ගුම් නාදේ | Gum Nade by Santhush Weeraman ft. Umara [2008]

ගුම් නාදේ රෑනින් රෑනෙ
මී මැස්සන් රෑනක් සේ
ආකාසේ අත්ත⁣ටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ
සිත්යායේ සිත්මල් පීදි
මල් මේදෝ වෑහෙන්නේ
හීනෙන් දුටු පාරාදීසේ
සිත්තම්දෝ දිස්වන්නෙ

ගංගා දියේ සීතේ දිය වැල් සුරයි
පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි
පෑවාට සිත්සේ දස්කම් දගකාරකං
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්‍රිතියෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි….ලැබෙයි ජිවිතේ//

හද්දා කැලේ කව්දෝ රහසින් එබෙයි
හැංගී බලා ඔය කව්දැයි ලංවී කියන්
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ මනරම් යාමයේ හිත පිරැනා ජීවයෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි….ලැබෙයි ජීවිතේ //

ගුම් නාදේ රෑනින් රෑනෙ…..

Leave a Reply