රූකඩ | Rookada by Zany ft. Taizy On da Track [2020]

අසූ අටේ මිනී ගොඩ ගනින්
දැක්කෙ නැති උන්ට මේවා බලාගන්න
දඟලන්නෙ ඉඳිකටු කවාගන්න
එපා ආයේ බටලන්ද පටන් ගන්න
මේවා සෙල්ලම් නෙවෙ අඩෝ දැනගනින්
පොඩි කොල්ලො ගාය මුන්ට මරාගන්න
තොපෙ අයිතිවාසිකම දිනාගන්න කලින්
දැනගනින් මොලේ හදාගන්න
රැවුල කොන්ඩෙ වැව්ව ගමන්
වෙන්නෙ විජේවීර
ෆිදර් වගෙ තොට හිතන්න බෑ
ගොන්නු වගේ මරාගද්දි
රට ගොඩගන්න විසඳුමක් හොයන්න බෑ
පාර මැද්දෙ උපවාස කලා කියල
රටෙ පාලනයට රිද්දන්න බෑ
එක දෙයක් දැනගනින්
අතීතේ මේ රටේ වෙච්ච කැලැල් මකන්න බෑ

පාලනේ කපටි මේ රටෙ
පාලනේ කපටි මවන්නෙ
ජාති භේද හිඟන් කන්න චන්ද
අරුන් කිව්වහරි මේවා වෙන්න කලින්
පෙරනිමිති පෙන්නුවා වටින්ම
යාපනෙ තියෙන්නෙත් එකම
රටේම එකම නීතිය දකුනේ වගේම
බෙදීම කරන්නෙ මේ රටේ පාලනේ
කොල්ලො නෙවෙයිද බන් උන් අපි වගෙම
මේ අපි වගේම
මමනම් නැහෙන්නෙ නෑ එක මත්තෙම
නටවන්නෙ අපිව අපෙ අතෙම
අපි දන්නෙ සීයෙන් දෙකයි රට ගැන
අනූ අටක් හන්ගන් ඉන්නෙ පාලනේ
මේක බිස්නස් එකක් අසූ තුනේ ඉඳන්
මැනික් හෙව්වා ජාති වාදෙ පතලේ

ඉල්ලන්නෙ මනාපෙ අල්ලන්න කනාපේ
ආසයිලු බලන්න ලේ
මේ දෙශපාලනෙ බලේට කෑදරේ
දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපන් උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ

ඉල්ලන්නෙ මනාපෙ අල්ලන්න කනාපේ
ආසයිලු බලන්න ලේ
මේ දෙශපාලනෙ බලේට කෑදරේ
දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපන් උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ

ගෙදර හුරතලේට හැඳුන ගොබ්බ රැල
නවක වද කරන්නෙ පොර වෙන්න
වචනේ ගහන්නෙ මං යටි බඩ කොරවෙන්න
බොලගේ අසහනේ ගානට හොඳවෙන්න
නවක මොල හෝදලා උන්ගෙ විසබීජ හලන්නෙ
රට භීත කරන්නේ ලේ හලලා
බලපන් චීවර කැලේ මරාගන්න දඟලන්නෙ
කිහිලිකරු ගෙදර වැඩි කරලා
බලපන් ආපු දුරක් මට තාම දුකක්
අපි තාම හරක් අපි තාම හරක්
තව වාර දෙකක් තව වාර තුනක්
රට භාර කරමු මොන මඟුල උනත්
උඹ මාව මරන්නෙ රටේ බලවතා
ඉතිම් මොකටද උඹේ ගැන රසකතා
උඹ කියන්නේ ඇමති උඹේ හිතවතා
ඒත් උඹ කන හැටි දන්නවා දිනපතා
අපි ඔලුවෙ කැක්කුමට කොට්ටෙ මාරු කලේ
පට්ට විසඳුමක් දුන්න වගේ
රටේ ප්‍රශ්න නැත්තන් උන්ට වාසිත් නෑ
නිකන් හරියට හිඟන්නට තුවාලේ වගේ
හරි මිනිස්සු යවන්නේ නෑ තෝරලා
තොපි දාසි උන්ගෙ කුනු හෝදලා
මරු යක්ඛ පුතුන් ටික ගල් ගහලා මරන්නේ
හිටියනම් අද ඔය රාවනා
වයිෆයි නෙවේ දීපල්ලා රක්ෂා
කරලා දීපන් මුලින් රට ආරක්ෂා
අටපට්ටමෙ වගේ ලංකාවෙ දකින්නේ
එකම ප්‍රශ්න ටික සතියක් පාසා
මෙයා ටිකයි හොරකන් කලේ
ඒ නිසා මේ පාර චන්දෙට මෙයා හොඳා
පක්ෂේ වෙනස් මුන්ගේ පාට වෙනස්
හැබැයි ඔක්කොම අඳින්නෙ එකම ජොකා

ඉල්ලන්නෙ මනාපෙ අල්ලන්න කනාපේ
ආසයිලු බලන්න ලේ
මේ දෙශපාලනෙ බලේට කෑදරේ
දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපන් උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ

ඉල්ලන්නෙ මනාපෙ අල්ලන්න කනාපේ
ආසයිලු බලන්න ලේ
මේ දෙශපාලනෙ බලේට කෑදරේ
දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපන් උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here