සීමා මායිම් කඩා | Seema Maayim Kadaa by WAYO x DADDY

මේ යන ගමනේ
නැවතුම කොතැනා
නොදනිමූ සදා
කොහේදෝ කියා

එක හුස්මක යා වෙලා
හැගුමන් අතුරා
විදිමු ආදරේ
හැම ජීවිතේම
ආදරෙන් සතපා තියා
හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

මේ යන ගමනේ
රිදුමන් නිවලා
ලංවෙමූ දරා
සෙනෙහේ උතුරා
අපි කවුරුත් එක් වෙලා
පවසමු හඩගා

බෙදමු ආදරේ
හැම ජීවිතේ මා
ආදරෙන් සතපා තියා

හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

written by Shehan Galahitiyawa

daddysl,daddy,daddyonthetube,daddymusicsl,daddylive,naadro,wayo,sangeeth,transcendence,lanka,aaley,colombo,sangeeth wijesuriya,viresh cooray,sri,chika,music,viresh,perera,chikka,lahiru,signore

රට කරවන්ට නම් Medley | Rata Karawannata Nam Medley by WAYO

රට කරවන්ට නම්
දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්

මව් තුරුලේ පිපෙන මලට
ලංසු තියෙන නොමිනුසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරුවෙලා කාසි වලට
කොළොම් තොටින් නැව්
නැග්ගේ අපේ රටෙ මනුස්සකම

කොලොම් තොටින් නැව්
නැග්ගා අපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට
කොලොම් තොටින් නැව්
නැග්ගා අපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්

සොයන්නේ අපේ ආදරේ | Soyanne Ape Aadare by Kaushan Wijesuriya

නිල් අහසට පායන පුන් සද
තරු නැතුවම වැලපිල අද
ගැලු පිනි කදුලු විසිරී මල් අත
සොයන්නේ අපේ ආදරේ

මල් ගොමුවක වහෙන රොන් සුව
විදගන්නට පියබන බින්ගු කැල
වසන්තය පුර බලමින් දසත
සොයන්නෙ අපේ ආදරේ

ආදරියේ මගේ සැමදා මා හදේ

රැදෙන්නම් කියා කීලෙසේ
සුන්දරියේ මගේ මට හිමි ආදරේ
රකින්නම් කියා දියුරමි

රෑ තුන් යම මැවෙනා පෙම් ලොව

මා තනියෙම කල්පනා ලොව
ලියු පෙම් හසුන් ගායන ගේ නඩ
කියන්නේ අපේ ආදරේ

ආදරියේ මගේ සැමදා මා හදේ

රැදෙන්නම් කියා කීලෙසේ
සුන්දරියේ මගේ මට හිමි ආදරේ
රකින්නම් මගේ දිවි තුරා

රකින්නම් මගේ දිවි තුරා

සංගීත් Medley | Sangeeth Medley by WAYO [2019]

සද හා නැගී
තරුවක් ව ලග ඉන්න
හිරු හා දිලී
සුසුමක් ව දිලිසෙන්න
සිත හා බැදී
මගේ ලෝකේ මට ලංව සැමදාම
සනසන් ලදේ

පින්බර සුදු ලදුනේ
නෑ මා හඩවන්නේ
ලංවී බැදි ආදරෙන්

පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ

දෑස සලා හිත යට කෝල කතා
රූප ශ්‍රියා
මා සිත උමතු කලා

නොඉඳුල් මලේ
සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා
අඟනක්ය ලොව ඉන්න
මනරංජනා
මනමාල හිත ළංව
ඔබ හාම පැතුමන් පිරේ
සුන්දර වත ළංවී
ඒ හා නැළවෙන්නේ
කවදා සඳේ හැංගිලා…

රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්…
දෑත පාමි ආදරේ නමින්…

ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී
ඈ ඉන්නවානම් ළඟ හොඳයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී
ඈ දකිනවානම් හරි අගෙයි
ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑනේ
ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑනේ
ලැබුනෙ නෑ අවසරේ ඔබ ලගින් නෑ මගේ

නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැටකඩළු සීමා මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ නිදහසේ

රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා

මේ රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා
මලින් පිරි වස්න්තයේ උයන් කොනේ පෙමින් වෙලි
තුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේ

රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා

හද විල පිපි මල් සිබිමින් දඟ කල ඈ පෑ සිනා
මිහිරකි සුවයකි ඉඳුරන් මනදොල මා මත් කලා
ආලේ යහන පුරා ඈ කෑන්දාලා
සිහින ගෙඟ් මා නහවාලා ඇය දෝ සිනේ

රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා

Jeena Jane Na (Tere Bina) (Cover) by WAYO [2019]

Hmm.. hmm…Hmm.. hmm…

Dehleez pe mere dil ki
Jo rakhe hain tune kadam
Tere naam pe meri zindagi
Likh di mere humdum

Haan seekha maine jeena jeena
kaise jeena
Haan seekha maine jeena mere humdum
Na seekha kabhi jeena jeena kaise jeena
Na seekha jeena tere bina humdum

Hmm.. hmm…Hmm.. hmm…

Hmm.. hmm…Hmm.. hmm…

Dehleez pe mere dil ki
Jo rakhe hain tune kadam
Tere naam pe meri zindagi
Likh di mere humdum

Tu Jaane Na Aaa
Tu Jaane Na
Tu Jaane Na Aaa
Tu Jaane Na

Sacchi si hain yeh taareefein
Dil se jo maine kari hain

Sacchi si hain yeh taareefein
Dil se jo maine kari hain
Jo tu mila to saji hain
Duniya meri humdum

O aasma mila zameen ko meri
Aadhe aadhe poore hain hum
Tere naam pe meri zindagi
Likh di mere humdum

Kaise Bataaye Kyun Tujhko Chaahe
Yaara Bata Na Paaye
Baatein Dilon Ki Dekho Jo Baaki
Aankhein Tujhe Samjhaaye
Haa
Tu Jaane Na

Tu Jaane Na

Nigaahon Mein Dekho Meri
Jo Hai Bas Gaya
Woh Hai Milata Tumse Hubahu
Oooh Jaane Teri Aankhein Thi Ya
Baatein Thi Wajah
Huye Tum Jo Dil Ki Aarzoo
Tum Paas Hoke Bhi
Tum Aas Hoke Bhi
Ehsaas Hoke Bhi
Apne Nahi Aise Hai
Humko Gile Tumse Na Jaane Kyun
Milon Ke Hai Faasle
Tumse Na Jaane Kyun

Haan seekha maine
Jeena jeena kaise Jeena (Kaise Bataaye Kyun Tujhko Chaahe)
Haan seekha maine jeena mere humdum (Yaara Bata Na Paaye)
Na seekha kabhi
Jeena jeena kaise Jeena (Baatein Dilon Ki Dekho Jo Baaki)
Na seekha jeena tere bina humdum (Aankhein Tujhe Samjhaaye)

Tu Jaane Na Aaa
Tu Jaane Na
Tu Jaane Na Aaa
Tu Jaane Na (tere bina humdum)
Tu Jaane Na Aaa

Samjhawan (Cover) by WAYO [2021]

Nahi jeena tere baaju
Nahi jeena, nahi jeena
Nahi jeena tere baaju
Nahi jeena, nahi jeena
(tere baaju: without you)

Main tenu samjhawan ki
Na tere bina lagda jee
Main tenu samjhawan ki
Na tere bina lagda jee
Tu ki jaane pyaar mera
Main karoon intezar tera
Tu dil tui-yon jaan meri

Main tenu samjhava ki
Na tere bina lagda jee
Tu ki jaane pyaar mera
Main karoon intezar tera
Tu dil tui yon jaan meri
Main tenu samjhawa ki
Na tere bina lagda jee

Mere dil ne chun laiyaa ne
Tere dil diyaan raahan
Tu jo mere naal tu rehta
Turpe meriyaan saaha
Jeena mera.. hoye
Hun hai tera, ki main karaan
Tu kar aitbaar mera
Main karoon intezar tera
Tu dil tui-yon jaan meri
Main tenu samjhawan kee
Na tere bina lagda jee

Ve changa nahion keeta beeba
Ve changa nahion keeta beeba
Dil mera tod ke
Ve bada pachhtaiyaan akhaan
Ve bada pachhtaiyaan akhaan
Naal tere jod ke

Tenu chadd ke kitthe jawan
Tu mera parchhanvaa
Tere mukhde vich hi main taan
Rab nu apne pawaan
Meri duaa.. haaye
Sajda tera kardi sadaa
Tu sun iqraar mera
Main karoon intezar tera
Tu dil tui-yon jaan meri

Main tainu samjhawan ki
Na tere bina lagda jee

මලක් නිදි මල් ගොඩක් මැද | Malak Nidi Mal Godak Meda by WAYO

බලන් ඒ කිරි සිනා සඳ
නිදන් සඳ උනුහුමේ වැද
නගන් නින්දෙත් සිනා මද
මලක් නිදි මල් ගොඩක් මැද

සුසුම් ගොළු රස මිහිරි නද
උතුර ගලනා සෙනෙහෙ කඳ
තුරුල් දම් මව් සෙනෙහෙ ලද
මලක් නිදි මල් ගොඩක් මැද

අපූරුව හැඩ මවන ලෙද
තවත් සැපතක් ලොවේ වෙද
මුවින් කොපුලින් තොලින් තෙද
මලක් නිදි මල් ගොඩක් මැද

දෙතන රූරා සුවඳ බිඳ
හැරුනු ලේ කිරි රසේ විඳ
සොඳුරු මල් ගොමු තුරුලෙ හිඳ
මලක් නිදි මල් ගොඩක් මැද

හඳ අල්ලන්න ආස ගමන | Handa Allanna Aasa Gamana by Wayo [2020]

කදුලු තිබුනාද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ

වතුර හෙව්වාද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

පුරන් වූ දාක ආදරේ
පුරන් වූවාද ජීවිතේ

පහස දැනුනාම තනිකමේ
දෙබස් ඇහුනාද හදවතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

සතුට හෙව්වාට දස අතේ
කදුලු ආවාද හිතුමතේ

නොමැති වූ දාක කැමති දේ
අදුර ගත්තා ද හිත අපේ

අපි ආගිය පාරේ
එනවද නෑ පේන මානේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

අගටන්නා | Agatanna by WAYO Brick House Sessions [November 2019]

දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා…
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා…

අගටන්නා‍…
මම සිංදු කඩේ මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු තලමල සේමා
නුඹෙ රුවට මගේ හිත හරි බෝමා…
අගටන්නා…..

වන්නකුවා ඇවිත් නුඹව
සහේට ගන්නට හැදුවොත්
කොහොම ඉඳින්නද විස්සෝපෙන්..
මං කරකාර බඳින්නට මනාපයෙන්
අබ්බඩාට ගිහිං කියාපන්..
උඹ අබ්බඩාට ගිහිං කියාපන්..
අගටන්නා….

රට කාංචි පුරම් යස සාරි ගවුම්
සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම්
ඔය හීන කුලෙන් මට නම් පළ නෑ
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
අගටන්නා..

 

පෘතුගීසිකාරයා (Cover) | Pruthugeesi Karaya (Cover) by WAYO [2019]

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ

කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ

පැතිරේ විනෝද මිහිරේ පැතිරේ විනෝද මිහිරේ
විනෝද මිහිරේ

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ

බයිනෙත්තුයි හරවන්නේ බයිනෙත්තුයි හරවන්නේ
විනෝද මිහිරේ

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු

කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු

යුද්දෙට හරිම හපන්නු යුද්දෙට හරිම හපන්නු
විනෝද මිහිරේ

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා