ගුම් නාදේ | Gum Nade by Santhush Weeraman ft. Umara [2008]

ගුම් නාදේ රෑනින් රෑනෙ
මී මැස්සන් රෑනක් සේ
ආකාසේ අත්ත⁣ටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ
සිත්යායේ සිත්මල් පීදි
මල් මේදෝ වෑහෙන්නේ
හීනෙන් දුටු පාරාදීසේ
සිත්තම්දෝ දිස්වන්නෙ

ගංගා දියේ සීතේ දිය වැල් සුරයි
පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි
පෑවාට සිත්සේ දස්කම් දගකාරකං
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්‍රිතියෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි….ලැබෙයි ජිවිතේ//

හද්දා කැලේ කව්දෝ රහසින් එබෙයි
හැංගී බලා ඔය කව්දැයි ලංවී කියන්
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ මනරම් යාමයේ හිත පිරැනා ජීවයෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි….ලැබෙයි ජීවිතේ //

ගුම් නාදේ රෑනින් රෑනෙ…..

සත්තයි ඔන්න මං | Saththai Onna Man by Umara ft. La Signore [2021]

සත්තයි ඔන්න මං දැන් ඉන්නේ නම්
ඔබ ගැන හිතන් ගත්තා හද බැඳන්
බන්දා තොරන් නුබ රත්තරන්
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

විස්සයි විස්ස දැන් ගැහුවා වගේ
පෙම කළඹලයි
නුඹ නම් හරි වසයි මගේ කන රිදෙයි
ආදරේ දඟයි
නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තමන්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මා ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සැරමයි

දැන් දැවෙනා හීනයේ
තරු කැට කොහෙදෝ
නුඹ ලඟ නැති දා කතා
නව හැඟුනාදෝ

මෙන්න මේකයි සීන් එක,

පර්චස් තුනයි, තුනකට හයයි
ඔයයි දැන් ආවොත් තුනකට හතයි,
මෙට්ට නෑ, කොට්ට නෑ කාසි නෑ, වාසි නෑ
හිට් නෑ බොන්න නෑ, බීපු දාට කෑම නෑ.
සරම ඉරුනු දා ඉරුනු සරමේ මල් මසා
උබට මා දුන්නේ වැඩ තමා හැටට
ඉන්නේ දැන් ඔයා
සල්ලි නැත්තන් මා උන්නත් ආදරෙයිනේ මා
අත්න මෙතන කනට වැටෙන කටට රහට
බොරු කතා
අහන්නෙපා ඩාලිං

නුඹ ඉස්තරම් මා රත් කරන්
උන් හැටි අගෙයි
පෙම ලං කරන් නැටුව තවත්
දැන් පෙම්බරයි
නුබ උන්නා නම් මං ලං කරන්
මගේ හිතේ දුක අද යයි
අපි වින්දා නම් පෙම තද කරන්
මේ ගිනි ගොඩ සාරමයි

හාදකම් | Haadakam by Umara Sinhawansa [2021]

ආදරෙයි මා
දැන් හාදකම් යා කෙරේ
සාදරෙන් මාගෙන්
මේ ඇරයුමයි ආදරේ…
ඉන්න මා හා
ළං ළං වීලා
මේ ජිවිත ඇරුණේ
මදපවනැල්ලේ…

කොයිබදැයි මා
යලි ඔබ සොයලා
එමි සංසාරෙ පුරා
හද ඉල්ලා…

ගීතිකාවේ, රන්වියන්ලා
සිනහා සලා
පැවසූ දේ හිතපුරා රැඳිලා…

ඉන්න මා හා
ළං ළං වීලා
මේ ජිවිත ඇරුණේ
මදපවනැල්ලේ…

කොයිබදැයි මා
යලි ඔබ සොයලා
එමි සංසාරෙ පුරා
හද ඉල්ලා…
ගීතිකාවේ රන්වියන්ලා
සිනහා සලා
පැවසූ දේ හිතපුරා රැඳිලා…

මා ඔබේ නම්
ඉම් සදාකල්
ආදරෙන් වෙලී මේ පෙම් ගීතේ
ආලයෙන් මා සාදරෙන් හා
පාළුවෙන් මිදී රෑ දිවා

දරාගමි මම ජීවිතේ | Dara Gami Mama Jiwithe by Umara

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා …
රිදෙනවා…

දරුකුසුම් දෑලේ හුරතලේ
දනවන්නෙ මට අපේ ආදරේ
රිදුම් ගිගුම් දෙයි ජීවිතේ
ඒත් දරාගමි මම ජීවිතේ….

දෙදරු හිත් නිතරම සොයන්නේ
උණුහුමයි ඔබේ ආදරේ…
ඔබ හිඳියි තරුවක කෙලවරේ…
මම හිඳිමි දරාගෙන ජීවිතේ…

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා . ..
රිදෙනවා…

පරණ නාඩගම් | Parana Nadagam by Sachith Peiris ft. Umara [2020]

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙලා
මයෙ මැණිකේ ආයේ ආයේ
කාර මාලේ පලදිල්ලා

පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං

දෙවියන් වැන්දා දෙවියන් වැන්දා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා

ජන ගීතයක් උනා මුලු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කරේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ

රණවිරු ප්‍රණාමය | Ranaviru Pranamaya by Umara Sinhawansa [2020]

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
පෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැති
කොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ

අප නොම විදිනා දුක් ගැහැටය ඔබ
අප නොම දකිනා ලේ කදුලය ඔබ
මොහොතක දිලෙනා මිණි පහනය ඔබ
මොහොතින් නිවෙනා ගිනි දැල්ලය ඔබ
යුධබිය මරබිය මටමෙන් ඔබටත්
නැතිදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ

නිදි ආවර්ජිත විඩා දෙනෙත ඔබ
රට දැය රකිනා අප සම්පත ඔබ
කුරිරු ලොවේ අති උතුමන් වේ ඔබ
සාමයේ නාමෙන් දිවිපුදනා ඔබ
සතුරන් පරදන නිදහසේ ධාතම
ලගදෝ-කොහෙහෝ ඔබ තනින්දෝ

විරභවේ නිසි සංකේතය ඔබ
අප රකිනා මහ මිනිස් බලය ඔබ
රතු පලසක් මත පා වඩනා ඔබ
සදා සුවෙන් සැරදේ රණවිරු ඔබ
යුධබිම වියරුය සැරදේවා ඔබ
රණවිරුවරුනේ මගේ ප්‍රණාමය.

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
පෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැති
කොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ

සබඳේ | Sabande by Umara Sinhawansa ft. Dumal Warnakulasuriya [2019]

සබඳේ නොසිතු සේ උන්මාදවී මෙලෙසේ
සොඳුරේ නොසිතු සේ ශ්‍රුන්ඝාර වේ රැය මේ
පෙරදා මසිතේ පාට තැවරූ ඔබද මේ
මිහිරේ හිත කැළඹේ හීන අතරේ විසිරිලා

අනුරා සුපෙම් ගී සුළගේ ඇසේවා තරිඳා සළු උනාලු මේ රෑ
නොදවා නුරාවෙන් රැය දැන් ගෙවේවා සුව වී සිත නිවේවා සීතේ
සේපාලිකා යායේ සුවඳට මා යාවේ මේ සීත මායාවේ උණුහුම නෑ කාගේ
සඳ එළියේ මා දැවේ

මධු රෑ මහෝගේ අද නෑ උදාවී සබඳේ ඇයි මුළාවී මේ රෑ
පිබිදී ප්‍රමෝදේ දෙසිතක් බැඳේවා තුරුළේ රැය ගෙවේවා පෑහී
තාරුණ්‍ය මායාවේ හීනෙන්ද රෑ පානේ
සෝ තාප සංකාවේ ගිලෙමුද රෑ යාමේ
නිදි නැති රෑ මා දැවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ෂහීනා | Shaheena by Bathiya & Santhush ft. Umara [2012]

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී

I like the way you look at me
I like the way you play with me

What you do to me boy

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That’s me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී

I’ll be your fantacy
What you do to me boy

ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී

ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී

I like the way you look at me
I like the way you play with me

What you do to me boy

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That’s me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී
I’ll be your fantacy
What you do to me boy

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That’s me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී
I’ll be your fantacy
What you do to me boy

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කස්තුරි සුවඳකි | Kasthuri Suwandaki by Umara ft. Santhush Weeraman & Ashanthi [2007]

කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ

සපුමල් සරසන රම්‍ය වසන්තය නිමනොවනා ලෙස තණපූ
ලස්සන සි‍හිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ

ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ……

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ……..

ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ..

ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ..

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා!
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා !

සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!]
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා

කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ

සපුමල් සරසන රම්‍ය වසන්තය නිමනොවනා ලෙස තණපූ
ලස්සන සි‍හිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ

ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ

මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ

මල්යාය ‍වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ
විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(හ්). ඔබලූ

මල්යාය ‍වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ
විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(අආ..). ඔබලූ

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා!
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා !

සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

වස්සානයට | Wassanayata by Umara [2011]

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹ කීමි
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

වැට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගෙම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
මං ආවොත්ද නුඹ මට හිමි

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here