මිනැසියේ | Minasiye by Lasith Dassanayake ft. Tharindu Damsara

ආශාවරියෙන් වයන් සිතාරය
සීතල දෑතින් තත් හඬවා
විළඳ බුමුතුරුණු යාය මතින් නුඹ
පාද තබන් ගී කළඹ ගයා
මදාරා මල් හිස ගවසා
සුවඳ මදාරා හිස ගවසා

පොකුරු පොකුරු පිණි
ළැමට වඩින විට
කෝල වෙයන් ඇසිපිය හෙලලා
රෑන ගිරව් පෙල පාර බලන් ඇති
නුඹේ සඳුන් සුවඳේ එතිලා
මදාරා මල් හිස ගවසා
සුවඳ මදාරා හිස ගවසා

තාල රසේ ඇත
මීන නුවන් වල
පෑව සිනා කැන්
හදේ නිදන් ගැබ
මිනැසියේ ඉතින් මට ඒ ඇති
රෑ දොලොස් පැයේ නිදි නැති
කියඹු වැල් ලිහා හීන අමුණමි

සඳත‍් රහසින් | Sandath Rahasin by Lasith Dassanayke [2019]

සඳත‍් රහසින් හැඬූවා
හිරු අයිති නැති බව කියා
ඔබත් ඉකිබිඳ හැඬූවා
මා නොදැන මගේ වුන නිසා

සිතක් නොදැනිම එක්‌ වෙලා
මටම නොදැනී ලං වෙලා
මේ ජීවිත කතරේ නවාතැනේ
මගේ මුළු ලෝකෙම වෙලා
එදත් අප හමුවෙන්නැති
සඳක්‌ ඔබ මට වෙන්නැති
මගෙත් නොවෙමින් මටත් රහසින්
හදේ කොහෙ හෝ ඉන්නැති

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here