ප්‍රේම කුමරී | Prema Kumari by Pawan De Silva [2021]

දූලී සේද අතරින් පෙනෙනා මේ
මං සොයනා සොයනා ඒ සිත් රුව දෝ
සීත සේද සුළගින් දැනෙනා සේ
ඔබ මැවෙනා මැවෙනා හැටී සොදුරුයීනේ
පෙම වෑහෙනා සිත ඉතිරෙනා
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ

මල් කිනිති පින්න ඉස
මොනවදෝ කියනවා
මේ ඇස් ඔබ දෙසටම
හැරෙන බව දන්නවා

මල් කිනිති පින්න ඉස
මොනවදෝ කියනවා
ඒ ඇස් ඔබ මතටම
වැටෙන බව දන්නවා

පෙම වෑහෙනා සිත ඉතිරෙනා
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ

ආල වීදි සලුපිලි
ලුහු බදිමී
ඔබ පෙනෙන පෙනෙන තැන
නතර වෙමී
හීන ගේන මිහිරිය
නුඹ දකිමි
මං නිවෙන නිවෙන ඔය රුව විදිමී

පෙම වෑහෙනා සිත ඉතිරෙනා
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ