ආලකම් ලියා | Aalakam Liya by Ramidu & Dilu Beats [2025]

තරුවක පාවෙලා ද යාවුනේ කියන්න ඈත
මිදුනම මා කෙරෙන් ඒ හාදකම් දැනේද කෝම
දැනුනේ පමාවෙලා ද ආදරේ නුඹෙන් ලැබූව
අහසම පාලුවී ගිහින් මා අන්ධකාරේ බෝම

මේ මාවතෙන් එහා
හමුවේවිදැයි කියා
ඉඟියක් නොලත් හිතින් දරාන තාම ඉමි බලා
සංසාරයේ පුරා
ඔය රූ හිතේ තියා
මතු භවෙක හෝ තියාන යමි මේ ආලකම් ලියා..

මතක ළඟ තියාන මං විඳිමී නුඹේ සිනා
පෙරදාක ඒ හිනාව කෝම මඟ හැරීද මා
තනිය නොදැනුනා නුඹ ළඟින්ම වුන් නිසා
කවදාක ඒද තනියට තනිකම මකන්න මා

මේ මාවතෙන් එහා…

written by Umera Pathirana

sailor song lyrics,lyrics,gigi perez lyrics,sailor song gigi perez lyrics,sailor song lyrics gigi perez,gigi perez sailor song lyrics,die with a smile lyrics,lyrics gigi perez,lyrics sailor song,gigi perez lyrics sailor song,music,sailor song,lady gaga die with a smile lyrics,sailor song gigi perez,bruno mars die with a smile lyrics,lyrics die with a smile,lyrics sailor song gigi perez,lyrics gigi perez sailor song,lady gaga bruno mars die with a smile lyrics

ලැබුනෝතින් වරම් | Labunothin Waram by Shanuka Ekanayake

ඈත දුර කාලෙන් එහා
දෑස බොඳ කරනා කතා
තාම ඉඳහිට කියවමි මෙමා
හීන වන් මතකේ පුරා
පාරවයි හිත රෑ දිවා
තාම මේ හිත අවතැන් වෙලා
දෑසම රිදවා මා
ආ දුරත් මැකිලා
මේ හිත තවමත් හිඳී බලා

ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

රෑක තනියම නැවතිලා
මතක ළඟ නුඹෙ රුව සොයා
පාලුවෙම මම සක්මන් කළා
ආයේ නුඹ නොයෙනා නියා
තේරුනත් තිත නෑ තියා
ආදරය තව ඇති ලිය ලියා
හීන බිඳදමලා මා
ආ නමුත් හැරදා
තාම හිත බැඳිලා මිදී නොයා

ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

written by Umera Pathirana

හිමි නැති ආදරේක | Himi Nathi Adareka by Raveen Tharuka [2024]

මංමාවත් පාලුවේ ගිලිලා
නුඹ මා නැවතූ
තනිකම රිදවාන යළි දැනුනා
සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා
නොම ඒවි සැනසූ
නිල් නෙතු නොගැටේවි යළි කිසිදා

නොදකින වාරේ පාසා 
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා 
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා

හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා

හදක බැඳුනාම ආලේ
යන්න හැකිවේද ආයේ
නොදැනුණා සේ හදින් මකා දමා
මතක පුරවාපු කාලේ
එන්නේ නැතිවේද මාගේ
කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා

වියැකිලා හීන කඳුලේම ගිලිලා
මියැදිලා ආදරේ මගෙ හිතින් මා

නොදකින වාරේ පාසා…

හිමි නැති ආදරේක හීලෑ නැතුව මා…

written by Umera pathirana

හීන දුන්නු ආදරී | Heena Dunna Adaree by Ramidu [2023]

සඳ නේන රෑ මේ තනියෙන් ඇයි තරු වැල් කියන්
නුඹ නේන මඟ මා තනියෙන් ඇයි තව මඟ බලන්
ගිලීහීම රිසි නම් කිම වෙලුනේ අතැඟිලි හොරෙන්
කඳු පාර ළඟ තනිවම මැකුවා තනිකම හිතින්

මට හීන දුන්නු ආදරියේ
නොකියාම යන්න ඇයි බැඳුනේ
හැම රෑම ඇවිලුනා හිත මේ
ඇයි ලංවුයේ
බිඳුනාම හීන ආදරියේ
නොදැනීම බරවුනා නෙතු මේ
හිමිවීම අහිමි නම් ලඳුනේ
කිම හමුවුයේ

පපුතුර වෙලෙන්නේ කිම පවසපන්
නුඹෙ මතක ගානේ හද පාරවන්
හිමි නොවුනු තැන මා නැවතී හිතින්
නොදොඩාම ඉන්නම් හිමි වු ලෙසින්

මට හීන දුන්නු…

Written by Umera Pathirana

රිදුමන් | Riduman by Mihiran [2023]

මං ගාව ආයේ ආල කම් නෑ ආල කන්‍යාවේ
හංගාන රිදුමන් මැවු හිනාවෙන් නුඹව සැනසූවේ
දෑස පාරන වේදනා කිම ඔය ළමැද පැතුවේ
ආයෙ දවසක අපිම අප හැර යනෙන පෙම් පාරේ

ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලංවේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්‍යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී

වෙන්ව යන ඉම මා දෑස මානෙම වේ
තෙමෙන උරහිස මේ නුඹට වාරුව වේ
රිදෙන රිදවන වේදනාවන් හමුවේ
කෙලෙසකද බැඳුනේ ආල කන්‍යාවේ
අපිට අපි හිමි නැති මඟේ කෙළවර ද හැඳිනූයේ
නුඹව අත හැර යනෙන බැව් දැන කිම ද තව ළං වූයේ

ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලංවේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්‍යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී

ඉඳුරාවී ඈත ඉඟි දේවි
ලංවේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී

Written by Umera Pathirana