මුතු කඳුලින් | Muthu Kandulin by Chandrasena Hettiarachchi

මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා

මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා

සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා

මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා

මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා

මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා

යෙහෙළියක සේ | Yeheliyaka Se by Chandrasena Hettiarachchi

යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්

යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්

හැඳින ගත්තේ අප ඔවුන්
පෙම්වතුන් වීමෙන්
අප උපන්නේ මේ බිමේ
ප්‍රේමයේ නාමෙන්
ඉතින් කෙලෙසද මා බලන්නේ
ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ
පෙම් කඳුළු දෑසින්…

යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්

ඔබ ඔබේ සිත රවටමින්
අහක බැලු දවසේ
ඔබ ඉවත හල මා අදත්
හඬමි පෙම් පියසේ
ඉතින් කෙලෙසද මා බලන්නේ
ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ
පෙම් කඳුළු දෑසින්…

යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්