රිදුණු තැන් | Ridunu Than by Anushka Madhubhashini

රිදුණු තැන් ජීවිතේ බෝමා
කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා
සීතලෙන් ගැහෙනා
ඒ කඳුලු බිඳුවට නමක් තියමුද
“ආදරේ” කියලා

පිසලන්න ඕනෙත් නෑ
සනසන්න ඕනෙත් නෑ
හුස්ම හිරවෙන වෙලාවට විතරක්
පිරිමදිනු ලය මා

ලං වෙන්න ඕනෙත් නෑ
වෙන් වෙන්න ඕනෙත් නැ
හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත්
අපිට අපි දුර නැ

රිදුණු තැන් ජීවිතේ බෝමා
කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා
සීතලෙන් ගැහෙනා
ඒ කඳුලු බිඳුවට නමක් තියමුද
“ආදරේ” කියලා