හීනයක් වගේ | Heenayak Wage by Amal Perera

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා

ඔබ ඉගිල ගියා අහස් යහනට
වලාකුලකින් නම අසාගෙන එන්න
ඔබ කිමිද ගියා සයුරු රළ මත
සයුරු රලකින් නම අසාගෙන එන්න
හිත නතර වුනා ගීතයක් ලඟ
නම නොදන්නා හීනයට ඉඩ දෙන්න

නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ
නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ
නුඹ ඇවිත් දෝ හීනයක් දෝ මගේ නම ඇසුවේ

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා

amal perera,amal perera songs,amal cover,amal perera guitar song,amal perera youtube,perera,amal perera live songs,mervin perera,nada yathra,amal sinhala,amal youtube,naada covers,naada yaathra full program,apa hamuweema wen weema,amal,lanka news,naada,derana,sinhala news,mal pita mal,ma hada amal,sinhala,ma nowana oba,sinhala cover songs,sinhala gossip,whats new,ma hada pem vile,naada yathra channel one,live cover,best of amal,breakng news

මලවි සරේ | Malavi Sare by Amal Perera [2021]

මලවී සරේ තුඩ වැදුනත්
ඉඳුරේ පිළුනු ඇස් දහසක්
සඳු සොයා යද්දී සිල් බිඳුමක්
රුදු පුරයට රසකල ගෙතුමක්
ඉඳු සුරඹට කවිකල වෙළුමක්

හිස ඉසුනු මතක පොපියයි
සැසඳුනේ උවනේ සුවඳයි
මිණි කැළුම පුළිගු පුපුරයි
පපු කැනතු මයුර නැටුමයි
මධු මතකෙ උසුළු පරදයි
තනිකමට දවුල හඬවයි
හිමිවුනේ පලඟ පලිහයි

මහ මේරු මලක පුසුඹයි
මන බඳින කනක සිරුරයි
පුර වෙසඹු අකුරු කියවයි
පඬි වදන කුකුස දනවයි
මනු ඇසුර අගරු පතුරයි
රුපු නිරිඳු කණට මුමුණයි
කටු ඉඹුල උරුම මටමයි

හීනෙක පායා | Heeneka Paya by Amal Perera ft. Nuwandika Senarathne

හීනෙක පායා නුඹේ රුව මැව්වා ආදරෙ
නුඹ වාගෙමයි හදවත කීවා ආදරෙන්

හීනෙක පාය ආ රුව නුඹදෝ ආදරෙන්
මනමාලයි හදවත කීවා ආදරෙන්

පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ
පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ

දුරයන්න හීනෙක පායා සිත්සේ

සංසාර හීනේ ආහීන කුමරා
පෙම්ගීත මුමුනා මට කීවා
සංසාර ආලේ පෑ දෑස මානේ
අද මාගේ වීලා සැනසෙන්නා

පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ
පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ

දුරයන්න හීනෙක පායා සිත්සේ

දගකාර සෙනෙහේ පැතු හීන කුමරී
ආලේ කතා මට කීවා
මා ඔබේ නේදෝ
ඔබ මාගේ නේදෝ
අපි අපේ වීලා නැලවෙන්නා

පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ
පියඹා සිතු සේ නුඹගේ සිහිනේ
දැවටී ඉන්නම් නුඹගේ තුරුලේ

දුරයන්න හීනෙක පායා සිත්සේ
දුරයන්න හීනෙක පායා සිත්සේ

මල් පිට මල් | Malpita Mal by Amal Perera

මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා…
අත්තල නගයි තුරුපත් පවා..
අත්තල නගයි තුරුපත් පවා

දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගී
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි…
සැඩ නල පවා හමන හැටි පුදුමයි…

මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා

වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
උණුහුම් වෙමින් තුරුලත වෙලී
මුදු රස විඳින සඳ ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි…
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි…

මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා

ප්‍රංශ යුවතියන් | Pransha Yuwathiyan by Amal Perera

ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ….
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී…. පායාවී…. පමාවී…
මායාවී…. පායාවී…. පමාවී…

ෆ්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්
බලා නොයින් තවත් කල් අරන්

ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ….
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී…. පායාවී…. පමාවී…
මායාවී…. පායාවී…. පමාවී…

රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හැඟෙන්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ස්වේත වර්ණ කරලියේ ඉඳන්

ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ….
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී…. පායාවී…. පමාවී…
මායාවී…. පායාවී…. පමාවී…

ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ….
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී…. පායාවී…. පමාවී…
මායාවී…. පායාවී…. පමාවී…

සිරිලක පිරි අවුරුදු සිරි | Sirilaka Piri Awurudu Siri by Rohana Baddage and Various Artists

මේ අවුරුද්දේ
කිරි ඉතිරෙන්ටයි
රට වැසියන්ගේ
ආයු වැඩෙන්නයි

රට පුරාම අවුරුදු සිරි
මේන් බලන් රඑරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට
මේෂ රාශියට පැමිනෙන
හිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

ගමේ පැටව් ගැටිස්සියන්
ගම් මැද්දේ රංචු ගැසී
අවුරුදු ජන කෙලි අතරේ
කරක් ගහන්ටා
ආච්චිඒ තාච්චියේ හැඩට නටන
කොන්ඩ කැවුම් රහ බලන්න
වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

අටු කොටු සරු වෙන්ටයි
දොම්නස් දුරු වෙන්නයි
පහුගිය දොහේ අබර දබර
දුරු වෙලාම යන්නටයි

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

කුඹුක් ගහේ ඔන්චිල්ලේ
නැගෙනා වාරම් මැද්දේ
ආන් බලන් ටිකිරි නගා
රන් ඔන්චිල්ලේ
රැක නැකතේ වැඩ ඇල්ලේ
මුලු ගමේම හරි සද්දේ
නැකත් වෙලාවත් කිට්ටුයි
වරෙව් ළමයිනේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

හාදු සුළඟේ | Haadu Sulange by Amal Perera [2020]

හාදු සුළගේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා
හදට දැනෙනා
විකසිත සිහිනේ සරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

මල් පෙත්තෙ සියුමැල්ල
සිරුරම දවයි
ඉඩ නැද්ද විදගන්න දැන්

රත දත ඉරා
සිතියම් මකා
බඹරෙකු මල් පොද උරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

හිරි කොවන වදනකට
හැකිලෙන්නපා
කදුළැල් ඇයි
රූරා ගලා

හිනැහෙන්නකෝ
නැලවෙන්නකෝ
සතපාලා සනසන්නදෝ

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

හාදු සුළගේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා
හදට දැනෙනා
විකසිත සිහිනේ සරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

දැකුම්කළු සෙවනැල්ලේ Dakumkalu Sewanalle by Amal Perera [2020]

ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා මා සනසාලා
අනන්තෙන් ආවා, ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා

මා ගිය පා සටහන් මැකී ගියාවේ
මන්දාරම දිනිඳු සඟවන නියාවේ
රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ
ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ

මා ගිය පා සටහන් මැකී ගියාවේ
මන්දාරම දිනිඳු සඟවන නියාවේ
රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ
ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ

ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා, ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා

සැඩ මාරුතයේ රළ පහර බිඳින්න
ගංගාවට මුසුව සයුර සිපගන්න
කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න
මේ ගීතය ආසිරි ගීයක් වන්න

සැඩ මාරුතයේ රළ පහර බිඳින්න
ගංගාවට මුසුව සයුර සිපගන්න
කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න
මේ ගීතය ආසිරි ගීයක් වන්න

ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා මා සනසාලා
අනන්තෙන් ආවා, ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මා නොගැයූ | Ma Nogeyu by Amal Perera ft. Kushani Sandareka | Adaraneeya Kathawak Movie (OST) [2016]

මා නොගැයූ ගීතේ
හැබැහින් මා ගයන්නේ
රෑ පිපුනු කදුලේ
සිසිල‍යි හද පුරන්නේ
මාගේ හිතේ සෝසුසුම් පිසදනා
අරුතක් තිබේ සැනසෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා විදින්නේ
රෑ පාළු අහසේ
සදටයි තනි රකින්නේ
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා
ගගුලක් තිබේ නොසිදෙනා

කදුල කටුගෑ
නිහඩ කවියේ
මියුරු තනුවක් වෙවී
තනිය ඉපිලෙන
මුහුදු ගමනේ
සුන්දර අත්වැල් බැදී
හිස් අහසේ මන බදින
පද කල්පනා
සිත් යායේ මුමුනන්න
ගීයක් වෙලා
දෙසිතක හැගුම් මුසුවෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා ගයන්නේ
රෑ පිපුනු කදුලේ
සිසිල‍යි හද පුරන්නේ
මාගේ හිතේ සෝසුසුම් පිසදනා
අරුතක් තිබේ සැනසෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා විදින්නේ
රෑ පාළු අහසේ
සදටයි තනි රකින්නේ
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා
ගගුලක් තිබේ නොසිදෙනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here