in Umara

දරාගමි මම ජීවිතේ | Dara Gami Mama Jiwithe by Umara

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා …
රිදෙනවා…

දරුකුසුම් දෑලේ හුරතලේ
දනවන්නෙ මට අපේ ආදරේ
රිදුම් ගිගුම් දෙයි ජීවිතේ
ඒත් දරාගමි මම ජීවිතේ….

දෙදරු හිත් නිතරම සොයන්නේ
උණුහුමයි ඔබේ ආදරේ…
ඔබ හිඳියි තරුවක කෙලවරේ…
මම හිඳිමි දරාගෙන ජීවිතේ…

ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා….
මහද ගැඹුරම රිදෙනවා . ..
රිදෙනවා…

banner

Leave a Reply