ඔබ මගේ හදවතේ | Oba Mage Hadawathe by Sandun Perera

Sinhala song lyrics with music notes illustration

ප්‍රාණයෙන් දරා ළයතුරා ආදරෙන්
මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්
දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳගනා

ඔබ මගෙ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කළා
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යළි ඉපදුවා

මහ සාගරේ තරම් තියේ
ආදරේ මේ ළයේ

අන්ධකාරෙන් අත්මිදී සිනහවෙන් පිළිතුරු දිදී
තව්තිසාවේදිත් යළි එකතු වෙන්නට යමු අපි
වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී
දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී

දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳගනා….

ඔබ මගෙ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කළා
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යළි ඉපදුවා

මහ සාගරේ තරම් තියේ
ආදරේ මේ ළයේ

Written by Sandun Perera

oba mage hadawathe paladuwa lyrics , oba mage hadawathe paladuwa song . sandun perera new song , oba mage hadawathe palanduwa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply