අතීතය | Athethaya by Eshanie Madhurika ft. Tharindu Damsara

නොලියාම සැඟවිය යුතුමය
ඇනි ඇනී හද රිදවන දුක
ලියා දැන්විය නොහැකිය
ප්‍රේමයත් ඔබ වගේමය

රැගෙන පියවර හෙමින් ඔසවමි
වැළපෙනා විලෝ ගස් මැද
දන්නා හඳුනන පාරක නන්නාඳුනා විලසට
ඒ ඔබයි සැක කරමි නැවතෙමි
එසැණින් පිටුපස නොබලමි

ඉර දනින් වැටෙන දවසක
ගල් වුණ හදවත සඳවත
ඉක්බිති එලඹෙන අඳුරට
ඔබ කියන්නේ ගනඳුරු රැය
රැගෙන යා හැකිද මොහොතක
මම කියන්නේ ඔබ සිටි අතීතය