හීන දුන්නු ආදරී | Heena Dunna Adaree by Ramidu [2023]

Sinhala song lyrics with music notes illustration

සඳ නේන රෑ මේ තනියෙන් ඇයි තරු වැල් කියන්
නුඹ නේන මඟ මා තනියෙන් ඇයි තව මඟ බලන්
ගිලීහීම රිසි නම් කිම වෙලුනේ අතැඟිලි හොරෙන්
කඳු පාර ළඟ තනිවම මැකුවා තනිකම හිතින්

මට හීන දුන්නු ආදරියේ
නොකියාම යන්න ඇයි බැඳුනේ
හැම රෑම ඇවිලුනා හිත මේ
ඇයි ලංවුයේ
බිඳුනාම හීන ආදරියේ
නොදැනීම බරවුනා නෙතු මේ
හිමිවීම අහිමි නම් ලඳුනේ
කිම හමුවුයේ

පපුතුර වෙලෙන්නේ කිම පවසපන්
නුඹෙ මතක ගානේ හද පාරවන්
හිමි නොවුනු තැන මා නැවතී හිතින්
නොදොඩාම ඉන්නම් හිමි වු ලෙසින්

මට හීන දුන්නු…

Written by Umera Pathirana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply