in Sanjula Himala, Sewwandi Wickramasinghe

පාට හීනේ | Paata Heene by Sanjula Himala [2020]

සද නැති අහසේ
පාළු රැයේ
ඔබ මා හමුවූ ඒ දවසේ
එක හිත දෙතැනක නතර වුනේ
මට නම් නෑ ඔබ දැනුනේ

ඒ පාලූ හෝරා නෑ අපගේ වූයේ
ලගපාතකින් වත් නෑ සෙනෙහේ දැනුනේ
නෑබුල් සිහිනේ රස නෑ දැනුනේ
නුබේ පාට හීනේ නෑ පාට වූයේ

කී සේම වෙනසක් නෑ
නුඹ නුඹ වූයේ
නෙක පාට තවරා නෑ නුඹගේ ආලේ
මතකයට තව ඉඩක් නොමැකෙයි වගේ
එක් නොවන ප්‍රේමයත් ප්‍රේමෙකි ලෝකේ

අවරට පිපුනාදෝ
පෙම් මල හදිසියේ
පෙම් වැස්සේ පින්නක්
ලග පාතින් වැටුනේ
නොනිමෙන්න හිත අස්සේ
ආශා නුබගේ
එක් නොවන ප්‍රේමයත් සොදුරුයි වාගේ

ඒ පාලූ හෝරා නෑ අපගේ වූයේ
ලගපාතකින් වත් නෑ සෙනෙහේ දැනුනේ
නෑබුල් සිහිනේ රස නෑ දැනුනේ
නුබේ පාට හීනේ නෑ පාට වූයේ

Written by Sewwandi Wickramasinghe

banner

Leave a Reply