකවෙන තැන

ඒ හිත තැන තැන යනවනං
ආලෙයි කාමෙයි
එක වෙන්නෙ කෙසේද ?
මට දෙකක් ඒ දෙක…

තාවකාලික හිතක
තාවකාලික කුමරා
වෙන එක වෙනම රසකි

උගුරට හොරා
බොන බෙහෙතක
දැනෙන සැප විදින එක
නුඹ නොදනී
වගෙ ඉන්න සද
මතුවට එන දින
යන්න වෙනකොට
මේ කයෙන් ගැලවිලා
වෙන්න බෑ
පසුතැවෙන්න බෑ
එදින බෑ
හිතෙන්න මා හිතට
මං වින්දෙ මොනවද
ජීවිතෙ අවසානෙට

නුඹ ඔතන
මං මෙතැන
විදිනවා ඈ එක්ක
මත රාගය

යටි හිත රවටලා
මං ආවා
උඩුහිත ඉල්ලන
අන් සැපට…


තැවෙනා ඒ
සිත නොදැනී වගේ…
වැටෙනා කදුලු
නොදැනී වගේ…

දැවෙනා ඒ දුක
නොදැනී වගේ…

මං ආවා…

සගවන් මෙසේ…
වැටෙනා කදුලු
සගවන් මෙසේ…
දැවෙනා ඒ…දුක
සගවන් මෙසේ…

මං ආවා…

හීන මකා…
හංගාලා…
මං ආවා…

රවටාලා…
මුමුනා සගවා…

මං ආවා….

හීන මකා…
හංගාලා…
මං ආවා…

රවටාලා…
මුමුනා සගවා….
මං ආවා…


මා ගැන
හිතනා
මගෙ උණුහුම
හොයනා
නිදි යහනට වෙලා
මං එනකං
නොනිදා
මගෙ භාරියට හොරා…
ඇගෙ ලොවෙ තනි කරලා…
යටිහිත රවටලා…
උඩු හිත මං ආවා…

ඇත නිමකෙරුමට
මුදුනට ගොඩගැසි
බොරු
රාජකාරි

නුඹෙ ඇමතුම එද්දී
ආවරන කලාපෙන්
මං බැහැරව යාවී…

හැමදා කන රස ඇති වෙලා
පිටින් කමි සද
මං පමාවේවි…

ගත මගෙ ඇය මත
නුඹෙ හිතෙ මං ගැන
නොදනී
මං ද්‍රොහී…

දුර ආකාහේ (Live) | Dura Akahe (Live) by Charitha Attalage ft. Ravi Jay from Kuweni Live in Concert [2020]

හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

අප හමුවූයේ…
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි

දුර ආකාහේ රෑ හැමදාම
දුර ආකාහේ රෑ හැමදාම

දුර බලං අපි අපිව හෙව්වා
දිලිසෙන තරුවල අපිව මැව්වා
අර තරුව නුඹ අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
ඒත්…
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද
මගෙ අතීතය – නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය
මතකෙට එනා මතකේ වියෝවක්
වන බව දැන උන්නා මගදි මං කෝමත්
ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
ඒත්…
අපෙ හිත් ගැලපුනෙ නැතේ…හෙහ්
හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
මම හෙව්වෙ මාව
ඔයා මාව හොයාගනිද්දි
දුර තරුවෙලා කලුකුහර

මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි

හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි

මේ මහපොළව
පලා යන්න මට දුක දැනෙයි
මේ මහපොළව
පලා යන්න මට දුක දැනෙයි
මේ මහපොළව
මේ හඳපාන තරු රෑන
මේ හඳපාන තරු රෑන

ඔයා ගැන මං මැව්ව
ඔයා ගැන මං කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න

ඔයා වෙනුවෙන් මැව්ව
ඔයා ගැන මම කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්‍රසංගයට එන්න

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ඇය කියලා නෑ | Aya Kiyala Naa by Gayya ft. Charitha Attalage [2020]

ඇය කියලා නෑ
මට ආදරෙයි ආදරෙයි කියා
මටත් හොරෙන් මගේ
සිගරට් අරගෙන කීතු කිතු කරලා
කුනු බක්කියකට විසි කරලා තිබුනා එය
ඇය කියලා නෑ නෑ
සත්තයි වටහා ගන්නට බෑ
සිර කුටියක් වූ සිතේ
සගවන් සිතුවිලි ඇගේ
තව දුරටත් දුක ගෙනෙනා
මෙයදෝ ආදරේ කියන්නේ
කියා ඈ සිතන්නේ
නොකියා ඈ කරන්නෙ
කරානම් නොකීවේ
මා සිතින් පෙලෙන්නේ

ආදරේ කියන්නේ
කියා ඈ සිතන්නේ
නොකියා ඈ කරන්නෙ
කරානම් නොකීවේ
මා සිතින් පෙලෙන්නේ
ඇය කියලා නෑ

මගේම ලග මගේ ලොවම වී
ඉන්නවැයි කියා
තනිවන හැම මොහොතකදී ලැබුනා උනුහුම
නොඅඩුව ඇයගෙන්
ඒ පහසින් මා මත් වී
සිටියට කවදත්
ඇය කියලා නෑ නෑ
සත්තයි වටහා ගන්නට බෑ
සිර කුටියක් වූ සිතේ
සගවන් සිතුවිලි ඇගේ
තව දුරටත් මා රවටනා
මෙයදෝ ආදරේ කියන්නේ

කියා ඈ සිතන්නේ
නොකියා ඈ කරන්නෙ
කරානම් නොකීවේ
මා සිතින් පෙලෙන්නේ

ආදරේ කියන්නේ
කියා ඈ සිතන්නේ
නොකියා ඈ කරන්නෙ
කරානම් නොකීවේ
මා සිතින් පෙලෙන්නේ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

රහස් | Rahas by Gayya ft. Charitha Attalage [2023]

මා කිවූ රහස්
පොළවට හෙලන්නෙපා
මා එනතුරා ඔබ
නිදිමරන්නෙපා
මා හා ගැලුමෙන්
ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි
අමතක කරන්න එපා

මා ගැන මුසා ඔබ
අවුලන්නේපා
අපගේ පැටව් ඔබ
විසි කරන්නේපා
මා ගැන තැබූ
විශ්වාසය බිදින්නෙපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා

ඔබට නොකිවූ
ඔබගෙන් සැගවූ
රහසක් නෑ ජීවිතේ
ලොවෙන් නොලැබූ
ඔබගෙන් නොඅඩුව මට ලැබුන තරම්
ආදරේ

මා ජීවත් වන්නේ
මා එකම අරමුණද වන්නේ
ඔබ ආරක්ෂා කර මා
දෑත් ඔබ රකීවී
මා මියැදුනත් නෑ
දෑස් මා පිය වෙන්නේ

මා කිවූ රහස්
පොළවට හෙලන්නෙපා
මා එනතුරා ඔබ
නිදිමරන්නෙපා
මා හා ගැලුමෙන්
ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි
අමතක කරන්න එපා

මා ගැන මුසා ඔබ
අවුලන්නේපා
අපගේ පැටව් ඔබ
විසි කරන්නේපා
මා ගැන තැබූ
විශ්වාසය බිදින්නෙපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා

written by Gayya

ඩෝලෙ | Dhole by Charitha Attalage ft. Chandrasena Thalangama [2020]

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

කකියන ආලේ හොයන
හිටගෙන හීන මවන
කකියන ආලය
හිටගෙන හීනය නුඹ
හිමිහිට සිංදු කියනවා
බොරුවට රවලා බලනවා

කකියන ආලේ හොයන
හිටගෙන හීන මවන
කකියන ආලය
හිටගෙන හීනය නුඹ
හිමිහිට සිංදු කියනවා
බොරුවට රවලා බලනවා
බොරුවට රවලා බලනවා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ඉග සුග සැලෙන ලෙලෙන
යන එන ගමන බිමන
ඉග සැලෙන ලෙලෙන
යන ගමන බිමන නුඹේ
ඇස් දෙක ගිනි විසි වෙනවා
නොකියන රහස කියනවා

ඉග සුග සැලෙන ලෙලෙන
යන එන ගමන බිමන
ඉග සැලෙන ලෙලෙන
යන ගමන බිමන නුඹේ
ඇස් දෙක ගිනි විසි වෙනවා
නොකියන රහස කියනවා
නොකියන රහස කියනවා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

රහත් හිමිවරුන් | Rahath Himiwarun by Dhyan ft. Ravi J x Charitha

රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහ බෝපත් බුදු බණ ලියැවී
පාවී යනවා වැව් සුළඟේ

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

මහා විහාරේ මහ සඟ රුවනේ
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
තව කප් දහසක් අප හට පිහිටයි
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

Rap:
දෑස වසාගත්තා මං
මනසින් හොයන්න නිමාවක්
මාර සේනා වලකනකාං
ඇත්ත හොයාගෙන යනවා
මිසිදෙටුවෙකු වෙයිද මං
මිසිදෙටුවෙකු නෙමෙ මං
ඇත්ත මට වැටහෙනකාං
ඇත්ත හොයාගෙන යමි ම⁣ං

බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවනෙ සැණෙකින්
සැප රථෙන් එකෙන් ඇවිත්.. අතහැරීම ගැන
දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද?
මම ලෙඩ ඇදේ … මරණෙ ඉන්නෙ ගන්න බලං
අම්ම අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං
අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක
දුකෙ හේතුව අපිව ඉපදුන එක නේද?
සෙත් පතා මා අත බැන්ද පිරිත් නූල
දුටිමි මස්කඩේ මුදලාලි අතේද
ප්රාණගාතෙ පවක්නං
මරැවෙක් ඇයි නූලක් බැදං
ආරක්ෂා වෙන්න ඕනෙ ප්රාණේ ඒ මරැවගෙන් නේද?
හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං
ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල්,
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද?
මේ මනසින් ගැලවෙන්න … මනසක්. හිතන්නයි ඕණ….

නැවුම් කළේ | Nawum Kale by Charitha Attalage ft. Chandrasena Thalangama & Chamara Nirmal [2020]

නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ

පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ

බිතක්කනට පිටදී නිය සැපුවයි
සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි
යමින් එමින් ඇඹරෙයි මගේ හිත
බාන කඩාගෙන යයි

ඇබිත්තකට හිටපං තව නොදුවා
කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා
දාංගලේ බොහොමයි මගෙ නංගියේ
මේං මේක අහපං

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

 

මහමායා | Mahamaya by Supun Perera ft. Charitha Attalage (Reprise Version) [2019]

නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා..
පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා..

කම්පා නොවන් සඳ මහාමායා..කුමාරයා හැරදා ගියා..
තුන්ලෝ උතුම් බුදු පදවි පතා..
කුමාරයා හැරදා ගියා

මහාමායා…

රුදු සසර ගිනී – බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙනී – වැසි වසිනු වැනී..

අඩුවක් වුනාදෝ ජීවිතේ – ඉසුරින් පිරී මේ මාලිගේ
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ – හැරදා ගියේ ඇයි මාලිගේ..

සදහම් අමා වැහී හෙලනා රඟේ
නොසැලී බලන් මහාමායා…
සසරින් මිදී පුතූ වඩිනා රඟේ
නොසැලී බලන් මහාමායා..

මහාමායා… මහාමායා…
කම්පා නොවන් මහාමායා…
මහාමායා… මහාමායා…
කම්පා නොවන් මහාමායා…