ටොපිය | Topiya by Chanuka Mora [2020]

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුදු පුතේ මේ සිංදුව හොඳ නැතේ
අවසර දෙන්න මට කියන්න ජාතකේ
මල වදේ අහන් ඉන්න බැරි දැනේ
ලිව්වේ හු*# මේකයි
මොරාගේ ටොපි බනේ
ඇරඹුම වෙන්නේ 2016 කොනේ
මායම් කාරී බන් මගේ මුල්ම පන නලේ
අවුරුදු 4 යි තව මට යන්න දුර ඇතේ
21 ලැබුවා විතරයි මිලියනයක් පහු කලේ

යක්කුත් පිටියට කිව්වම
කවුරුත් දන්නවානේ
ෂොට් එක දාද්දී කරවල හොද්ද සැප කරේ
රාවණ දෙවියෝ වඩි අපේ කම සිහි කලේ
Yaka crew කිව්වම දැන්
ලංකාවම හඳුනනවනේ
Support තිබ්බේ නෑ බන්
තනියම හදපු සිංදු මේවා
වචන මරලා අකුරු ගොතලා හදපු
අමුතු සිංදු මේවා
Field එකේ ලොක්කෝ කියලා
රඟන් ඉන්න කුක්කෝ මේවා
අහලා Views දැක්ක හින්දා
තමයි තරහා වෙට්ටු දාලා

වට්ටන්න බෑ වැටෙන්නේ නෑ
කාපු කටුත් එක්ක මේවා ගේමක්ම නෑ
පෙන්නන්ඩ බෑ දිරවන්නේ නෑ
මාව කිව්ව කියලා මං පු# නම් දෙන්නෑ

වට්ටන්න බෑ වැටෙන්නේ නෑ
කාපු කටුත් එක්ක මේවා ගේමක්ම නෑ
පෙන්නන්ඩ බෑ දිරවන්නේ නෑ
මාව කිව්ව කියලා මං පු# නම් දෙන්නෑ

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුදු බව දන්නේ නැතුව
හැන්දෙන් බෙදාන් යද්දි
සුටුස් ගාලා මේක කියන්න
ඕනේ අහන් ඉද්දී
තටු ඇඟට එන්නේ නෑනේ උඩ බලා ඉද්දී
කටු කාල ඉන්නේ හු*# උඹලා නිදන් ඉද්දී
දෙකයි තුනයි උදේ හතයි මම ඇඳට යද්දී
උඹලා පු# උඩ දාලා කාලේ නිදා ගද්දී
බොරු නෙවේ ගිහින් බලපන්
ඉස්සරහා පැත්තේන් යද්දී
Follow කරලා නැත්තන් කරපන්
පු# ටොපිය අදී
කිසිම අවුල් නෑනේ
කොල්ලෝ එක්ක එකම පංති
සෙමිනා බැස්සේ සිග්මා පැත්තේ
දාලා ඉන්ඩ ගන්දී
ප්‍රශ්න නෑනේ ඉස්කෝල අතර තිබ්බේ ඉද්දී
තාමත් එහෙමයි හු*#
ඒකයි අපේ වෙනස ගති

මේකත් එකයි මේකත් එකයි
ඔය ඕන හු*** මට කොහොමත් එකයි
අපේ කමනම් ටිකෙන් දෙන්නම් රැප්
Pop Hiphop නම් ඒවත් දෙන්නම් මල්ලී
නැවතුනොත් සොරි සොරේ සොරි
Highway වගේ යන්න ගන්නැතුව වොරි
දාගන් නෑ ගෝරී ඩැනියල් විටෝරී
මේවා අහලා උඹ දාන්නෙපා ස්ටෝරී

වචන තමයි හිතින් වචනෙට නම් පුංචි මල්ලී
කැ&& වෙන්න එපා උදව් කරන් ඉන්ඩ ඉද්දී
කරපු දෙයක් තමයි එන්නේ
උඹේ පස්සෙන් යද්දි
මේක තමයි දුන්න ටොපිය
අම්මා හුස්ම ගද්දී

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

ග්‍රහලෝක සවාරිය | Grahaloka Sawariya by Chanuka Mora [2020]

මතකයි තාමත් ඒ කාලේ
වංගුමයි තාමත් මේ පාරේ
මං තමයි දන්නේ දුක් රාළේ
වන්නම් නටන්නම් මා සාදේ
සල්ලාලකම් නෑ මං බාරේ
ශෘන්ගාරයි මං මේ සංසාරේ
සන්තෝසයි හුස්මක් ගත් වාරේ
අම්මා තාත්තාමයි මා ප්‍රාණේ

මේකයි මගෙ ආරේ
මිරිවැඩි සගල කකුලේ දමන් පාරේ
සරලයි මේ ජීවන තාලේ
හිතුනොත් යනවා හදට මගෙ යානේ
සක්වල සංගීත සාජ්ජේ
ප්ලූටො නෙප්චූන් ඇටෑක් ශෝ වාගේ
ග්‍රහලෝක බැහැල හද මාමේ
අත වනනව මම VIP වාගේ
ජඩ වැඩ පඩ වැඩ ඕන් මෙහෙදි බෑ
කටු කාල හදන සිංදු හොරෙන් ඉස්සිලි නෑ
පෘතුවිය වගේ සක්කිලි ගතිනම් නෑ
පාඩුවේ රවුමේ යන්නේ කාටත් තරහක් නෑ
කොල රතු නිල් වගේ බෙදිලා නෑ
අහස බලන් ඉල්ලන දේවල් නෑ
දෙයියෝ කෝප උනත් වැඩක් නෑ
සල්ලි වට්ටි වලට වැදල දෙන්න තරම් මෝඩ නෑ

මතකයි තාමත්…

හ්ම්ම්ම් හද හාවෙක්
හ්ම්ම්ම් හද හාවෙක්
හ්ම්ම්ම් හද හාවෙක්

මචං පිටසක්වල යානේ
අගහරු වෙත මං පියඹන් ආවේ
එහෙ උන් දන්නවා ලංකාවේ
මහ බැංකුව හිස් කල සන්තාපේ
ඉතිහාසෙට කෙල කල ආරේ
රට රැකපු උනුත් වනගතයි යාලේ
විල්පත්තුව කපන් සිංහරාජේ
රටට සොරි වෙයිද ඇහුව මගෙන් රහසේ
ආසයි මං මෙහෙම ඉන්න
මනුසතාගේ බොරුවෙන් මිදිල ඉන්න
23 ලැබුවට අද වැදිල ඉන්න
ආයෙත් කොරෝනා ඇවිත් මට ගෙදර ඉන්න..බෝයි

බණ ගෙවල් ටිකායි
මොල ගෙඩි ගොඩායි
ආදරේට සුදු අම්මිලා Boot කාල අඩායි
තව වැඩ ගොඩායි
එලිසම රසයි මගේ
හදවත හොදයි ඒත් පොඩ්ඩක් දගයි!

මතකයි තාමත්…

නෝනා | Nona by Yaka Crew [2020]

කාරි නෑ මට කාලෙ ඕනෙද
හාදකම් නවතාලා
කාරණාවට තාම කෝළද
පාර නම් එළිවීලා
ජාති ජාතිත් ප්‍රේමයෙන් මං
ආවනම් ඉවසාලා
නාරි ලීලෙන් පාද තියපං
භාරගන්නම් නෝනා

රජකම් එපා
නුබ හිමි නම් සදා
හිස මුදුනෙන් තබා
මගෙ කිරුළයි ඔයා

ඒරොප්පෙන් ගෙනා
බෝනික්කන් එපා
සුරලෝකෙන් මවා
දුන් ප්‍රාණේ ඔයා

තානාත් තනත් තම් දනත්තනම් හෙයි
තානාත් තනත් තම් දනාත්ත දනාත්ත

තානාත් තනත් තම් දනත්තනම් හෙයි
තානාත් තනත් තම් දනාත්ත දනාත්ත

සාමදානෙට තෑගි භෝගද
කප්පරක් පුරවාලා
වාස දේසෙට වරිගෙ සේරම
එක්ක එන්නම් මාහා
ඊට කලියෙන් වචනෙ දීපං
මා දුකින් මුදවාලා
නාඩගං හොදටෝම ඇති දැං
පාලු මකපං නෝනා

රජකම් එපා
නුබ හිමි නම් සදා
හිස මුදුනෙන් තබා
මගෙ කිරුළයි ඔයා

ඒරොප්පෙන් ගෙනා
බෝනික්කන් එපා
සුරලෝකෙන් මවා
දුන් ප්‍රාණේ ඔයා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

රලු මුහුදත් මට මිහිරී | Ralu Muhudath Mata Mihiri by Chanuka Mora [2018]

හිනැහෙන තරමට ඔබ සුන්දර නම්..
මුමුණන හැම වදනම මිහිරියි නම්.. එහෙනම්
රලු මුහුදත් මට මිහිරී දැන්..

ලියවෙන තරමට ඔබ පිවිතුරු නම්
දෙතොලෙන් කියවෙන උණුහුම රසනම්.. එහෙනම්
රලු මුහුදත් මට මිහිරී දැන්..

පිරිපුන් මලටම.. බඹරුන් ඇදී එන
බව මම දැනගෙන සිටියා..
බඹරුන් ඇදුනට මගෙ මල කිසිදින
රොන් නොම දෙන බව සිතුවා..

ඉගියෙන් ඉගියෙන් රළ සැර වැඩි වී
සැඩ සුළගක රූ මැව්වා..
හැමදින මම නුඹ මගෙමයි සිතුවට
මගෙ මල නුඹ නොම සිතුවා..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

යකා නටන්නේ | Yaka Natanne by Chanuka Mora [2020]

කන්ද උඩරටින් කොඩි ලෙළදෙන්නේ
පිය හස්ති රජුන් මව් පොලව සිබින්නේ
සක් රාවේ නාදේ නුවරට පන දෙන්නේ
අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ

කෙහෙල් බඩයි ගොක් කොළ අතු රෑනයි රබකැන් අබ අතු පිදෙණියේ
කොල්පාඩුවයි බුලත් පදෙයි කෝ සැගවුණු අපේ කංකාරි බලේ
හේන් කපන් වැව් අමුණු බැදන් රට සහලින් බර කල හෙළයන්නේ
ගුවන් තලෙන් පියසරන්න අපි සක්වලින් නුවණ ගත් හෙළයන්නේ

එහෙම තමයි හෙළ රට හෙළයන්නේ
එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ
එහෙම රටක ලේ උබට තියෙන්නේ
උබ එහෙම රටක ඇයි යකා නටන්නේ

පහතරටින් ගුරුකම් විහිදෙන්නේ
වෙස් මූනු රහට සුදු මිනිසුන් එන්නේ
දෙවියන්ගේ රෝග සැම දුරුකරලන්නේ
යක් බෙරේ වැයෙනකොට ලේ කකියන්නේ

මාතර බෙන්තර රයිගම ආරෙට දෙවොල් මඩුව නිසි හැඩගන්නේ
බිල්ලෙ යකා කළු රීරි යකා ඊ ගහ දකිනා විට බියවන්නේ
අපිට නොහැකි වැඩ සැම කරන්න යක්කුන්ගෙන් වැඩ ගත් හෙළයන්නේ
රටක උරුමයට පණ පොවන්න ලේ බිම හෙලන්න වුනු හෙළයන්නේ

එහෙම තමයි හෙළ රට හෙළයන්නේ
එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ
එහෙම රටක ලේ උබට තියෙන්නේ
උබ එහෙම රටක ඇයි යකා නටන්නේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Old Hits ( Mashup) by Chanuka Mora [2020]

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා

දේදුන්නේ හීන කැන්දූ
නීල වර්ණේ
නේත්‍රා මනරම්
රෑ කාලේ සේද රැන්දූ
කේෂ සේනා මවනා සිතුවම්

මාලතී කොපුල් සිනාසී
ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

ආ රූපසිරිලාලියේ
ගී සිහින කැන්දු සේද රුවනාරියේ
මගේ දෙතොලේ හැපී දුන්න හාදුත් විදී

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

කිමද වරද (Mashup) | Kimada Warada (Mashup) by Chanuka Mora [2020]

නොමිලේ දුන් නිසා මගේ
නිමල ආදරේ
කවුරුවත් ම ගත්තේ නෑ
ඔහෙ තිබුනා පාඩුවේ
ඒ හින්දා වැඩුනා එය
මහ මෙරක් වගේ
දැන් අත උඩ විකිණිය හැකි
මහ ඉඩම වගේ
දැන් අත උඩ විකිණිය හැකි
මහ ඉඩම වගේ

කිත්තානේ කිනත්තේ
කිත්ති කතානේ
සක්විත්තන් හිරුට බැන්ද
සිංහල දීපේ

පුප්පානේ පූ පනේ
පැණිරස වෑගේ
ගම්මානේ ගිගුම් දිදී
සිංහල නාදේ

කන්හානේ කන්හනේ
කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල
බුදුන්ගේ දේසේ

රබන් තෙපුල සොමි
ගුනෙහි ලතාවේ
රුවන් වැලක මිනි
ඇමිණු ලතාවේ
රුවන් තලෙන් වැඩි
මල් වරුසාවේ
පෙලෙන ඔබට සෙත
දෙන් දෙවතාවේ

දෙතන වසා
තිබූ සලුපට
රැගත් ලතාවේ
නොදැන දමා ගැසුවයි ඉන්
වරද ගොතා
එතිව නොගොස්
හිමි සද නුඹ
මෙහි නැවතා
වෙන්ව යන්ට
කිමද වරද
මෙමගේ යතා

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

මම කපිල | Mama Kapila by Yaka Crew [2020]

එහේ හේ… Yaka Crew
මේක ගමේ ආතල් එකක්
අමු මිරිස් කෑලි මිරිස් කොච්චි මිරිස් වගේ සැරයි
හැබැයි තක්කාලි වට්ටක්ක මන්යොක්කා වගේ රසයි

මගෙ නම අමිල
මට කිව්වෙ උන් කපිල
ඇල්ලුවෙ ගමෙ නිලිය
මම පදින චැලිය..

ටිකිරි ලියා..ළිදට ගියා…

දෑතින් ගෙන උදල
අමුඩෙන් වහන් ගරුඩ
ඉන්නෙ මැද මං කුඹුර
එනකං මගෙ මැණික

ටිකිරි ලියා..ළිදට ගියා..

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

ටිකිරි ලියා..කොහෙද ඔයා..
ළිද ලග ඇති බං කබරගොයා

අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ
කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ
හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ
ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ

ඇට මාලෙ කරට
සුදට සුදෙ නෙරිය
දැකල උබෙ බුරිය
උඩ උදලුමිටිය

ටිකිරි ලියා…

නොම බලන් අහක
වෙලට යමු හනික
ගොයමෙ නිලෙ රහස
වගෙනෙ උබේ පහස

ටිකිරි ලියා..ළිදට ගියා..

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

ටිකිරි ලියා..කොහෙද ඔයා..
ළිද ලග ඇති බං කබරගොයා

අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ
කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ
හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ
ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

මේ නොනිමෙන දිවි ගමනේ (Cover) | Me Nonimena diwi gamane (Cover) by Ravindu & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 09 [2019]

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා
අම්මේ ඔබේ පුතෙකු වෙලා
මම එන්නම් සසර පුරා
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා

පියතුමන් නැති දා ඉදලා
ගියේ නෑ මා තනි කරලා
කුස ගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුන ගී ගයනෙමි මා

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා

පැටලේ ලො මායවෙන්
ගලවා මා අවමානෙන්
නුවනැස මග පහදාලා
දියුණුවේ මග පෙන්නාලා
ලැබුවේ ආශිර්වාදේ
දිවි මාවත එලිය උනේ

පියතුමන් නැති දා ඉදලා
ගියේ නෑ මා තනි කරලා
කුස ගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුන ගී ගයනෙමි මා

 

වලාකුල් වියන් (Cover) | Walakul Wiyan (Cover) by Nethnilu & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 08 [2019]

වලාකුල් වියන් තනාලා
ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා
සිහිල් සේලයෙන් වෙලා

අනේ මං බලාන උන්නා
යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා
මගේ සඳ උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

දසන්තේ පියා සලාලා
ස‍ඳේ රැස් හෙමින් උනා
සොයන්නේ ඔබේ රුවයි මා
කොහේ හැංගුණේ කියා
රැයේ සීතලෙන් මිදිලා
තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ළඟයි මා
සුසුම් උණුසුමක් පතා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා