පොඩ්ඩක් කට | Poddak Kata Adu Una Nm by Kumara Ekanayake

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් විතර මොලෙත් ටිකක් වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්…

ගෙදර දොරේ වැඩ කරන්න පුදුම දක්ෂ මගේ නෝනා
පිරිමි හතර පස් දෙනෙකුගෙ හයිය තියෙන මගේ නෝනා
කම්මැලිකම දන්නෙත් නැති කඩිසර ගති ඇති නෝනගෙ
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ…//
කියලා නිම කරන්න බෑ

කොයි තැනකට බැස්සත් ඒ ඕන තැනක කැපී පෙනෙන
අරපිරිමැස්මෙන් වැඩි කර මගේ සල්ලි ඉතුරු කරන
සුන්දරකම වැඩිපුර ඇති ගින්දර වගෙ මගෙ නෝනගේ
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්…

අහල පහල කාට උනත් නිතර නිතර උදවු කරන
නැන්දම්මත් එක්ක උනත් රණ්ඩු නොවී හොඳින් ඉන්න
කා සමඟත් හොඳ හිත ඇති මට පණ වගෙ මගෙ නෝනගෙ
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්…

written by Kumara Ekanayake

kumara ekanayake,sri lanka songs,sinhala songs,lassana sindu,sinhala baila,sri lanka baila,ket band,senehe latha,latha,baila

ලතා ලතා | Latha Latha by Kumara Ekanayake

ලතා .. ලතා ..
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා
ලතා .. ලතා ..
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා

දැක්කම එක වර කොල්ලොත්
තව පාරක් දෙකක් බලයි
එතකොට
වැඩිය පද්දන්නට එපා

ගස්සන්නට එපා
ඉඟ සුඟ නලවන්නට එපා
කොල්ලෝ අන්ද මන්ද කරන
බැල්ම දෙන්න එපා..
එපා
ලතා .. ලතා ..
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා

රෙද්දෙ හැට්ටේ ඇන්ද ලතා
කොටට ගවුම ඇඳලා මෙදා
ඔය කොට
ගවුම ඇඳ යන්නට එපා
විලි බිය වනසන්නට එපා
රෙද්දෙ හැට්ටේ වැඩිය හොඳා
කොටට ගවුම නැති උනාට
තාම හැඩයි ලතා ..

මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා

පස්සෙන් එන කොල්ලන් හට
උඹත් තවත් ඔමරි දමයි
කොල්ලනි
උඹල අහුවෙන්නට එපා

පැටලෙන්නට එපා
පැටලිල රැවටෙන්නට එපා
මම පැටලුනු දැලේ උඹල
පැටලෙන්නට එපා එපා

මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..

ලතා

written by Kumara Ekanayake

මුණින්ද්‍රයානෙනි | Munindrayaneni by Kumara Ekanayake [2023]

ඔද තෙද ඇති
දෙත බල ඇති
තෙද ගුන ඇති
රජ තෙද ඇති
මුණින්ද්‍රයානෙනි //

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

නිල් කටරොලු මලෙන් උපන්
මුණින්ද්‍රයානෙනි //

දැක්කත් ඇති හිත පිරෙනවා
ලගින් ගියත් හිත පිරෙනවා

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

නිල් කටරොලු මලෙන් උපන්
මුණින්ද්‍රයානෙනි

කියා දෙන්න රහස කිමද
අපටත් ඒ මගම යන්න
වදාරන්න කෙටිම ක්‍රමය
මුණින්ද්‍රයානෙනි //

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

දුකක් සිතට නොදැන ඉන්න
සතුටු සිතින් කල් ගෙවන්න
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි //

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

ඔබ ඉන්නා තැන කුමක්ද
එතැනට යන මග කුමක් ද
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි //

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

written by Kumara Ekanayake