ගැට දොඩම් | Gata Dodam by Sanjula Himala ft. Kaizer Kaiz [2023]

කලු පාටට ඇඹරෙන කලු දොදොල්
රස කාලා බලා ඉදපං
දුර ඈතට දිලිසෙන රතු ඇපල්
ලග පාතට කුනු නේ බං
පසු පස්ස සලාගෙන
යන්න වනාගෙන
මෙහෙට හැරී බලපං

මට හීන මවාගෙන ඉන්න බෑ
කොන්ඩේ ගැටේ ලිහපං
ගැට දොඩම්
මෙහෙ වරෙන්

දිය රෙද්දට මතු වෙල
පොඩි බුබුල්
මගේ නින්ද කඩා දමපං

නිසි කාලෙට මත් වෙන පැනි දොඩං
රස කිමද කියා බලපං
මගේ හර්දේ පලාගෙන යන්න තරම් ලග
ඉන්න ඉඩක් දීපං
නුඹ දාලා කොහේවත් ‍යන්න බෑ
වත්ත වටේ මට නං

හදපානේ දෑසේ
ආශා වෑහේ
මදහාසේ ඈගේ මාහා පෑහේ
රෑ යාමේ නෙතු පියවෙන්නෙ නෑ
ඔබ වාගේ යලි හමුවන්නේ නෑ

ගැට දොඩම්…

මල් සරාගේ දුන්න කපා
විදින්න අදිද්දී මං ගැටුනා
මහ බබාගේ බයිසිකලේ බකල්
නලලේ කොටන්න ඒත් බිම ඇද වැටුනා

මල්සරුන් අද නෑ
ඇගේ නම් හිටියා වගේ කොල්ලෙක්
ගැට දොඩං කන්න හිතං
කෙල පෙරෙං රෑ
වැඩකට මං එන්නද අදත් ‍රෑ

මල් චීත්තේ කැහැපොට ගහගෙන
හාල් වනලා උඹ
මගේ හිත රවටපු හැටි
පද්දන පැද්දිල්ල මැද්දට
හාල් දැම්මා නම්
ඇබරිය හැකි ගෝනිය පිටින්

මඩක්කුවේ කවුපි බත නම්
හරි රහයි
ඔඩොක්කුවේ නිදියන්නේ
විනාඩි පහයි
නෑයෝ දැක්කොත් මට තඩිබායි
එහෙනම් කෙල්ලේ බායි
හෙටත් එනම් කන්න උඹේ

ගැට දොඩම්…

written by Shehan Galahitiyawa

sanjula himala new song,sanjula himala new songs,sanjula himala,sanjula new song,sinhala songs,sinhala new songs,srilankan songs,himala,rura gala,oshan liyanage,kaizer new song,kaizer kaiz new song,danunu adare,inawa e dase,danunu,hinawa_a_dase,rnb soul,srilankan music,sri lanka,gata dodam,oshan,kochchara dangaluwath,chameera j hettiarachchi,aye ma thaniweela,geta dodam,kaizer kaiz,adare,mewaare,me waare,chameera,me_waare,me_vaare,rnb,rura,me ware

යකඩ හීන | Yakada Heena by Sanjula Himala ft. Zany & Kaizer

හද ගැස්මක වාරේ
ගිනිගත්තුවා වාගේ
හදවත් හොරු පාරේ
වැදපන් විදපන් පියඹං හිමි කාලෙම

ගින්දරෙන් උපන්නේ
ඇවිලෙද්දී සීමාවක් නෑ කොහොමත් ම
ඇස්පිය ගහන වේගෙන් ගමන
සුන්දර නෑ හැම මොහොතක් ම
පාගල යද්දී පාරේ විදුලී වේගෙන්
මොන ලයිසන් ද
වේගය ක්‍රිස්ටල්
වන්ඩිය බ්‍රේකින් පෑඩ්
මම හයිසන්බර්ග්

නවත්තන්න බෑ ඉලක්කෙට ගානට හීය
තප්පර දෙකට රෝදේ කැරකෙන වාර ගාන 300
වීල් එක නතිං රේස් වතුර වාගේ
සීයට දාහක් සොමිය
කෑවට දන්නෙත් නෑ ඩෝ කිරි
පස්සේලු දන්නේ දැලි පිහිය

බලපු වාසනාව උරගා මම හීන නැති තුරගා
ගමන වගේ සුලි සුලගක්
දාවන වේගේ ඕනම දුරකත්
මන්තර නෑ මේවා මෙල්ල කරන ජාතියේ
මේ යකඩ හීන විශ්වයේ
මං අවසන් උපාධියේ

හිත ගැස්සෙන වේගේ
රලු වැලි ගුරු පාරේ
මේකයි ලේ ආරේ
රැක දේ පන සේ දෙවියන්ගේ නාමෙට

හද ගැස්මක වාරේ
ගිනිගත්තුවා වාගේ
හදවත් හොරු පාරේ
වැදපන් විදපන් පියඹං හිමි කාලෙම

අඩෝ කොල්ලෝ හෙමින් පලයන්
කේසර දැන් වගේ සැරෙන්
9න් පිටවුන උන්ඩය වාගේ
තාමත් එය භායානකයි

ඇත්ත තමයි මගේ රැප්
ටික හරි ලාමකයි
මාසෙන් ගිය දුර යන්න මට ගියේ දවසයි
කවුද බං හිමීට ගියේ ඇගේ තියන් රථ ගාය
ඉතින් මට දැන් ලත වෙන්න තියන් රැප් ගාය
ඒ පෙති වගේ දැන්නම් මටත් බිව්වා රැල්ලට
ප්‍රෙශර් වැඩි උනත් කමක් නෑ පාගපං ලෑල්ලට

එක පෝලිමේ උනත් හිටපං වගේ විල්සන්
තප්පරෙන් දින්නත් පැයෙන් දින්නත්
win is a win people
මගේ රැප් දුර දුවනවා වදන් ලීටරේට
බොරු කරන්න බෑ කොල්ලෝ
ප්‍රේක්ශක මීටරේට

මම පෙරමුනේ බං
ඉදහිට මගේ හිත
බොලා අල්ලන්නේ දවසෙන්
සතියක් මන් විඩා නිව්වා
හැමදාම කෙලින්
හැමදාම හොදටම බිව්වා
මගේ වේගේ අඩු වෙන්නෑ
මොකා මොනවා කිව්වත්

හිත ගැස්සේන වේගේ
රලු වැලි ගුරු පාරේ
මේකයි ලේ ආරේ
රැක දේ පන සේ දෙවියන්ගේ නාමෙට

හද ගැස්මක වාරේ
ගිනිගත්තුවා වාගේ
හදවත් හොරු පාරේ
වැදපන් විදපන් පියඹං හිමි කාලෙම

පාට හීනේ | Paata Heene by Sanjula Himala [2020]

සද නැති අහසේ
පාළු රැයේ
ඔබ මා හමුවූ ඒ දවසේ
එක හිත දෙතැනක නතර වුනේ
මට නම් නෑ ඔබ දැනුනේ

ඒ පාලූ හෝරා නෑ අපගේ වූයේ
ලගපාතකින් වත් නෑ සෙනෙහේ දැනුනේ
නෑබුල් සිහිනේ රස නෑ දැනුනේ
නුබේ පාට හීනේ නෑ පාට වූයේ

කී සේම වෙනසක් නෑ
නුඹ නුඹ වූයේ
නෙක පාට තවරා නෑ නුඹගේ ආලේ
මතකයට තව ඉඩක් නොමැකෙයි වගේ
එක් නොවන ප්‍රේමයත් ප්‍රේමෙකි ලෝකේ

අවරට පිපුනාදෝ
පෙම් මල හදිසියේ
පෙම් වැස්සේ පින්නක්
ලග පාතින් වැටුනේ
නොනිමෙන්න හිත අස්සේ
ආශා නුබගේ
එක් නොවන ප්‍රේමයත් සොදුරුයි වාගේ

ඒ පාලූ හෝරා නෑ අපගේ වූයේ
ලගපාතකින් වත් නෑ සෙනෙහේ දැනුනේ
නෑබුල් සිහිනේ රස නෑ දැනුනේ
නුබේ පාට හීනේ නෑ පාට වූයේ

Written by Sewwandi Wickramasinghe

මේ වාරේ | Me Waare by Sanjula Himala [2022]

මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේ
පානා කෝලේ මානා දෑසේ මා හා රාසේ

පිපුණු මලේ දැක ආවේ මෙහේ
මිලින නොවේ මගෙ ප්‍රේමාදරේ

ඉනාව ඒ දෑසේ
මුලාවි මා ආවේ
බලාවි මේ වාරේ
අවුලවාන මා ආයේ

සැලෙන සිනාවට වීලා සෙනේ
නොදැනම මා නුඹෙ වීලා වගේ

සඳ තරුවේ මට කීවා රඟේ
නුඹ දුරලාවිලු මේ පාලුවේ

නොකර කතා නුඹ ඉඟි දෙන යාමේ
මා සැනහේ සංසාරේ

ඉනාව ඒ දෑසේ
මුලාවි මා ආවේ
බලාවි මේ වාරේ
අවුලවාන මා ආයේ

රූරා | Rura by Sanjula Himala [2021]

රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්

රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්

ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ….

ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ….

හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු
කිමිදී ඉපිලී ඒ නිල් දියේ…
මා සෙවූ ආදරේ…
නොලියූ කවියකි පද ලිහී…

හිත දිගේ කිතිකැවුනු
පෙම් පැතුම් යලි මැවුනු
මුමුණා අමුනා හීන දෙහිතේ
අප සෙවූ ආදරේ…
නොපිපී කුසුමකි පෙති සැලී….

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

දැනුනු ආදරේ | Danunu Adare by Sanjula Himala ft Kaizer Kaiz [2021]

ආදරේ හීනයක් සැබෑ උනත් නැතත්
දවස ගානේ ගලනවා පොදි බැදන්
නුඹව මට මහ මෙරක්
අයිති වූවත් නැතත්
මගේ හිනේ ඔබමයි දකින්නේ මැරෙනකන්

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
මා හද කැලබූ ආදරේ

ලියන්න ලියන්න උඹ ආයේ මැකුවා
හිත හැදෙන්න හැදෙන්න උඹ ආයේ කැඩුවා
මං එල්ලෙන්න එල්ලෙන්න උඹ මාව හැලුවා
ඒත් මේ කාලකන්නියට උඹ නැතුවමත් බැරුවා

ගැලපුවේ ගැලපෙන්නැති හදහනක්
දැණ් හදවත තනිකර මලගමක්
යන්නත් කලින් එක මැරිලා දින හතක්
උඹ ආයෙත් එනවා පොරවගෙන හමක්

කොච්චර දැගලුවත් නවත්තන්න
මේ ප්‍රේතයා ආසම කටක් කන්න

මියෙන හදට පොඩි පනක් ගන්න
ගිහින් උනේ උඹේ ආදරේ මැරුම් කන්න
ඇයි ඇයි රිද්දන්න ආස
විදිනවා බලං ඉද්දී මං නුඹේ පහස

එලිකරපං කෙල්ලේ ඒ රහස
වචනෙකින් දුකයි සතුටයි දෙකම දෙන රහස

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ