ගඟන සරන්නට | Gagana Saranna by Roony

ගඟන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොළ තිබෙයි
විඩාපත් මං වගෙයි
විඩාපත් මං වගෙයි

කඳු කිණි රුපු වගේ..
රැයට ඉඩ දී යලි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ..
විඩාපත් මං වගෙයි..

සමනලුන් යන මගේ…
සිහින විසිරී ගියේ..
බිඳුනු සිත් ගෙනෙනා…
මිහිරි ගීයක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ…
විඩාපත් මං වගෙයි.

දුඹුරු ළමිස්සී | Duburu Lamissi by Roony

සංතාප තැවුල්නම්

මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම්
තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ

ගිලිහුණා කඳුළකින්
ගිම්හාන කවුළුවෙන්
ඉගිලූනා ඔබ මගෙන්

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

තරු රෑක ගිමන්හල්
තනිකමේ වරු ගණන්

උඳුරන්න බැරී තරම්
ආදරේ මහමෙරක්

හැමදාම හඩන ඇස්
පේවෙලා නුඹෙ නමින්

හදවතේ ගැඹුරු තැන්
මියැදේවි තත්පරෙන්

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී

නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

කවිකාර මතකයන්
නොදොඩාවි හෙට ඉඳන්

තනි පාළු අඳුරකින්
නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම්
ඉවසන්න හුරු කරන්
නොකියාම ඡීවිතෙන්
බොඳවුණා නුඹෙ සුසුම්

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී
එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

සංතාප තැවුල්නම්

මං වින්දා ජීවිතේ

පින්තාරු හාදකම්
තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ

ගිලිහුණා කඳුළකින්
ගිම්හාන කවුළුවෙන්
ඉගිලූනා ඔබ මගෙන්

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී

නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී

වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී

මගේ දුඹුරු ළමිස්සී

නීල ආකාසේ | Neela Akase by Meena Prasadini ft. Roony from Dharmayuddhaya Movie [2017]

මේ නීල ආකාසයේ
රන් වලා කැරලි අතරේ
රෑ දහවලේ පියඹා
කූඩු වි ඉදිමු සැමදා

ගී නිම්න නැතේ වී
ස්නේහේ සුසර වැයිලා

සුන්දරයි ලොවම සුන්දරයි
මේ මියුරු දකිමු උදයේ
හමු වී වැස්සේ ඉන්නේ හිනැහී
මේ ජීවන කැදැල්ලේ
වහගුන් වෙමුය මිහිරේ

පාට පාට දේදුනු නැගී
නංවන්න ලෝ සිව් දිසා
සූ සද කලාවන් සදා
මේ ජීවන කැදැල්ලේ
විහගුන් වෙමුය මිහිරේ
වහගුන් වෙමුය මිහිරේ

මගේ ගිටාරේ | Mage Guitare by Roony [2016]

මගේ ගිටාරේ අරගෙන වැයූ
එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක
ඇවිදින් අද මගේ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

අන්තොනෙල්ලා මම දකින්නේ ආදර හීනයක්
නියන්ඩතා මිටියාවතේ
ඉස්සර මා පැතූ
ඒ ගිටාරේ වැයෙන්නේ අපේම කතන්දරේ
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන වැයූ
එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක
ඇවිදින් අද මගේ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

අන්තොනෙල්ලා මම දකින්නේ කවද්ද ආයෙමත්
ඔබේ තුරුලේ නිදන්න ගයන්න වයන්න ආදරෙන්
ඒ ගිටාරේ වැයෙන්නේ අපේම කතන්දරේ
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන වැයූ
එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක
ඇවිදින් අද මගේ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here