ප්‍රේමෙට සීමාවක් | Premayata Seemawak Nane by Madhavee A

දෑසේ හී සරේ නැවතිලා හීං සැරේ
උමතුයි අමුතුයි මේ ප්‍රේමේ
කතරේ දිය දෙතොලක් වාගේ
ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ

අත්දෙක අල්ලාගෙන ඇස් බැන්දුම් පානා
හදවත ඉල්ලාගෙන මායම් දැල් මානා
මඟහැර යන්නට බෑ වශී වෙවී ආවා
මගෙ ජීවිතේ ම දැන් ප්‍රේමෙන් මත්වීලා

ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ

ලෝකේ රළු දෑසින් මුදු ලෙස මා හංගා
පපුවේ උණුහුම දී සීතල දුක් නිව්වා
ශෝකේ නීරස තැන් වෙනුවට රස හෙව්වා
ආලේ කතන්දරේ අපි අලුතින් ලිව්වා

ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ

written by Kasun Mahendra Heenatigala

අපි තමයි අපිව දන්නේ | Api Thamai Apiwa Danne by Madhavee Anthony

හිත යට මතක පොතේ
පිටු මත සිහින පිරේ
ඉඳුවර දෑසින් මට පෑව මෝහනේ
මේ දුර සංචාරේ සීතල සංසාරේ
උණුසුම නුඹගේ පිංසාර ආදරේ
හිරු ළඟ විකසිත වූ සඳමල මම නේදෝ
එනවිට දෑත විදා සොයා ජීවිතේ
දෙතොලින් හුස්ම උරා
කඳුලැලි පිසින නුරා
හසරැලි වස්සානේ නුඹමයි මාගේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

මලකට නටුව අගේ
සඳකට අහස වගේ
ඔය අත අල්ලාගනු ආසයි සොඳුරේ
උරහිස සවිය මගේ
හිස සිඹ නිරන්තරේ
කවියකි ජීවිතයම නුඹ එහි තාලේ
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ
එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ

ආදරේ ඕනෑකෙරේ | Adare Onakere by Madhavee Anthony ft. Raj [2021]

සීත මිහිදුම්
සේල උනුසුම් ස්වේත සලු දැහැනේ
සීන සුරතල් යහන්තලා නෑනේ

පාට පෙතිමල් දෑත විහිදන් සුරංගනා රෑනේ
නාද වෑහෙන ගුවන්තලා නෑනේ

දූලු වැගිරෙන
පාරේ එහාකොන
ආදරේ හොයනා

සල්පිල් වල වේදනා නෑ
මල්වැල් ඇත මූනු මානේ
සන්සුන් නැත පේන මානේ
හිනැහෙන්නෑ

කල් යල් බලමින් සිටින්නේ
මල් මල් පොඩි පුංචි උන්නේ
අත්වැල් බදමින් පිරේ හද සන්තානේ

මිහිරට කවි ගී ඇසෙන්නේ
කඩදහි මල් එය අදුරන්නේ
සුවය විතරයි ආදරේ දන්නේ

ගමවට කර මල් පීදෙන්නේ
නගරෙට නැත සුවද දැනෙන්නේ
දුකම විතරයි තියෙන්නේ

එන්න මා හා
යන්න පීරා
ආදරේ ඕනෑකෙරේ

සල්පිල් වල වේදනා නෑ
මල්වැල් ඇත මූනු මානේ
සන්සුන් නැත පේන මානේ
හිනැහෙන්නෑ

කල් යල් බලමින් සිටින්නේ
මල් මල් පොඩි පුංචි උන්නේ
අත්වැල් බදමින් පිරේ හද සන්තානේ

කදුලට කම්මුල් හෑරෙන්නේ
කන්තල ලග අකුනු ගහන්නේ
දුගද විතරයි මාරුතේ වෙන්නේ

ඉස්කෝලෙට නෑ අපි යන්නේ
හොද නරකෙට පාඩම් දෙන්නේ
වරද විතරයි ඒ තියෙන්නේ

එන්න මා හා
යන්න පීරා
ආදරේ ඕනෑකෙරේ

සල්පිල් වල වේදනා නෑ
මල්වැල් ඇත මූනු මානේ
සන්සුන් නැත පේන මානේ
හිනැහෙන්නෑ

කල් යල් බලමින් සිටින්නේ
මල් මල් පොඩි පුංචි උන්නේ
අත්වැල් බදමින් පිරේ හද සන්තානේ

සීත මිහිදුම්
සේල උනුසුම් ස්වේත සලු දැහැනේ
සීන සුරතල් යහන්තලා නෑනේ

පාට පෙතිමල් දෑත විහිදන් සුරංගනා රෑනේ
නාද වෑහෙන ගුවන්තලා නෑනේ

දූලු වැගිරෙන
පාරේ එහාකොන
ආදරේ හොයනා

සල්පිල් වල වේදනා නෑ
මල්වැල් ඇත මූනු මානේ
සන්සුන් නැත පේන මානේ
හිනැහෙන්නෑ

කල් යල් බලමින් සිටින්නේ
මල් මල් පොඩි පුංචි උන්නේ
අත්වැල් බදමින් පිරේ හද සන්තානේ