අරාබි කුමාරි | Arabi Kumari by Sandun Perera [2024]

දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී
මුවඟේ සිනා වගෙයි දේවතා එළි
කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී
ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි

හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි

බඹර විලාසේ රගන මලක ස්වරූපේ
දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ
ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ
ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ

ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ
ඔයට හැඩ සාරිම ඇන්දේ
සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ
ඇස් දෙක දැක්කම සීලෙ බිදේ

ලග නවලා අඩිචි කලා
රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා
දෙතොල හපා උකුල බදා අනග කතාවේ

හබීබි හබීබි සලාම් අලෙයිකුම්…

දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී…

හබීබි හබීබි සලාම් අලෙයිකුම්…

written by Sandun Perera & Harshana K Perera

ආලේ වන්දනාවක් | Aaley Wandanawak by Dilki Uresha ft. Nadun

සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා
හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා
මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ

ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ
ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ

චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා
දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා
දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ…

written by Sandun Perera

උලල්ලා | Ulalla by Babi Supram X Sandun Perera X Krish Manoj

Undhan Kadhal Ennai Thaakkum Podhu Kandean En Thozha
Naanum Unnai Nokki Paarkum Podhu Vandhean Nee Vaada
Endhan Maatram Kaanum Podhu Neeyum Ennul Vaa Vaada
Undhan Pakkam Vandhean Naanum Endhan Kannul Nee Vaada

උලල්ලා ගෑවෙන්නේ හදේ ඔය
උලල්ලා අගිස්සේ ඉන්නෙ මෙමා
උලල්ලා වස්සන්නම් වැස්සක් මෙමා
උලල්ලා පැද්දෙන ලැමට දෑසම බැන්දුව මා

උලල්ලා ගෑවෙන්නේ හදේ ඔය
උලල්ලා අගිස්සේ ඉන්නෙ මෙමා
උලල්ලා වස්සන්නම් වැස්සක් මෙමා
උලල්ලා පැද්දෙන ලැමට දෑසම බැන්දුව මා

Undhan Kadhal Ennai Thaakkum Podhu Kandean En Thozha
Naanum Unnai Nokki Paarkum Podhu Vandhean Nee Vaada
Endhan Maatram Kaanum Podhu Neeyum Ennul Vaa Vaada
Undhan Pakkam Vandhean Naanum Endhan Kannul Nee Vaada

එන්න කෙල්ලේ මගේ ලගටම
තව නුඹ සගවන්න බැරි වේවි
නෙතින් නෙත බලන්
ඔය හිත කිමිදෙන්න පතුලට
මගේ දෑතින් අල්ලන් ආයේ ඉල්ලන්

පහසෙම වැතිරෙමි අද සුර ලොව මව මවා
මන්දාකිනි පහුකරගෙන දෙන්න කෙල්ලේ
නවතින්න එක මොහොතකට
ගාවින් ඉන්නම් පාවී යන්නම්

මා හා නෑවිත් ඉන්න නෑ නෑ ආයෙත් එන්න
මායාවී මාගේ නෑ හරගන්න නෑ හරගන්න නැ නෑ නෑ නෑ

මා හා නෑවිත් ඉන්න නෑ නෑ ආයෙත් එන්න
මායාවී මාගේ නෑ හරගන්න නෑ හරගන්න නැ නෑ නෑ නෑ

උලල්ලා ගෑවෙන්නේ හදේ ඔය
උලල්ලා අගිස්සේ ඉන්නෙ මෙමා
උලල්ලා වස්සන්නම් වැස්සක් මෙමා
උලල්ලා පැද්දෙන ලැමට දෑසම බැන්දුව මා

හදේ ඔය
උලල්ලා අගිස්සේ ඉන්නෙ මෙමා
උලල්ලා වස්සන්නම් වැස්සක් මෙමා
උලල්ලා පැද්දෙන ලැමට දෑසම බැන්දුව මා

Undhan Kadhal Ennai Thaakkum Podhu Kandean En Thozha
Naanum Unnai Nokki Paarkum Podhu Vandhean Nee Vaada
Endhan Maatram Kaanum Podhu Neeyum Ennul Vaa Vaada
Undhan Pakkam Vandhean Naanum Endhan Kannul Nee Vaada

written by Dulan ARX & Krish Manoj

ඔබ මගේ හදවතේ | Oba Mage Hadawathe by Sandun Perera

ප්‍රාණයෙන් දරා ළයතුරා ආදරෙන්
මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්
දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳගනා

ඔබ මගෙ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කළා
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යළි ඉපදුවා

මහ සාගරේ තරම් තියේ
ආදරේ මේ ළයේ

අන්ධකාරෙන් අත්මිදී සිනහවෙන් පිළිතුරු දිදී
තව්තිසාවේදිත් යළි එකතු වෙන්නට යමු අපි
වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී
දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී

දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳගනා….

ඔබ මගෙ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කළා
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යළි ඉපදුවා

මහ සාගරේ තරම් තියේ
ආදරේ මේ ළයේ

Written by Sandun Perera

oba mage hadawathe paladuwa lyrics , oba mage hadawathe paladuwa song . sandun perera new song , oba mage hadawathe palanduwa