මතක මන්ත්‍ර | Mathaka Manthra by Binara Fonseka [2022]

මතක මන්ත්‍ර – හිතම සිම්බ
හිත රිදෙව්ව – විටෙක වින්ද
මතක නැද්ද – කවිය “වැස්ස”
වල විචාර – නිතර ලිව්ව

පාට කිව්වෙ කවුද ආදරේට
පාට ගෑවිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

මතක මන්ත්‍ර – ජප කෙරෙව්ව
පොත් පිරෙන්න – අකුරු ඇන්ද
කැමති නැද්ද – නැවත යන්න
පාට දුන්න – දේවී බලන්න

පාට කිව්වෙ කවුද ආදරේට
පාට හේදිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

පාට ගෑව ආදරේ හැන්ගුවත් එදා
දන්නවාද ඒ නුඹ කියා

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

written by Binara Fonseka

binara fonseka,sarath fonseka,sirasa news,blind auditions,derana news,sri lanka,ada derana,walakulak wee,voicesrilanka,sangeeth vlogs,anthare,nagananda kodituwakku,voice sri lanka,wishwaya dakimu,news 1st,aragalaya,#thevoicesrilanka,wasantha mudalige,the voice sri lanka,kolamkuttama,voice,voicelk,thevoice,the voice,thevoicelk,thevoicesl

මගේ හිතේ | Mage Hithe Upan Adare by Neil Warnakulasuriya

මගේ හිතේ උපන් ආදරේ

සිතින් කිසිද මැකීලා නොයේ
මගේ හිතේ උපන් ආදරේ
සිතින් කිසිද මැකීලා නොයේ
වසර ගණන් ගෙවිලා
ඈ මා හැරදමා
ඒත් ඇයයි මගේ ආදරේ..
මගේ හිතේ උපන් ආදරේ

මතකය ගෙනෙනා වේදනා

මවයි සෝසුසුම් කල්පනා
මතකය ගෙනෙනා වේදනා
මවයි සෝසුසුම් කල්පනා
මගේ ලොවෙන් එදා
අවසාන ගමන ගියා
මතකයෙ රඳවා එ ආදරේ
මගේ හිතේ උපන් ආදරේ

දෛවයෙ සරදමින් වෙන් වුණා
ආයෙ නොඑන ලෙස දුරස් වුණා
දෛවයෙ සරදමින් වෙන් වුණා
ආයෙ නොඑන ලෙස දුරස් වුණා
භවෙන් භවය පුරා
සසර වසන තුරා
ඇයයි ඇයයි මගේ ආදරේ

මගේ හිතේ උපන් ආදරේ
මගේ හිතේ උපන් ආදරේ
මගේ හිතේ උපන් ආදරේ

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

හිත ආදරේ සොයා | Hitha Adare Soya by Shihan Mihiranga

හිත ආදරේ සොයා යනවද බොරු කතා කියා
හිත එක තැනක තියා ගන්න බැහැ වගේ ඔයා
ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා
මා ඔය උකුලේ හොවා ගන්නකො ආදරෙයි කියා මා හා

විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ

ලස්සන පාටට හිනැහුණු හීනෙට මුලකුරක් හෙව්වා
හීන ඉසව්වක රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා
හීන කතන්දර ඔහොමමයි
හැබෑ වෙන්නේ නෑ සත්තකයි ආදරී

විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ

රන්වන් දෙතොලට දිලිසෙන පාටට
ආදරෙයි කිව්වේ නෑ
මං ලග නවතින ලස්සන හදවත් ඔයාගේ හීනේ නෑ
බොළඳ උනත් හරි සුන්දරයි
ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි

විහිළුවෙන් බොළඳ චාටුවෙන්
හිත ආදරේ සොයා
විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ

අපේ ජීවිත | Ape Jiwithe by H.R.Jothipala

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ

රෑට කෑවාම පිටවීලා මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්
ලෝකෙ මුහුදයි අපේ මාළු බෑමයි සැපේ
අපි ලබා උපන් හැටී

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ

ඈත ළඟ පාත දැළ දාල බිලිබානවා
ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා
කන්නෙ මාළුයි බතුයි
ඉන්නෙ වෙරළේ පැලෙයි
අපි ලබා උපන් හැටී

ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ

ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ

සළඹ සලා | Salaba Sala by Tashni Perera [2022]

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා

බඳ නලවා නේ – ඇස්වහ නෑනේ
තාලෙට පාද තබා
රැඟුම් පපා සල්සා නටන්නේ
රැඟුමට මාගේ – මොණරිය වාගේ
බලනවා ඔයා දිහා
නටා ගයා මගේ පරානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇස් ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා

මධුවිත පානේ – පදමට නෑවේ
ප්‍රේමය තලා පෙලා
එහා මෙහා ගියා කියානේ
කැරකෙන ලෝකේ – අරුමය වාගේ
එනවා හිනා වෙලා
කොලේ වසා වශී වෙලානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇහැ ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා

සළඹ සලා
මාගෙ හෘදේ පුරා
සළඹ සලා

ආදර මල් පවනේ | Adara Mal Pawane by H.R.Jothipala

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා

වේදනා කන්දේ ඉඳලා
ආදරය දැක අත වනලා
සුළගේ පාවී සුසුම් හෙලාවී
දුලීකා …. දුලීකා …. දුලීකා …. දුලීකා
දුලීකා …. දුලීකා …. දුලීකා …. දුලීකා

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කවුදෝ දන්නේ කොහෙදෝ යන්නේ
දුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා

චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
නැලැවී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ කඳුළැලි මුහුදටදෝ

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා…. දුලීකා…. දුලීකා…. දුලීකා

දූවිල්ලෙන් තිලක තියන්න | Duwillen Thilaka Thiyanna by Ajith Bandara

දූවිල්ලෙන් තිලක තියන්න
උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න
කිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුව
මගෙ නළලත තිලක තියන්න

ප්රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොර
මල් පෙති සීතල නෑ දෙපයට පෑගනු ගින්දර
කිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අප
ඔටුන්න අප ලද ඔටුන්න මා ලද

ගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකර
ඒ උල්පත ළඟ දණ නමන්න
මට ඇති අවසර අප කාට ගයන්නද මේ ගී
අපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිස

පන සේ පණ වී | Pana Se Pana Wee by Damith Asanka

පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ
අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ
හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා
ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා
හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ
හිත තුලම ගුලි වී සදා
මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ
සඳවතියේ අවරට නොයා

ආදරේ ආදරේ නුඹ මට දුන්නේ ඔහුටත් හොරා
ජීවිතේ වැරදුනේ අන්සතු මලට පෙම් කළ නිසා
නෙතු අගින් කී කතා කීවේ නෑහැනේ අන්සතුයි කියා
උණුහුමේ ගුලි වෙලා සෙනෙහස වින්දේ මගේමයි සිතා

මා ළයේ මා ළයේ දැවෙනා ගින්න දුන්නේ ඔයා
ඔය මුවින් කී කතා අද බොල් සුළගේ පාවී ගියා
ඉන්නේ මා කෙලෙසදෝ ඔය නෙත් මතක අඳුරේ දමා
ජීවිතේ නැවතුනේ අන්සතු නුඹට පෙම් කළ නිසා

පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ
අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ
හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා
ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා
හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ
හිත තුලම ගුලි වී සදා
මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ
සඳවතියේ අවරට නොයා

මගේ හිත ගාව | Mage Hitha Gawa by Damith Asanka

මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ
නුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ
කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ

සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ
අනේ එහෙම නොවුනානම් තනි වෙන්නේ නෑ
සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ
අනේ එහෙම නොවුනානම් තනි වෙන්නේ නෑ
මගේ පෙම් ලෝකේ තනි වෙන්නේ නෑනේ

මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ
නුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ
කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ

සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ
තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ
සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ
තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ
මාව අසරණ කළා ඔබේ ආදරේ

මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ
නුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ
කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ

හිරු හිනහී | Hiru Hinahi by Pradeep Rangana

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා

නව යොවුනේ පැතු පෙම වීලා
නොසිතුව සේ පෙරමඟ රැඳිලා
මා මනසේ රැඳි පෙම් රුව වූවා
මා හඳ රැඳුනේ නුඹ පමනයි නේ
සිත ගත් ආදරියේ
මන පුබුදා වසඟ කලා

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා

නෙතු අතරේ කඳුලැලි රඳවා
කිසි දිනයේ නොයනෙමි හැරදා
මා පණ සේ රකිනෙමි නුඹ සැමදා
නුඹ හද අරණේ මිනි පහනක් සේ
හිඳිනෙමි ආදරියේ…
මන පුබුදා හිඳිමි සදා..

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා
මන පුබුදා වසඟ කලා
මන පුබුදා වසඟ කලා