යකඩ හීන | Yakada Heena by Sanjula Himala ft. Zany & Kaizer

Sinhala song lyrics with music notes illustration

හද ගැස්මක වාරේ
ගිනිගත්තුවා වාගේ
හදවත් හොරු පාරේ
වැදපන් විදපන් පියඹං හිමි කාලෙම

ගින්දරෙන් උපන්නේ
ඇවිලෙද්දී සීමාවක් නෑ කොහොමත් ම
ඇස්පිය ගහන වේගෙන් ගමන
සුන්දර නෑ හැම මොහොතක් ම
පාගල යද්දී පාරේ විදුලී වේගෙන්
මොන ලයිසන් ද
වේගය ක්‍රිස්ටල්
වන්ඩිය බ්‍රේකින් පෑඩ්
මම හයිසන්බර්ග්

නවත්තන්න බෑ ඉලක්කෙට ගානට හීය
තප්පර දෙකට රෝදේ කැරකෙන වාර ගාන 300
වීල් එක නතිං රේස් වතුර වාගේ
සීයට දාහක් සොමිය
කෑවට දන්නෙත් නෑ ඩෝ කිරි
පස්සේලු දන්නේ දැලි පිහිය

බලපු වාසනාව උරගා මම හීන නැති තුරගා
ගමන වගේ සුලි සුලගක්
දාවන වේගේ ඕනම දුරකත්
මන්තර නෑ මේවා මෙල්ල කරන ජාතියේ
මේ යකඩ හීන විශ්වයේ
මං අවසන් උපාධියේ

හිත ගැස්සෙන වේගේ
රලු වැලි ගුරු පාරේ
මේකයි ලේ ආරේ
රැක දේ පන සේ දෙවියන්ගේ නාමෙට

හද ගැස්මක වාරේ
ගිනිගත්තුවා වාගේ
හදවත් හොරු පාරේ
වැදපන් විදපන් පියඹං හිමි කාලෙම

අඩෝ කොල්ලෝ හෙමින් පලයන්
කේසර දැන් වගේ සැරෙන්
9න් පිටවුන උන්ඩය වාගේ
තාමත් එය භායානකයි

ඇත්ත තමයි මගේ රැප්
ටික හරි ලාමකයි
මාසෙන් ගිය දුර යන්න මට ගියේ දවසයි
කවුද බං හිමීට ගියේ ඇගේ තියන් රථ ගාය
ඉතින් මට දැන් ලත වෙන්න තියන් රැප් ගාය
ඒ පෙති වගේ දැන්නම් මටත් බිව්වා රැල්ලට
ප්‍රෙශර් වැඩි උනත් කමක් නෑ පාගපං ලෑල්ලට

එක පෝලිමේ උනත් හිටපං වගේ විල්සන්
තප්පරෙන් දින්නත් පැයෙන් දින්නත්
win is a win people
මගේ රැප් දුර දුවනවා වදන් ලීටරේට
බොරු කරන්න බෑ කොල්ලෝ
ප්‍රේක්ශක මීටරේට

මම පෙරමුනේ බං
ඉදහිට මගේ හිත
බොලා අල්ලන්නේ දවසෙන්
සතියක් මන් විඩා නිව්වා
හැමදාම කෙලින්
හැමදාම හොදටම බිව්වා
මගේ වේගේ අඩු වෙන්නෑ
මොකා මොනවා කිව්වත්

හිත ගැස්සේන වේගේ
රලු වැලි ගුරු පාරේ
මේකයි ලේ ආරේ
රැක දේ පන සේ දෙවියන්ගේ නාමෙට

හද ගැස්මක වාරේ
ගිනිගත්තුවා වාගේ
හදවත් හොරු පාරේ
වැදපන් විදපන් පියඹං හිමි කාලෙම

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply