තනුවක් | Thanuwak by Chathura Herath [2021]

සොඳුරේ අපේ මේ ආදරේ
නොමැකේ සදා තිබෙනා තුරා සෙනෙහස හදේ
සංසාරයේ ගීයක් වගේ
තනුවක් වටා ඒ ආදරේ පදවැල් ගෙතේ
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නචතින්නම් ප්‍රියේ ඔබ හා මා..

පහසේ එදා දැනුණා කී කාරණා
හැගුනා ආලේ සුවේ නුඹ නිසා මා හා
දැසේ කතා දින ගානේ තේරුණා
බැඳුනා ආශා නුරා නොසිතුවා සේ එදා
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නචතින්නම් ප්‍රියේ ඔබ හා මා..

සිහිනේ සරා සදසේ පායලා
දැනුනා ස්නේහේ රසේ ආදරී මා හා
පැහැදුල් සිනා දෙතොලේ ඒ වෑහෙනා
නුඳුරේ මාගේම වී සැනසේවී මා සදා
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නචතින්නම් ප්‍රියේ ඔබ හා මා..