මා ඉතින් | Ma Ithin Ynna Yanawa by Sunil Edirisinghe

මා ඉතින් යන්න යනවා.
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

නුඹ සදක් වෙලා පායා
මට එළිය වූ වගයි
නුඹ සදක් සේම බැසයයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

සද එළිය අයිති ලොවටයි
සද අ‍යිති අහසටයි
පිණි කදුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි

written by Rathna Sri Wijesinghe

සිරස බිම වැටුණා | Sirasa Bima Vatuna by Sanjeew Lonliyes

පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා

පාබැඳුනු යදමට වැඳවැටෙන
පා විලංගුව පින්තාරු කළ
සිත්තරෙක් හිටියා
ඒ සිත්තරා මැරුණා
විලංගුව බිඳුණා

සිරස යයි කී මැටි ගොඩක් උඩ
සදාකාලික ඔටුන්නක් විය
රන් රුවන් ගවසා.
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා

පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා

පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා

written by Rathna Sri Wijesinghe

sanjeewlonliyes,#sanjeewlonliyes,sanjeewalonliyes,sanjeevlonliyes,sanjeevlonliyas,#sanjeevlonliyes,sanjeevloniyas,sanjeewnewsong,#sanjeewnewsong,#sanjeevnewsongs,sanjeev,#sanjeev,newsinhalasong,srilankanartists,religiousthinkingsong,rathnasriwijesingha,religiousthink,rathnasrisongs,thinking,malmavathekemitikamarketingkala,religious,paharadenawewalarathnasri,#kanyaviya,paharadenawewalata,paharadenawewala_rathnasri,#kanyaviyaumbairikandishankala,yakadamanamali,sirasa,#kanyaviyaumbai