යක්බෙරේ හඬ | Yakbere Handa by Viraj Bathiya [2020]

ඇති කැහෙනා
යක්බෙරේ හඬ

නෑ යකුන් පුදනාවෙලේ
පුළුටු සුවදක් පැතිර එන්නේ
ගම්මානේ ගොම්මං වෙලේ
ගම්මානේ ගොම්මං වෙලේ

සොදුර් දසුනක් මවාගෙන ආ
යක්ෂයට නුඹ පෙම් කලේ

මගේ සොදුරිය වශී කරගෙන
ජප කලා මන්තර බලේ

නෙතින් නෙත
හමුවුනා
සිනාමල් විසිරුනා

ආදරය රූ සපුව
සදාකාලික වුනා

අසනිය මල් විසිරි
මල් වියනාක් වියලුනා
මාවතාක් නොමැති වූ
අහස් කුස

හිමිවුනා
හිමිවුනා
හිමිවුනා

සසරේ අපි පෙම් බැන්දා
දෙකොන විලාකුව
ඇවිලුනා

හුදෙකලා ලොව තනිවුනා
රතු මලක් සුපිපුනා

අසනිය මල් විසිරි
මල් වියනක්
වියැලුනා

මාවතක් නොමැති වූ
අහස්කුස

හිමිවුනා
හිමිවුනා
හිමිවුනා

රාවණ | Ravana by Viraj Bathiya & Poorna Sachinthana | Ravana Teledrama Song [2018]

දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

රාවණ…………..

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

රාවණ……………

මේරු මහ ඉඳුකීල පරයන
රජිත දාබිඳු පඨවි පනනල
ඕ…….ඕ……..ඕ…….ඕ…..
ධාරු සජ්ජිත කුලුණු ගුණබල
දියත දුලකල නිරිඳු රාවණ
රාවණ…………… රාවණ………..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සුගලාවී | Sugalavi by Viraj Bathiya [2019]

පොළොව හඬනා වේදනාවක
උණු සුසුම් මගෙ ඇඟිලි දවනා
අකුණු ගිගුරම් විලාපය මැද
රාජ සිහ නටඹුන්ව වැටුනා
මලානික පුලතිසි අහස යට
අපේ ප්‍රේමය හිස ගසා දමලා
මගේ සුගලාවියන් මතු දා
සමුදුරින් එතෙරකට නික්මෙනවා

නුඹේ මතකය දාවලන්නට
මගේ සුසුමන් නිවාලනු නොහැකී
වියරුවෙන් අසිපතෙන් මදනල
දෙකඩ වෙන්නට කපා හෙලනාවී
යකුන් දමනය කරාලන්නට
මහා මායම් මතුරනා දේවී
නොදැක ඉන්නට හැකිද මා හට
මගේ සිත් රජදහන මායාවී

මහා දළඳා වඩමවන්නට
සත්සියක් නැව් තනවනා ලෙසිනී
ප්‍රේමයත් ශෝකයත් නුඹලඟ
සිහින තනවා තනිව ඉනු නොහැකී
වීර වඩවන මහා දැහැනක
කඩවරිඳු දුන් වරම් ගනු නොහැකී
හවස් වරුවක සයුරු තොට ළඟ
නුඹේ රුව මට මැවි මැවී පෙනුනී