ඩේලියා මලින් | Deliya Malin by Kingsley Peiris

ඩේලියා මලින් සුවඳ ගන්න සීතල රටට
‍මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනද
වෙලිලා ති‍යෙන ගහ ‍කොල නිල් පාට වැ‍ටෙන්න
ආදර සඳක් ‍වේවා හදවතට සිඹින්න

තව්තිසා ‍දෙව්‍ලොව ‍දෙව්ලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගේ පෙම්කුමරි වැඩියම
ඔ‍බේ හසුන්පතම සිපගත්තෙමි ඔබ සිතා මම

පහු ‍වෙලා නිදිදුව නිදියන්න බැහැ මට
සඳ ඇවිත් කිය‍දෙනවා ආද‍රේ කවිපද
මට මතක්වුනා අපි හමුවුනු පළ‍නෙති දවස

ඔය ඇස් ‍දෙකට | Oya As Dekata by Kingsley Peiris

ඔය ඇස් ‍දෙකට ‍පෙම් ‍කෙරු‍වෙ මං රත්තරං
නොහැ‍ගෙනා ‍සේ හිඳින්‍‍නේ ‍කෙ‍සේ‍දෝ ඉතිං
දෑත ලබගන්න ‍පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආද‍රෙයි රත්තරං

කඳුලැල් පිරී මා ‍දෙ‍නෙත් ‍බොඳ ‍වෙලා
සුසුමන් නැගේ හදව‍තේ රෑ පුරා
කඳුලැල් පිරී මා ‍දෙ‍නෙත් ‍බොඳ ‍වෙලා
සුසුමන් නැගේ හදව‍තේ රෑ පුරා
‍හෙට දිනේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ
සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ

පැරදී නැ‍තේ මා ‍ලො‍වේ කිසි දිනේ
වැරදී ගි‍යොත් සතුට නෑ ජිවි‍තේ
පැරදී නැ‍තේ මා ‍ලො‍වේ කිසි දිනේ
වැරදී ගි‍යොත් සතුට නෑ ජිවි‍තේ
හෙට දි‍නේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ
‍සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ

බෙල්ලන්විල ‍වෙ‍හෙරට | Bellanwila Weherata by Kingsley Peiris

බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්න
පෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න

කඳුලැලි ඇහැට ඇවිත් එය එතනින් බිමට වැටෙයි
හසරැලි මුවට ඇවිත් මට ඔබ ගැන නිතර හිතෙයි
දුක සැප කො‍හොම වුනත් ‍වෙනසක් නම් ‍නොවී ති‍යේ
ආදර සිත පාමුල ‍සෙ‍නෙහස් මල් නිතර පි‍පෙයි

බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්න
පෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න

වර‍දෙදි සමා ‍වෙන්න ආපසු එය ‍නොකර ඉන්න
සතු‍ටෙදි දරාගන්න එය වැඩිදුර එපා යන්න
සුවඳට තුරුලු ‍වෙලා සුසුම් ‍පොදට ලැගුම් ‍දෙන්න
ඔබ ‍දෙව් දුවක් වෙලා හිත ලඟ ම‍‍ගෙ නතර වෙන්න

බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්න
පෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න