Ananthayata Yanawamai | අනන්තයට යනවමයි by Osanda & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 02 [2019]

සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

මතක මන්දිර | Mathaka Mandira by Dilki & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 01 [2019]

මතක මන්දිර තනා – කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා – මමයි ඔබේ චංචලා

(malith)
ඔයා තාම මාගෙ සිහිනේ – පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ – මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ – පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ – මගේ හිත තමයි

(samitha)
මතක මන්දිර තනා – කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා – මමයි ඔබේ චංචලා

(music…)

(malith)
මගේ මතක මාලිගාවේ – රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ – සුවඳ රස බලාලා
මගේ මතක මාලිගාවේ – රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ – සුවඳ රස බලාලා

(samitha)
මතක මන්දිර තනා – කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා – තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා – ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා – මමයි ඔබේ චංචලා