සයනට නාවේ | Sayanata Nawe by Isuru Deshan [2022]

කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්
දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්
නිකැළැල් මාගේ ආලය විඳිමින්
හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්
වෙනදා තරම් මුව දෙන්නෑ අදත්
මට නුඹ මිසක් කවුරුත් නෑ තවත්

සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ

නිදි නේන කාරණා හිත ගාව ඈඳිලා
නුඹ කීව ගීතිකා සිහි වී ගියා
පෙර වාගෙ පෑ සිනා යළි ඒ ද පීදිලා
ඒ කාලේ ගෙන එන්න ආයෙත් සදා
නුඹෙ පහස නොලැබිලා දෙදිනක් ම ගත වුණා
යලි ඉන්නෙ නැති වේද පෙර මෙන් ඔයා
විරසකව තනිවෙලා ඉනු බැරිය හිනැහිලා
මා එක්ක සැනසෙන්න බෑ රළු වෙලා

සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ

Written by Lakshitha Mihiran

කවදා හෝ | Kawada Ho Hamuwewa by Isuru Deshan

කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ
සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ
යන්න දැන් ඉතින් ඔයා
දැන් හුගක් පමාවෙලා
නුඹ නමින් කෙනෙක් බලා ඉන්නවා

කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ
සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ
යන්න දැන් ඉතින් ඔයා
දැන් හුගක් පමාවෙලා
නුඹ නමින් කෙනෙක් බලා ඉන්නවා

සුමුගන්න හෝ මේ හමූවීම ප්‍රේමේ
ජීවිතයේ බෝ දේ තේරුම් කලා
සංසාරෙ දුර ආ ඇසුරක් උනාමත්
හිත් අල්ලගෙන අත් අත්හරිනවා

ලංවී වෙන්නොවි
කොහේ හෝ භවයක අපි
පසු වදන ලියමු නැවත හමුවෙලා

කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේ
සංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේ
යන්න දැන් ඉතින් ඔයා
දැන් හුගක් පමාවෙලා
නුඹ නමින් කෙනෙක් බලා ඉන්නවා

Written by Na Muthu Kumar, R.Thiyagarajan