මේ පිරිමි පපුවේ | Me Pirimi Papuwe by Ashan Fernando ft. Dilki

මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසේ අඩි තියා
මහ රෑ තිස්සේ හිරිහැර කළා
මගේ උන්මාද පෙම ඇහැරවා
ඔබෙ සෙවණට වෙලා දිවිතුරා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා

හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුණේ
ජීවිතයම පුදුමාකාරයි හීනයක්ද මේ…

පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ
හැඟුම් කිති කැවුණා නිස්කාරණේ
මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ
නෑ පෙම උපන්නේ සංසාරයේ
පෙරුම් පුරා ළං වෙලා ආත්මයම හැඩ කළා
උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා

හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේ…

written by Dilan Gamage

worship songs with lyrics,christian songs with lyrics,hillsong worship,praise and worship songs with lyrics,gospel songs,non stop,worship songs,christian songs,gospel music,worship songs 2021,worship songs 2022,worship songs 2023,praise u0026 songs,top christian songs 2023 non stop playlist,worship music,praise worship music,praise worship,christian song,christian worship songs,praise and worship songs,praise and worship,praise u0026 worship songs

මම නැතිදාක | Mama Nathidaka by Ashan Fernando [2021]

මගේ නම ඔබට මතකත් නැද්ද – කොහොමද ඔබ මාව අමතක කලේ
කියලා දෙන්න එහෙම කරන්න – ආසයි මට ඉන්න ඉස්සර වගේ
මගේ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි
මම නැතිදාක ඔබ හිනහෙන්න – ආදරේ තියෙනා තැන නතර වෙන්න
මියදුන පෙමක මතකය එක්ක – අද ජිවත් වෙන්න පුලුවන් මට…

බොරපාට ඇස් කදුලින් පිරෙයි පිං පාට නුබ සිහිවෙලා
සුදු රොස මල් පරවි වැටෙයි මගේ ආදරේ විස වෙලා
මගේ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි…

තහනම් උනත් ඔබේ නගරෙට මට ආයෙමත් එන්නට
ඈතින් ඉදන් ඔය රුපය මම බලලා යන්නම් හෙට
මගේ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි…

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

ලස්සන හිතක් | Lassna Hithak by Ashan Fernando [2020]

ලස්සන හිතක් ඇති
ලස්සන රුවක් ඇති
ඔබට මන් ආදරේ කෙරැවෙ
අපරාදේ මේ හැටි
අත් හැරියේ මන්
ඔය අත් දෙකෙන්
ඔබ යන්නට හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි
දෙය නම් ආදරයයි

ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය

ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය

ආදරය දැනෙන තැනක
නතර වීලා ඉන්නවා ඇතී
දැන් ඔබට මාව මතක නැතිවෙලා
ගිහිල්ල නම් ඇතී

සාගරය ගැබුර මතුපිටින්
පේන්නෙ නැතුව නම් ඇතී
ඒ වාගේ මන් දරාන ඉන්න
ගින්න පිටට නොපෙනිනි
අත්හැරියෙ මන් ඔය අත් දෙකෙන්
ඔබ යන්නට හැදුව තැනයි
බලෙන් කවමදාවත්
ලබනු බැරි දෙය නම් ආදරයයි



ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය

ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය

රත්තරන් මේ ඉඩෝරේ
ගෙවිලා යන්න යාවී දවසක
වසන්තය ආයේ එන්නෙ
මේ ඉඩෝරයත් මකා ගෙන

සිදු වෙච්ච හැමදෙයක්ම
පාඩමක් කියා හිතගෙන
ජීවිතේ ඉතුරැ හරිය
මේ අතින්ම ලියනවා මම

අත් හැරියෙ
මන් ඔය අත් දෙකෙන්
යන්නට හැදුව තැනයි
බලෙන් කවමදාවත්
ලබනු බැරි දෙය නම් ආදරයයි

ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු මාව
ආදරය තමයි
මගේ ජීවිතයේ දැන්
තහනම්ම වචනය