රණවිරු ප්‍රණාමය | Ranaviru Pranamaya by Umara Sinhawansa [2020]

Sinhala song lyrics with music notes illustration

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
පෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැති
කොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ

අප නොම විදිනා දුක් ගැහැටය ඔබ
අප නොම දකිනා ලේ කදුලය ඔබ
මොහොතක දිලෙනා මිණි පහනය ඔබ
මොහොතින් නිවෙනා ගිනි දැල්ලය ඔබ
යුධබිය මරබිය මටමෙන් ඔබටත්
නැතිදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ

නිදි ආවර්ජිත විඩා දෙනෙත ඔබ
රට දැය රකිනා අප සම්පත ඔබ
කුරිරු ලොවේ අති උතුමන් වේ ඔබ
සාමයේ නාමෙන් දිවිපුදනා ඔබ
සතුරන් පරදන නිදහසේ ධාතම
ලගදෝ-කොහෙහෝ ඔබ තනින්දෝ

විරභවේ නිසි සංකේතය ඔබ
අප රකිනා මහ මිනිස් බලය ඔබ
රතු පලසක් මත පා වඩනා ඔබ
සදා සුවෙන් සැරදේ රණවිරු ඔබ
යුධබිම වියරුය සැරදේවා ඔබ
රණවිරුවරුනේ මගේ ප්‍රණාමය.

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝ
පෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැති
කොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply