ප්‍රේමාලෝකේ | Premaloke by Dinesh Gamage x Devashrie [2025]

ප්‍රේමාලෝකේ පායා ඒවී මාගේ සුදා

චන්ද්‍රා මිදුලේ පායා

රගමුනි තැල්ලේ කැදලි තනා

ප්‍රේම විනෝදේ පා

ඔබේ රූපේ මැවී මැවි පේනා

සදා සුව ගේනා

ඕජාති මට ඕනා

ප්‍රෙම් ලෝකේ ප්‍රමෝදේ වීලා

අලේ කිරුලේ ගේනා

ඕ රාජිනී ඔබේ මා

රැකුනා මා පිපීලා

ගගුලේ කිමිදීලා

ලංවීල ලංවීලා

හිදිමු ගත සිත සනසා

ප්‍රේමාලෝකේ පායා ඒවී මාගේ සුදා…

හොදට ජලේ

පිරුනු කලේ වගේ මට

ඔබේ ආලේ මට විතරක් නොදෙනු අනේ

මැදුරේ මගේ රැජින වගේ හිද

රනින් මාල මට කුමටද පනේ

ඔබේ රූපේ මැවී මැවි පේනා…

ප්‍රෙම් ලෝකේ ප්‍රමෝදේ වීලා…

රැකුනා මා පිපීලා…

ප්‍රේමාලෝකේ පායා ඒවී මාගේ සුදා…//

written by Nisal Gamage

සිතුවිලි යහනේ | Sithuwili Yahane by Devashrie de Silva [2019]

සිතුවිලි යහනේ නොනිදන සිහිනේ
පැටැළුණු රැහැනේ තනිවෙමි දැහැනේ
ඒ අඳුරු මායාව සංතාප සේයාව
සන්තානයේ වෙළුනේ
මා සොයනු කෙසේ
මග සොයමී මෙසේ

රෑ මඟහරිමි හෝරා
මා මතකය ම පාරා
විලාපය නඟනා වේදනා
නින්නාදයේම සැඟවුණා
අත්තටු බිඳුනම ලස්සන කුමටද ආකාසේ

රෑ මඟහරිමි හෝරා
මා මතකය ම පාරා
විලාපය නඟනා වේදනා
නින්නාදයේම සැඟවුණා
අත්තටු බිඳුනම ලස්සන කුමටද ආකාසේ

ඒ සෙවනැලි ඡායා
පෑ විඩාපත් මායා
යදම් බිඳ දමනා චේතනා
ද්වාරය වේමැයි සැමදා
අත්තටු බිඳුනම ලස්සන කුමටද ආකාසේ

ඒ සෙවනැලි ඡායා
පෑ විඩාපත් මායා
යදම් බිඳ දමනා චේතනා
ද්වාරය වේමැයි සැමදා
අත්තටු බිඳුනම ලස්සන කුමටද ආකාසේ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here