ඇහි පිල්ලමක් අතර | Ahi Pillamak Athara by Umaria [2020]

ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක්ව නවතින්න දෑසේ
උනුසුන්ම සුසුමක්ව දැවටෙන්න මහදේ
මිහිරේ…///

මේ මියුරු ගී හඬද ගී පෙලද ඔබගේය
මේ පිරුණු දෙකපුල්ද තොල් පෙතිද ඔබගේය
සුළඟින්ද කිළිපොලන සියොලඟම ඔබගේය
මිහිරේ…මිහිරේ..මිහිරේ…

සැමදාම පෙම් හීන මැද රෑට ගැවසෙන්න
කොඳුරන්න රස රහස මා ලඟම ඇලවෙන්න
මල් කැකුළු මත සොඳුරු පොද වැස්ස වස්සන්න
මිහිරේ…මිහිරේ..මිහිරේ…
ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක්ව නවතින්න දෑසේ
උනුසුන්ම සුසුමක්ව දැවටෙන්න මහදේ

මිහිරේ…///

written by Prof. Sunil Ariyarathna

worship songs with lyrics,christian songs with lyrics,hillsong worship,praise and worship songs with lyrics,gospel songs,non stop,worship songs,christian songs,gospel music,worship songs 2022,worship songs 2023,top christian songs 2023 non stop playlist,worship music,christian song,christian worship songs,praise and worship songs,praise and worship,gospel music praise and worship,goodness of god,christian music

හාදුද ඕනේ | Haduda One by Umaria [2023]

මාගෙන් හැගුම් හොරකම්
කලා නුඹ
හීනෙන් පවා මා දැන්
නුඹේ ලග
කාලෙන් මදක් සගවා
තබා සිත
ආලෙන් වෙලී හුරතල්
තමයි හොද

කෝ නුඹේ සද මං
වස්සානෙ අග ආ
…kal ලෑරෙ ලෑරෙ හා
වැල්ලෙ නුඹ හා
නිරන්තරෙන් මං
පිං ලාරෙ ලරෙ හා
පාලු මකා මේ ආ…හාදුද ඕනෙ

සිහිනෙට නෙක නෙක අදහස් හදා
ගෙන ආවේ එක එක
නෙතු ඇස් වසා
ආවාද සතුටින් ම
හැරදා දවස්
ප්‍රේමෙට විවරන පෑ යෝජනා
මේ කාලෙ නිති යනවා යාත්‍රා
ඒ පවස නිමන මාත්‍රා
හිත අදින්නම් නුඹ ගැන තා
මද්දපු මද්දපු හෝරා

කෝ නුඹේ සද මං…..//

written by Lasitha Jayaneththi Arachchige

රාගී රාගී | Raagi Raagi by Umaria [2023]

රාගී රාගී සඳ පායා දම්
ගෑවී ගෑවී තරුවක් දල්වම්
තාමත් දැන් හිත හිත මං හීනය විමසම්
පළඳා මල් නුඹ එනකන් බලා අනන්තේ
මන මන කළඹන මනෝ කරත්තේ
ගානු නුරා මූණ තෙමා දෑස දෙපැත්තේ
එන්න හාද වෙලා ඉමු වාඩි වෙලා
ගමු හාදු බෙදා අපි සොයා අනන්තේ

හොඳ කාලේ අන්ධකාරේ හොඳ කාලේ ආලේ අන්ධකාරේ
සඳ මාගේ සොයා ආවේ සඳ මාගේ සාරේ සුරා දහරේ

මත් වූ දා ආලේ කර්තෘ නුඹ මාගේ

මල මල විකසිත හැඟුම් වසන්තේ
දෑස පුරා පේන තුරා පාළු නොමැත්තේ
හිත පාට කළා තරු යාය බලා
මා ළඟට වෙලා අපි සොයා අනන්තේ

written by Lasitha Jayaneththi Arachchige

නානේ | Naane by Umaria [2022]

නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන්
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල්
සරසා විල්
තෙමලා තොල්
ගෙවමුද කල්

කියා දෙන්න බැරි ආලේ
තියා ගන්න මගෙ හෘදේ
එපා වෙන්න ගිය මතකේ
දිනා ගන්න ආලේ

සිනාවි – සරාවි – සිනාවි
නිදාවී – තුරුල් වී – නිදාවී

නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන්
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල්
සරසා විල්
තෙමලා තොල්
ගෙවමුද කල්

හිනා වෙන්න හමුවූයේ
තරහා වෙන්න බෑ ආයේ
ඔයයි මමයි හද පානේ
දරා ගන්න ආලේ

වෑහී හිත් වල ප්‍රේමේ වෑහී
කම්මුල් රතු වුනෙ පෑහී
තොල් පෙති හිරි වැටෙනා

2021 LPL ගීතය | 2021 LPL Song by B&S, Yohani, Sajitha & Umaria

ක්‍රිකට් ලොව කලබා
පිටිය යලි සරසා
එක්ව ජයගමු
ලොවම ජයගමු
සිංහ නද පතුරා

ක්‍රිකට් තරු දිලෙනා
අපේ කම රකිනා
තරඟ බිම හිඳ
ලොවම කලඹන
සිංහ නද පතුරා

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

The cricket world is on fire
The wickets calling out to you
It’s the sensation – of the generation
Can you hear the lion’s roar

It’s the battle of the champions
It’s the glory of the nation
It’s a celebration – It’s a revolution
You can feel it everywhere

Winning together
Striving together
Rising together
Glowing forever
LPL is the moment we win together

tamil part

වරම් අරන් පිත්ත වනන්
අපි ගහන සැරට පන්දුව දැල්වෙන්නේ
දෙනෙත් ඇරන් ඉන්න බලන්
අපේ වේගේට මේ කඩුලුත් ගැලවෙන්නේ
ජය ඝෝෂා පපරේ සද්දේ මැද
පිටියත් අපේ තාලෙට පැරදෙන්නේ
ශ්‍රී ලංකා සිංහ පිටිය ළඟ
කවදත් එක් වී ලොව ජයගන්නේ

ක්‍රිකට් ලොව කලබා
පිටිය යලි සරසා
එක්ව ජයගමු
ලොවම ජයගමු
සිංහ නද පතුරා

ක්‍රිකට් තරු දිලෙනා
අපේ කම රකිනා
තරඟ බිම හිඳ
ලොවම කලඹන
සිංහ නද පතුරා

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කර
ජයගමු නොසැලීම
පසු නොබසින අදිටන ගෙන
හැප්පෙමු පෙර සේම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

වැට කඩුලු බ්ද කඩුලු ගමු
සිත සවිය කොට පිටිය ජය ගමු
වැටෙන තැන නැගිට යමු සිහ
නදින් මුළු ලොවම කලබමු

අද බබලන මුතු ඇට ඔබ
මත දුදලපු මුතු කැට එළි
රල බිදගෙන පෙරටම යමු
බාදක බ්ද ගෙන රට

හද ගැස්මන් නවතින තැන
නංවමු ජය රාවය
මුලු ලෝකෙම දන්නම නම
දිනවමු සැමදාම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

රතු එලි | Rathu Eli by Umaria [2021]

රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැකැරෝකේරකේ ශාලාවක මා රගනා
ලියක් නම්
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක් නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්

නුඹ මට නම් මීට වඩා
පෙම් කරාවී ආදරෙන්
රන් මුදුවට බැරි දේ නම් බෝමයි
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්

අප ආදර ගීතය
අවසානය මෙය නම්
මා නම් නොදනිමි කිසිදා
ඔබ හා ජීවිතෙන්
අප ආදර සැමරුම්
බොදවී බහකින්
ඔබගේ ලෝකය තුල මා
මතකයක් පමණයි

රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්
නුඹ මට නම් මීට වඩා
පෙම් කරාවී ආදරෙන්
රන් මුදුවට බැරි දේ නම් බෝමයි
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලදක් නම්

නෑ කිසියම් වරදක්
මේ කිසි ලදකගෙනම්
වරදෙහි හිමි කරු ඔබමයි
මේ ඔබෙ කාලයයි
ඔබ බිරිදක් වේ නම්
මා වැනි තනිකම හිමිනම්
තනියට නොඅඩන් කිසි දා
මේ ඔබේ ගීතයයි

රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක් නම්
කැරෝකේ ශාලාවක මා රගනා
ලියක් නම්
නුඹ මට නම් මීට වඩා
පෙම් කරාවී ආදරෙන්
රන් මුදුවට බැරි දේ නම් බෝමයි
රතු එලි දෙනෙතේ
මා විසාරී ලදක්නම්

යුධ ගිණි දුමාරය | Yuda Gini Dumaraya by Umaria [2021]

නැගුන විට යුධ ගිනි දුමාරය
සටන් කෙරුමට පෙරමුනේ
වෙලාගත් ගිනි දැලි නිවීමට
ඔබ ගියෙන් අපි තනිවුනේ

අතුරුදන් වූ දාපටන් ඔබ
අපට හැමදේ නැති වුනේ
ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි
වඩින තෙක් ඔබ හිමියනේ

ඔබේ දියනිය
වරින් වර ඇවිත් ඉතින්
තාත්තා කොහිදැයි අසයි

කියා ගන්නට දෙයක් නැති සරණින්
මගේ හදවත ඉකිගසා වැලපේ
රට දැයට කිසරිදුවවන් සැමදා
මව් හදේ බබරිදු ඔබයි නිතිනා
වරට ගනනක පටන් ගත සිත මා
ඔබෙන් ලදවූ උනුහුමක් පතනා

රටේ මිනිසුන් බොහෝ දෙනෙකුට දැන්
ඔබේ අගයක් නොම දැනෙනා
ඔබ නොමැති මුත් ඔබෙ විරු සගයන්
තවම වැජබේ පෙරමුනේ සිටිනා

කොතෙක් කල් තව බලා ඉන්නද
නොදන්නෙමි මම දෙවියනේ
කොහේ හිටියත් දේව පිහිට
නැවත අප වෙත එනු මැනේ

නැගුන විට යුධ ගිනි දුමාරය
සටන් කෙරුමට පෙරමුනේ
වෙලාගත් ගිනි දැලි නිවීමට
ඔබ ගියෙන් අපි තනිවුනේ

අතුරුදන් වූ දාපටන් ඔබ
අපට හැමදේ නැති වුනේ
ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි
වඩින තෙක් ඔබ හිමියනේ

මේ කිරුල | Me Kirula by Amarasiri Peiris ft. Umaria Sinhawansha [2021]

මේ කිරුල බර වැඩී දේවී
ගිනි ගැනී ලය රිදුම් දේවී
ඔබම පැලඳූ සිරස
ප්‍රේමයේ මිණි කිරුල
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩී දේවී

සඳ කිඳුරු භවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමී
එදා සිට සපථ කල
ප්‍රේමයෙන් ආතුරව
පැමිණි මග මෙයින් නිම වේවී
සමු ගන්න අවසරයි ස්වාමී

මිතුරියක සොයුරියක
සෙනෙහසම පිදු මවක
මග නොමග කියා දුන්
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී
මවෙත ආ සඳකිඳුරු දේවී

මිතුරියක සොයුරියක මවක පිය සොඳුරියක
මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමා කර පේවී
නික්ම යයි සඳකිඳුරු දේවී

රැයම නොනිදා රැඳි
මගේ නෙතු මත හිඳී
මතක ගිලිහෙනු නොදී
ඔබ මසිත පිරිමදී
සසර මග අත නොහැර පේවී
යලි එකට මුන ගැහෙමු දේවී

දෙසිත් යා කර බැඳී
ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යලිදු මුන ගැහෙමු ස්වාමී

ආයාචනා | Ayachana by Umaria [2020]

මාගේ පැතුමන් නිසොල්මන් කලා
වාගේ නොගැයූ සුපෙම් ගායනා
සියොළඟ දෑලේ දැනුනා ආලේ
ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කදුලින් කීවේ
දැනුනාද සංවේදනා

මාගේ පැතුමන් නිසොල්මන් කලා
වාගේ නොගැයූ සුපෙම් ගායනා

දින දින හද දොරහැර මාගේ
පෙම්සිත දවනා රළු රාගේ
හඩවා
කදුලින් මා තෙත්කලා
මලකින් මත් බඹරෙකු වාගේ
සිතගින් සැලුවා ගුම් නාදේ
ඇසුනා
මුවගින් ඔබේ සදා

සියොළඟ දෑලේ දැනුනා ආලේ
ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කදුලින් කීවේ
දැනුනාද සංවේදනා

සගවා පෑ මුදු මදහසේ
ගිනිගෙන සිතිවිලි පොද වෑහේ
ඔබ මා සිතැගින් මුලා කලා
කතරක් බදු මේ යහනාවේ
මිරිගුව දැක සැතැපුනු යාමේ
මිදුනා
දැහැනින් මුලා වෙලා

මාගේ පැතුමන් නිසොල්මන් කලා
වාගේ නොගැයූ සුපෙම් ගායනා
සියොළඟ දෑලේ දැනුනා ආලේ
ඇසුනාද ආයාචනා
පෙරදා වාගේ කදුලින් කීවේ
දැනුනාද සංවේදනා

මාගේ පැතුමන් නිසොල්මන් කලා
වාගේ නොගැයූ සුපෙම් ගායනා