අහම්බෙන් වගේ | Ahamben Wage Nodakapu by Chamara Ranawaka

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

මතකයි මට අද වාගේ නුඹ ආවා ගියා
අම්මා නුඹව සිපගෙන මගේ පැල ඇතුලේ තියා
කුප්පි එළියෙන් තියාන
අගේ සතුට මට කියා
දුක් නොදෙන්න දෙවියන් හට
තෙල් පාන තියා

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

ගම් පලතුරු රස බලමින්
බැද්දේ ගියාම
උඹේ පංගුව අපි සතුටින්
වෙන් කෙරුවාම
බඩ හංගන් නුඹට හොරෙන්
අපි හිටියාම
දරාගන්න බෑ නුඹ
ලොකු කම් කීවාම

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

අල්මාරියේ කණ්ණාඩියේ | Almariye Kannadiye by Chamara Ranawaka

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

ගව ගාලේ ගේ මැද සාලේ
හොරෙන් බලපු කාලේ
කොලු කාලේ ආවම රාලේ
මං බදිනවා කර මාලේ
මගේ බාලේ සිට පැතු ආලේ ලැබුණා
පහු ගිය කාලේ
බොරු සීලේ ඇගේ නෑ ලීලේ
අපරාදේ මුතු මාලේ

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

මාමණ්ඩි බී රා මන්ඩි
ඌ පාලා මට චන්ඩි
අයියන්ඩි හට රෙඩ් බ්‍රැන්ඩ් දී
පුරවා උගේ බන්ඩී
අක්කන්ඩි දෙනවද නංගී
මට තියෙනවා කඩමන්ඩි
බෑනන්ඩි වෙන්නද ඇන්ටි මට බනීද මාමන්ඩි

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

බට දොඹ කැලේ | Bata Domba Kale by Chamara Ranawaka

බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

පොඩි ලේනා කෑගහන සද්දෙට වඩා
උබේ ගේ වටේ කොල්ලො සිරිබිරි ගගා
ඉන්නවා බාලා මූණ මගේ රැලි වුණානේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

නෑදෑයෝ ඇයි මන්දා විරසක වෙලා
මං උඹව දැකගත්තේ කල් පහු වෙලා
ගිනි වතුර මං බොන්නේ උඹ ගැන හිතානේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

ගමේ අයට | Game Ayata Notherenna by Chamara Ranawaka

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

කරගැට ආවම ගිටාර් සද්දේ එන්නෙ නෑ
ඒ කාලෙට කවි කියනව පාඩු වෙන්නෙ නෑ
ණයට ගන්න පහළ කඩෙන් මාමා බනින්නෑ
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නෙ නෑ

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

පෝය ලගයි සිදාදියේ කඩු ලෙලදෙනවා
කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා
අලුත් තාලේ සින්දු වලට කාසි ලැබෙනවා
අම්මට මං තෝඩු දෙකක් අරගෙන අනවා

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

හිරු දෙවියෝ | Hiru Deviyo by Chamara Ranawaka

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

කෙනෙකුට සැප ඇති කාලෙට
තව කෙනෙකු දුකේ
සංසාරේ හැටි මෙහෙමයි
බුදු වදන් හැගේ
පෙර කල පව් තව පියවි නැතිවෙලා වගේ
හිනාවෙන්නෙ කෝහොමද
උඹ කියාපන් පුතේ

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

වතුර බිංදු උදලු මිටදී
ගේ බේරෙද්දී
පය දියවී උදලු තලේ
මඩ ගෑවෙද්දී
මං එනකං බඩ ගින්දර
උඹ උහුලද්දී
පොලොව කැපෙයි අඩමින්
පස් තට්ටු බුරුල්වී

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

මහ වරුසාවේ | Maha Warusawe by Chamara Ranawaka

හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා
ඔබ කෙරේ
ජීවිතේ දකිනවා
දුක වෙනුවෙනු අඩනවා
කුමකට හමුවීදෝ ආදරේ

ඉස්සර දවසක ඔබ අත අරගෙන
මතකද දොල පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින්
මතකද මහ පාරේ
ඉස්සර දවසක ඔබ අත අරගෙන
මතකද දොල පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින්
මතකද මහ පාරේ

ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ

හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා
ඔබ කෙරේ

මහ වරුසාවේ බස් නැවතුම්පොළ
අයිනට වී හිදිමින්
ඔබට තුරුලු වී ආලය කල හැටි
මතකයි කඩිසරයෙන්
මහවරුසාවේ බස් නැවතුම්පොළ
අයිනට වී හිදිමින්
ඔබට තුරුලු වී ආලය කල හැටි
මතකයි කඩිසරයෙන්

ගෙවී ඒ ආදර කාල අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
ගෙවී ඒ ආදර කාල අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ

හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා ඔබ කෙරේ
ජීවිතේ දකිනවා දුක වෙනුවෙන් අඩනවා
කුමකට හමුවීදෝ ආදරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ගොයම් කපාලා කොක්කු වහලා වෙලේ | Goyam Kapaalaa Kokku Wahala Wele by Chamara Ranawaka

ගොයම් කපාලා
කොක්කු වහලා වෙලේ
නිල මැනිකක් වගේ
දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නුයර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ

ගොයම් කපාලා
කොක්කු වහලා වෙලේ
නිල මැනිකක් වගේ
දිලිසෙන වතුර දොළේ
රූබර ලලනාවන් නුයර දිගේ
අත්තලා මුත්තලා රෙගේ අහනවා වෙලේ
අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ

සිදාදියෙන් හෙමින් හෙමින්
රෙගේ සින්දු එනවා
ගමේ කඩ පිළෙන් වරින් වරේ
රෙගේ සින්දු යනවා
ඩ්‍රෙඩ් ලුක් කරගෙන
ගමේ පැටව් රැළ රස්ත වෙන්න යනවා
ලෝකේ වටින් හොද රෙගේ පංච් එකක්
අපේ ගමට එනවා
ජැමෙයිකාවේ හොද රෙගේ පංච් එකක්
අපේ ගමට එනවා

ගොයම් කපනකොට
වෙල මඩවනකොට
මාමාලා රස්ත දමයි
පාටි එකේ ෆෙස්ටිවල් එකේ
මේකේත් රගේ තමයි
සන්තෝසෙන් මුළු දවසම ගෙවෙනවා
සාමය අපේ තමයි
ගමේ කොල්ලෝ ටික රෙගේ අහනවා
හේතුව ඒක තමයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කටු කොලියේ | Katu Koliye by Chamara Ranawaka

කටු කොලියේ බන්ඩාරේ
කම ගන්නවා
අත්දිගට සුදු කමිසේ මං අදිනවා
ගෙඩි කඩන රස්සාව අත හරිනවා
සුදු හාමිනේ ගැනම මං හිතනවා

කටු කොලියේ බන්ඩාරේ
කම ගන්නවා
අත්දිගට සුදු කමිසේ මං අදිනවා
ගෙඩි කඩන රස්සාව අත හරිනවා
සුදු හාමිනේ ගැනම මං හිතනවා

දොඩවන්න මං ලගට එනකොට දොලේ
කළු වලට මං පැන්නේ බයකට නොවේ
ලොකු හාමු පිරිමදින විට ගිනි බටේ
ආලෙට වඩා ඒක ඇත මගේ හිතේ
ඇත මගේ හිතේ
ඇත මගේ හිතේ
ආලෙට වඩා ඒක ඇත මගේ හිතේ

කටු කොලියේ බන්ඩාරේ
කම ගන්නවා
අත්දිගට සුදු කමිසේ මං අදිනවා
ගෙඩි කඩන රස්සාව අත හරිනවා
සුදු හාමිනේ ගැනම මං හිතනවා

සුදු අල්ල මල්පොත්ත වාගේ ඇගේ
අල්ලන්න බෑ කරගැටයි මගේ අතේ
පිල්ලම් නොගහ ඇස්වලින් පෙම් කලේ
දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ
මං ඉපදුනේ
මං ඉපදුනේ
දුප්පත් වෙලා මොකද මං ඉපදුනේ

කටු කොලියේ බන්ඩාරේ
කම ගන්නවා
අත්දිගට සුදු කමිසේ මං අදිනවා
ගෙඩි කඩන රස්සාව අත හරිනවා
සුදු හාමිනේ ගැනම මං හිතනවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මිරිවැඩි නැතුවට | Miriwadi Nathuwata by Chamara Ranawaka

මිරිවැඩි නැතුවට
මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි
මං පැතුවේ
ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි
එක පංතියේ හිදිමින් හැඩුවේ

මිරිගුව දැක්කද හිතන්න බෑ මට
සතුටින් අද නුඹ සරසවියේ
එදා වගේ මං ඉනි වැට අද්දර
තාම බලනවා නෑ දුටුවේ

අපිට හොරා ඇස් එකට බලා
සතුටින් හිටියත් ඒ කාලේ
කමත ගොඩේ නිල් මානෙල් වල වැඩ
බලන් හිටියා අපි හැම වාරේ

තිත්ත පැටව් දං කහට කොටන්නට
රෑනේ එන හැටි තරු වාගේ
අද මම තනියම දොල ඉවුරේ
හැඩ දැන් නැ මුළු ගම්මානේ

මිරිවැඩි නැතුවට
මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි
මං පැතුවේ
ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි
එක පංතියේ හිදිමින් හැඩුවේ

සිදාදියට නිබියව පියමැන්නේ
දකින්න නුඹේ රුව මුවාවෙලා
වත්තේ කෝවිලට රතු පටි මදි මට
බාර බැදල නුඹ දෙන්න සොයා

නිල්මල් ඉහිරුනු අරන් දුන්න මං
කුඩේ දැක්ක විට ඈත තියා
ලස්සන කුමරෙකු අතිනත අල්ලන්
මම යන්නම් නුඹෙ සතුර නිසා

මිරිවැඩි නැතුවට
මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි
මං පැතුවේ
ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි
එක පංතියේ හිදිමින් හැඩුවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මැන්ජෝ රබන් සද්දේ | Manjo Raban Sadde by Chamara Ranawaka

මැන්ජෝ රබන් සද්දේ
බංගලාවෙ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට
අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

මැන්ජෝ රබන් සද්දේ
බංගලාවෙ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට
අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ
අපට කලින් හොරෙන් ආයා ගෙනත් කවන්නේ
ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නෙ
මුර කූඩුවේඑ එළිවෙනකම් හීන මවන්නේ

මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ
අපට කලින් හොරෙන් ආයා ගෙනත් කවන්නේ
ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නෙ
මුර කූඩුවේඑ එළිවෙනකම් හීන මවන්නේ

මැන්ජෝ රබන් සද්දේ
බංගලාවෙ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට
අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

කන්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම්
මුකලානේ මම ඇවිදලා හේන් කොටන්නම්
පොල්කටු මාලයක් දමාලා ඔබ සරසන්නම්
පෝය එනවා ඊට කලින් කැන්දන් එන්නම්

කන්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම්
මුකලානේ මම ඇවිදලා හේන් කොටන්නම්
පොල්කටු මාලයක් දමාලා ඔබ සරසන්නම්
පෝය එනවා ඊට කලින් කැන්දන් එන්නම්

මැන්ජෝ රබන් සද්දේ
බංගලාවෙ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට
අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here