මේ අදුරු රාත්‍රියේ | Me Anduru Rathriye by Nadeeka Jayawardana

මේ අදුරු රාත්‍රියේ
අදුරේ බියෙන් තනිවී
හදම් …..සිතින් ….
සදක් ලෙසින් ඔබ ඒවිදෝ….

සිසිලක් නොමැති ගිම්හානේ
දහයෙන් පෙලෙන මොහොතේ
හදම්….සිතින්….
පවනක් ලෙසින් ඔබ ඒවිදෝ….

සෙවනක් නොමැති ජීවිතයේ
විද ගෙවෙන මොහොතේ
හදම්…සිතින්….
සෙවනක් වෙලා ඔබ ඒවිදෝ
මා ඔබ නැති ලෝකයේ
සැමදා සිතින් තනිවේ
හදම් සිතින්
ඔබ මා සොයා ඒවිදෝ

නොනැවතී | Nonawathi Karakawena by Nadeeka Jayawardana

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් ජීවිතේ

උතුරා යන්න මග බලන
ගිනිකඳු වලට හිම වැස්සක් වී
ඝණ අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ

නොනැවතී කරකැවෙනා
මේ පොළෝ තලයේ
කොතැන හිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ

වසන්තයේ මල් | Wasanthaye Mal by Nadeeka Jayawardana [2020]

සිහින පුරන
සිත අද්දර
ළියන සුබ පැතුම් පොකුර
මල් පුබුදන සෙනෙහස ගැන
බැතිබර වී සෙමෙන් ගයන

මල් පෙති හා මුකුලු කරන
රහසින් පෙම් කතා කියන
තරු දැල්වෙන අලුයමක
නිල් පොළවට සුවද ඉහින
පොදින් පොදේ

වසන්තයේ මල් නුඹටයි
වසන්තියේ මල් නුඹටයි
වසන්තයේ ගී නුඹටයි
වසන්තියේ ගී නුඹටයි
ගී නුඹටයි

පොදින් පොදට
පැහැ ගැන්වෙන
සුවද හැගුම් මල් පොකුර

සොයා ඇදෙන සියොතුන් කැල
පෙම්වත් වී සෙමෙන් රගන
මල්පෙති හා මුකුළු කරන
රහසින් පෙම් කතා කියන
හිත හිනැහෙන අලුයමක
මද පවනට මිහිර පොවන
තුඩින් තුඩේ

වසන්තයේ ගී නුඹටයි
වසන්තියේ ගී නුඹටයි
වසන්තයේ මල් නුඹටයි
වසන්තියේ මල් නුඹටයි
මල් නුඹටයි

වසන්තයේ

මඟ බලා හිඳිමි මා | Maga Bala Hidimi Ma by Nadeeka Jayawardana

මඟ බලා හිඳිමි මා
එන තුරා යලි සිහිනයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි මේ
කෙටි කලත් රහසේ මියෙමි මා…
ඔබ පැතුම එය නම්…

කිලිටි අදුරේ එරී සිරවී
සියලු දේ නැති වී
සිලිටි සිරුරේ සුවද වියකි
දෙදෙලොවකට මැදිවී
හැගුමන් අතරේ සුසුමන් ඇසුරින්
ගිය ඒ ඔබදෝ මෙය අද මෙසේ
ගිලිහි වෙන්වී ගියේ
දුරස් වී විගසේ

මඟ බලා හිඳිමි මා
එන තුරා යලි සිහිනයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි මේ
කෙටි කලත් රහසේ මියෙමි මා…
ඔබ පැතුම එය නම්…

ගං ඉවුරේ | Gan Iwure by Nadeeka Jayawardana

ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා …..
ඔබ යලි ඒවි කියා සිතුනා
අහ්හ් හා ආ හා ……

අප කි පෙම් කතා ……
සුළගේ මුසු වෙලා …..
දෑසින් වැටුන කඳුලෙල්
රහසේ වියෙකිලා…..

බිඳී ගිය සිතට තුරුලුවී ……
අපේ …..මතකයන් විතරයි
අද මා ළඟ ඉන්නේ…..

ගං ඉවුරේ සැදැවේ රල වෙරළේ හැපී විසි වෙද්දී
ඔබ ඈතට වෙන් වී වෙන් වී යද්දී
මං තනිවී බලා සිටියා …..
ඔබ යලි ඒවි කියා සිතුනා ……
ඔබ යලි ඒවි කියා සිතුනා …….

ඇසි පිය මානේ | Asi Piya Mane by Nadeeka Jayawardana

ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ
ඇසි පිය මානේ

ගංගාව බැස යාවි කී දේ නැති
මල් යාය රහසේම රොන් දේ නිති
නුඹ නෙතු මා සිත අමතා
මට කී කතා ප්‍රියේ සුරැකෙන්නැති
ඇසි පිය මානේ

පෙම් සීත වරුසාවේ නැහැවී යමු
ගුම් නාද බඹරුන්ගෙ විඳිමූ අපි
නුඹගෙන් මා ලොව දුටුවා
සංසාර ගීතයේ තරුවක් වෙමි

ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ

ඇසි පිය මානේ
දෙසමන් පීදේ
ඇසි පිය මානේ

මට කියන්න | Mata Kiyanna by Nadeeka Jayawardana

මට කියන්න හැම දෙයක්ම
සිතේ තියන දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ඔබේ නෙතු අගින් රැදෙනා කඳුල
මෙනෙහි කරමින් අදුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැදෙමින්
හැකිවේද සිතනු රිසින්…

මට කියන්න හැම දෙයක්ම
සිතේ තියන දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

මට කියන්න හැම දෙයක්ම
සිතේ තියන දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

දුක රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
රැදෙන්න අවසරයි සොදුර
පුදමි දෝතින් වසන්තය

මට කියන්න හැම දෙයක්ම
සිතේ තියන දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

කියන්න කියන්න | Kiyanna Kiyanna by Nadeeka Jayawardana

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ…
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ….

හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ
දිස්වේවි මුතුවන් සිනා දෙනුවන් යුග ලග මගේ
මන්මත් සිත පුරා කලබේ වේදනා හැගුම්
නොදනී ඒ අස්සිල්ලේ කියවේ ඔබ ඔබේ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ….
කියන්න කියන්න…
ඇති සැම දේ රිසි සේ …

නිදි වරා ජීවිතේ මා ගෙතු ගීතයේ
දැවටෙයි ඔබ කි වදන් දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ ලියවෙයි ඔබ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ…
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ….

සිහිනයක් | Sihinayak by Nadeeka Jayawardana

රැය පහන් කළා ඔබ ගැන සිතමින්
මා හද උමතුවෙන්
නීල නුවන් දකිනාතුරු ඔබගේ
මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින්
ඒ සිත් සැරසේවි

පුංචි සන්ධියේ සෙල්ලම් කල හැටි
තවමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ
ඇවිදපු හැටි මට මතකයි
යෞවනියක වී ඔබ මා අත ගෙන
මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ

රැය පහන් කලා …..
මා සුන්දර සිහිනයක්
මා සුන්දර සිහිනයක්
මා සුන්දර සිහිනයක්
මා සුන්දර සිහිනයක්

පෙරවදනක් නැති | Perawadanak Nathi by Nadeeka Jayawardana

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා ගීයට
විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

එක සෘතුවකට පසුව
නව සෘතුවක් පැමිණේ නම්
ගහ කොල මල් දළු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්