මා අමතක වී | Maa Amathaka Wee by Chamara Weerasinghe

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුලේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු කියයි නුඹ තනි යහනේ

මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුනිනම් නුඹ මා තුරුලේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැඳී තියේවිද හෙට දවසේ

මා අමතක වී යාවී //

chamara weerasinghe song,chamara weerasinghe songs,chamara weerasinghe,chamara weerasinghe song collection,chamara weerasinghe songs collection,chamara weerasinha,chamara songs,old sinhala songs,sinhala old songs,sinhala songs,#sinhala_new_song,parani sindu,old sinhala songs collection,#old_sinhala_songs,sinhala sindu,#parana_sindu,#sinhala_songs,beautiful songs,best sinhala old songs collection,sinhala old songs collection,sinhala song collection

සිතින් විතරක් | Sithin Witarak (Mashup) by Chamara Weerasinghe

රන්තාලිය වැව ලඟ
උන් කාලය මතකද
අතීත මතක අරන්
නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින
ඇත් කඳ ළිහිනි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත් කඳ ළිහිනි රෑන

නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව

ඇත් කඳ වෙහෙර මලුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත් කඳ වෙහෙර මලුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්

සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ
යනවිට වරලස විහිදාලා
හදවත අස්සේ සිතිවිලි ගැස්සේ
කොහොමද ඉන්නේ ඉවසාලා

බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී

සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන ඹබරුන් ආවා
අප සඳ වතුරෙන් නාවා
රාත්‍රිය මෙලෙසම පවතීවා

සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී
ඔබගේ සුසුම් වලින් උණුස්ම්
මහදේ කුසුම් පිපේ මනරම්

සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී

ගමට වැඩ ඇති | Gamata Wada Athi by Chamara Weerasinghe

ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ

කල් ගෙවා එන පෝය පුරසඳ දියෙන් නැහැවෙන්න
සදාකල් පින් පුරා පව් හැර නිවන් පුර යන්න
ගමත් හදලා බණත් කියලා ගමේ වැඩ ඉන්න
දුගී දුප්පත් හිමිවරුන් බලාවත් යන්න

නැව් නැගී එන කාසි මහ කඳු වලින් වැඩගන්න
මහා පන්සල් මහා කප්රුක් ටිකක් සොලවන්න
කිසිත් නොලබා තැවුල් ඉවසා ගමේ තව ඉන්න
දුගී දුප්පත් මිනිස්සුන්ටත් ඉනාවක් දෙන්න

ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ

ගෙදර බුදුන් | Gedara Budun by Chamara Weerasinghe

ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැකගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න

දිවා රැයේ සොයා බැලූ අප ගැන කරුණු
අනාගතය ගැන කියලා දුන් මහා ලකුණු
දොළොස් මහේ පහන වගේ දැල් වී නිවුණු
ඔබ සිහි වී හැඬුවා හිත වාවනු බැරි

ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැකගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න

කවා පොවා හදා වඩා දුක සැප විමසූ
දයාබරව හිස අත ගෑ හිතකින් කුළුණු
සොහොන් කොතේ නිදනකුගේ සුවඳේ රැඳුණු
ඔබ සිහි වී හැඬුවා හිත වාවනු බැරි

ගෙදර බුදුන් කියලා ඔබේ දෙපා වඳින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැකගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න

ගැටබරු කන්දේ | Gatabaru Kande by Chamara Weerasinghe

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

පූජා වටිටිය හදන්න උදව් වුණා බැහැ නොකියා
මගේ ළඟින් වාඩි වෙලා හිනා වුණා බාලලියා…
ඇයත් මගෙ ළඟ හිටියා ඔබත් බලාගෙන හිටියා
මුකුත් හිතාගන්න බැරුව මමත් උමතු වූ සැටියා…..

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල වුණා බෝවිටියා….
මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල වුණා බෝවිටියා….
සංසාරේ පෙරුම් පිරූ රූපය හදවතේ තියා
නම ගමවත් කියන් නැතුව යන්න ගියා ඒ ළමයා……

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

ගැල් පදවන්නේ | Gal Padawanne by Chamara Weerasinghe

ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල පදවන්නේ නිල් මල් පලසේ
විල්දිය මතින් නොවේ
විල්දිය මතින් නොවේ

අකුරු ඇද වී ගමේ ඉස්කෝලේ
ප්‍රේමයේ රිය සක දෙකඩවී
ලෝනිවූ තුරුලේ
නොපෑදෙන මල් පිපුනි…
නොපෑදෙන මල් පිපුනි…

ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල පදවන්නේ නිල් මල් පලසේ
විල්දිය මතින් නොවේ
විල්දිය මතින් නොවේ

සිහින බොඳ වී පැලේ හිටි හැටියේ
ජීවිතේ පියාපත් ඉරි
සිහින වැවු ඉවුරේ
නොගලනා දිය පිරුනි…
නොගලනා දිය පිරුනි…

ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල පදවන්නේ නිල් මල් පලසේ
විල්දිය මතින් නොවේ
විල්දිය මතින් නොවේ

ගුරුගෙදරට | Guru Gedarata by Chamara Weerasinghe

ගුරුගෙදරට හැමදා එන මවුපියො අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ

උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ
හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ
පියෙකුගේ රූපයක්‌ නැතත් දැකපු ජීවිතේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ

ගුරුගෙදරට හැමදා එන මවුපියො අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ

මගේ වයසෙ අපේ එවුන් මගේ පන්තියේ
අවජාතක නමකින් මට නම් පට බැන්දේ
හරියට තේරුමක්‌ නැතත් කියපු කාරනේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ

ගුරුගෙදරට හැමදා එන මවුපියො අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ

කන්ද උඩින් | Kanda Udin by Chamara Weerasinghe

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයේ නෑනි
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයේ නෑනි….

නෑනිට බැඳ දුන් වැට වියනා
කදිරංවැල්ලේ බැඳි වියනා….
නෑනිට බැඳ දුන් වැට වියනා
කදිරංවැල්ලේ බැඳි වියනා….
උදේ හවා මං මතුරඤ්ඤං
නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං….
උදේ හවා මං මතුරඤ්ඤං
නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං….

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයේ නෑනි
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයේ නෑනි….

බොල්ලන් වාසේම අදින්නේ
සෙල්ලම් බෙර පද ගඤ්ඤචංනේ….
බොල්ලන් වාසේම අදින්නේ
සෙල්ලම් බෙර පද ගඤ්ඤචංනේ….
අඟර දඟර නැටුම් පාන්නේ
නෑනි මයේ පණ හින්දානේ……

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයේ නෑනි
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයේ නෑනි….

කවදාවත් ඔබ | Kawadawath Oba Magen by Chamara Weerasinghe

කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා තනිවුනා

කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා තනිවුනා

තව දවසක් හමුවෙනවා නම් ඔය ඇස් මට ආයේ
හිත දවනා සුසුමක් ගානේ කියන්න තිබුනා දුක මාගේ
ඔයාටමයි ආදරේ ඔයාටමයි මං ආදරේ

කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා තනිවුනා

මතකය ඔබේ සිහිවෙන වාරේ තනිවී හැඩුවා ආයේ
මේ ලෙස වෙන්වීලා ඉන්නේ කොහොම රත්තරන් මාගේ
ඔයාටමයි ආදරේ ඔයාටමයි මං ආදරේ

කවදාවත් ඔබ මගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා තනිවුනා

කුමුදු ලියේ | Kumudu Liye by Chamara Weerasinghe

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා

ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ

ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා

නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ
පාළු අඳුර මකා දමා රන් තරුවේ
පායා එන්න හද මැදුරට ඔබ මාගේ

නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ
පාළු අඳුර මකා දමා රන් තරුවේ
පායා එන්න හද මැදුරට ඔබ මාගේ

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා